වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




දේශීය සිනමාවේ උන්නතිය උදෙසා නිර්දේශ ඉදිරිපත් කිරීමට අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කරන ලද කමිටු වාර්තාව

දේශීය සිනමාවේ උන්නතිය උදෙසා නිර්දේශ ඉදිරිපත් කිරීමට අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කරන ලද කමිටු වාර්තාව

මෙහි උපදේශක මණ්ඩලය ලෙස මහාචාර්ය සරත් විජේසූරිය, ධර්මසිරි බණ්ඩාරනායක, ආචාර්ය සෝමරත්න දිසානායක යන මහත්වරුන් කටයුතු කළහ.

සම්බන්ධීකරණය ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් සනත් වීරසූරිය මහතාගෙනි.

කමිටු සාමාජිකයන් වූයේ සිතේන්ද්‍ර සේනාරත්න මහතා සභාපති - ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව (කමිටු සභාපති), මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා, ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය මහතා , සනත් ගුණතිලක මහතා, එම්. ඩී. මහින්දපාල මහතා, ඉමිතියාස් කාදර් මහතා, ජී. ආර්. පද්මරාජ් මහතා, සුනිල් සිරිවර්ධන මහතා, සුනිල් ටී. ප්‍රනාන්දු මහතා, අසංක එදිරිසිංහ මහතා, චන්දන රූපසිංහ මහතා, බුද්ධි කීර්තිසේන මහතා, එන්. පී. මොහොට්ටිගේ මහතා, පද්මසිරි කොඩිකාර මහතා, බෙනට් රත්නායක මහතා, නිමල් කුලරත්න මහතා, රොහාන් වැලිවිට මහතා, මොහාන් හෙට්ටිආරච්චි මහතා, රෝයි ද සිල්වා මහතා, අශෝක හඳගම මහතා, ඉනෝකා සත්‍යාංගනී මහත්මිය, ධම්මිත් ෆොන්සේකා මහතා, එච්. ඩී. ප්‍රේමසිරි මහතා, අනුර ජසෙන්තුලියන මහතා, බී. ජේ. නසුරුල්ලා මහතා, රොහාන් පින්නදූව මහතා, සුමති ශිවමෝගම් මහත්මිය, නීටා ප්‍රනාන්දු මහත්මිය, දිල්හානි අශෝකමාලා මහත්මිය යන මහත්ම මහත්මීන්ය.

නිරීක්ෂකයන් ලෙස ඒ. බී. දිසානායක මහතා, නිමල් අබේවර්ධන මහතා, පී. එස්. පී. පීරිස් මහතා, තුෂාන් රංගන මීමනගේ මහතා කටයුතු කළහ.

කමිටු වාර්තාකරණ සහාය - කේ. පී. එච්. සමිකා මෙනවිය සංවර්ධන සහකාර - ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව දායක විය.

එක් එක් යුගයන්හිදී දේශීය සිනමා කර්මාන්තය තුළ උද්ගත වී ඇති ගැටලු සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට උත්සාහ ගෙන තිබුණ ද, ඇතැම් ගැටලු උග්‍රවන තත්ත්වයක් මෙන්ම නව ගැටලු නිර්මාණය වන තත්ත්වයක් ද උද්ගත වී ඇත.

සිනමා කර්මාන්තයේ විවිධ පාර්ශ්වයන් විසින් මේ පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කරන ලදුව, සිනමා කර්මාන්තය කෙරෙහි බලපාන පොදු ගැටලු සහ අභියෝග හඳුනාගෙන ඒ සඳහා විසඳුම් ලබාදීමට අදාළව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කර්මාන්තයේ පුළුල් නියෝජනයක් සහිත කමිටුවක් පත් කරන ලදී.

එම කමිටුව විසින් රැස් වී සිදු කරන ලද සාකච්ඡා පදනම් කොටගෙන ද, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් ඉදිරිපත් කළ අදහස් හා යෝජනා කෙරෙහි ද අවධානය යොමු කර, දේශීය සිනමා කර්මාන්තය සම්බන්ධයෙන් හඳුනාගත් පොදු ගැටලු සහ එම ගැටලු නිරාකරණය සඳහා නිර්දේශ අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය සඳහා මෙම වාර්තාවෙන් ඉදිරිපත් කර ඇත.

01. පළාත් පාලන ආයතන විසින් සිනමා ශාලාවලින් විනෝද බදු වශයෙන් විවිධ ප්‍රතිශතයන් අය කිරීම සහ ඒ වෙනුවෙන් කිිසිදු විශේෂ සේවාවක් සිනමා ශාලා වෙත ලබා නොදීම.

පළාත් පාලන ආයතනය විසින් සිනමාහල් වෙතින් විවිධ ප්‍රතිශත වශයෙන් විනෝද බදු අය කරනු ලැබුව ද සිනමා ශාලා සඳහා කිසිදු සේවාවක් ලබා නොදෙන බැවින් එම අය කිරීම සාධාරණ නොවීම.

නිර්දේශය:

දැනට ප්‍රතිශත වශයෙන් අය කරනු ලබන විනෝද බද්ද, සිනමා ශාලා දිනක ආදායමෙන් පහත පරිදි අය කිරීම සඳහා යෝජනා කිරීම.

මහ නගර සභා තුළ ක්‍රියාත්මක සිනමා ශාලාවලින් - රු: 500/-

නගර සභා තුළ ක්‍රියාත්මක සිනමා ශාලාවලින් - රු: 300/-

ප්‍රාදේශීය සභා තුළ ක්‍රියාත්මක සිනමා ශාලාවලින් - රු: 200/-

වගකීම: පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය

02. ප්‍රදර්ශනය සඳහා පෙළගස්වා ඇති චිත්‍රපට

දේශීය චිත්‍රපට 70 ක් පමණ ප්‍රදර්ශනය කිරීමට ඇත. ඉන් චිත්‍රපට 50 ක් පමණ සංස්ථා රිත්මා මණ්ඩලයේ ප්‍රදර්ශනය සඳහා ඉල්ලීම් කර ඇත. මෙම චිත්‍රපට කිසිදු වර්ගීකරණයක් කර නොමැති අතර, මේ චිත්‍රපට බහුතරයක් ප්‍රමිතියකින් තොරව නිෂ්පාදනය කර ඇත.

නිර්දේශය:

දැනට නිෂ්පාදනය කර ඇති එහෙත් කිසිදු ප්‍රදර්ශක මණ්ඩලයක ප්‍රදර්ශනය සඳහා භාර නොගත් චිත්‍රපට නරඹා ඒවායේ කලාත්මක හෝ වාණිජ වටිනාකමක් ඇත්දැයි නිර්දේශ කිරීම සඳහා ත්‍රිපුද්ගල ස්වාධීන කමිටුවක් පත් කිරීම. එසේ කවර හෝ වටිනාකමක් ඇත්නම් ඒවා ප්‍රදර්ශනය සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම.

එම කමිටුව මඟින් ප්‍රතික්ෂේප වූ චිත්‍රපට සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට ත්‍රිපුද්ගල අභියාචනා මණ්ඩලයක් පත් කිරිම.

වගකීම: ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව

03. චිත්‍රපට බෙදා හැරිමේ අක්‍රමවත් ක්‍රමවේදය

දැනට චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේ අනුපිළිවෙළ තීරණය කරනුයේ බෙදා හැරීම් මණ්ඩල 05 නියෝජිතයන්ය. එම තිරණය බොහෝ අවස්ථාවල මතභේදයට තුඩු දී ඇත. එමෙන්ම එම තීරණ සඳහා නිශ්චිත ක්‍රමවේදයක් ද නොමැත.

නිර්දේශයන්:

දැනට ක්‍රියාත්මක මණ්ඩල 05 ට අමතරව, ජාතික චිත්‍රපට සංස්ථාවේ අධීක්ෂණය යටතේ දේශීය චිත්‍රපට බෙදා හැරිම සඳහා වෙනත් පාර්ශ්වයන්ට ද අවස්ථාව ලබාදීම.

දේශීය චිත්‍රපට බෙදා හැරිම සඳහා ඉල්ලුම් කරන පාර්ශ්වයන් සඳහා අවශ්‍ය සුදුසුකම් සහ නිර්ණායකයන් ජාතික චිත්‍රපට සංස්ථාව විසින් නියම කිරීම සහ අනුමැතිය ලබාදීම ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සිදු කිරීම.

එක් එක් මණ්ඩල වෙත අනුයුක්ත කිරීමෙන් තොරව සිනමාශාලා ස්වාධීනව පවත්වාගෙන යාම සඳහා කටයුතු කිරීම.

දේශීය චිත්‍රපට ප්‍රදර්ශනය කරනු ලබන සිනමාශාලා සංඛ්‍යාවෙන් 50% ඉක්මවා ප්‍රදර්ශනය සඳහා මුදාහරිනු ලබන චිත්‍රපටයේ පිටපත් මුදාහැරීම සිදු නොකළ යුතු බවට කොන්දේසි පැනවීම.

චිත්‍රපටය බෙදාහරිනු ලබන සමාගම / බලපත්‍රලාභී බෙදා හරින්නා විසින් තම සමාගමේ / තමන් විසින් ඊළඟ මුදා හැරීම වශයෙන් අවම වශයෙන් චිත්‍රපට 04 ක් පෙළගැස්විය යුතු වීම සහ ඒ පිළිබඳව ජාතික චිත්‍රපට සංස්ථාව දැනුවත් කිරීම යන කොන්දේසි පැනවීම.

උසස් ප්‍රමිතියෙන් යුත් කලාත්මක චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් පහසුකම් සැලසීම සහ ක්‍රමවේදයන් සකස් කිරීම.

වගකීම: ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව

04. චිත්‍රපට ප්‍රදර්ශන ආදායම බෙදීයාමේ ප්‍රතිශතයේ විෂමතාවක් පැවතීම

2002. 09. 18 දින සිට චිත්‍රපට ආදායම බෙදීයාමේ ප්‍රතිශතය පහත පරිදි (වගුව) වේ.

වර්තමානය වන විට චිත්‍රපට නිෂ්පාදනය මෙන්ම ප්‍රදර්ශනය ද ඩිජිටල්කරණය වී ඇත. ඒ අනුව සෙලියුලොයිඩ් මාධ්‍යයෙන් චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේදී බෙදාහැරීමේ මණ්ඩල විසින් සිදු කරනු ලැබූ කාර්යයන් අවම තත්ත්වයකට පත් වී ඇත.

නිර්දේශය:

සියලු පාර්ශ්වයන්ට සාධාරණ වන සේ චිත්‍රපට ආදායම බෙදීයාමේ ප්‍රතිශතයක් පහත පරිදි සංශෝධනය කිරීම.

දේශීය චිත්‍රපටයක් සම්බන්ධයෙන්

නිෂ්පාදක - 46%

සිනමාශාලා හිමිකරු - 46%

බෙදාහැරීම් මණ්ඩලය - 5%

ජාතික චිත්‍රපට සංස්ථාව - 3%

විදේශීය චිත්‍රපටයක් සම්බන්ධයෙන්

සිනමා ශාලාව - 50%

ආනයනකරු - 40%

බෙදා හැරිම් සමාගම් - 5%

ජාතික චිත්‍රපට සංස්ථාව - 5%

* මෙම ප්‍රතිශතයන් සෑම සිනමා ශාලාවක් සඳහාම පොදුවේ ක්‍රියාත්මක වේ.

* අත්හදා බැලීමක් වශයෙන් වසරක කාලයක් සඳහා මෙම සංශෝධිත ප්‍රතිශතයන් ක්‍රියාත්මක වනු ඇත.

වගකීම: රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව

05. සිනමා ශාලා ඩිජිටල්කරණය සහ නවීකරණය සඳහා ශාලා හිමියන්ගේ මූල්‍ය තත්ත්වය යහපත් නොවීම.

රජය විසින් චිත්‍රපට ප්‍රක්ෂේපණය සඳහා පිළිගෙන ඇති අවම තාක්ෂණය 2ම් තාක්ෂණය වේ. ඒ අනුව අලුතින් ඉදිකරනු ලබන සියලුම සිනමා ශාලාවල අවම ප්‍රක්ෂේපණ ක්‍රමවේදය 2ම් විය යුතුය.

දැනට මි. මි. 35 ප්‍රක්ෂේපණ යන්ත්‍ර භාවිතා කරනු ලබන සිනමා ශාලා 41 කි.

දළ සේයාපට නිෂ්පාදනය මුළුමනින්ම පාහේ අභාවයට යමින් පවතින බැවින් වර්තමානයේදී සියලුම නිෂ්පාදකයන් ච්ඛ්ර්‍ථ පිටපත් මුද්‍රණයට පෙලඹී ඇත. මෙම තත්ත්වය මත ඉහත සිනමා ශාලා 41 සඳහා නව චිත්‍රපට නොලැබී යාමේ තත්ත්වයක් උද්ගත වී ඇත.

නිර්දේශය:

සිනමා ශාලාවල ප්‍රක්ෂේපණ ක්‍රමවේදය මෙම තාක්ෂණයට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග් ධනය සිනමා ශාලා හිමියන්ට නොමැති බැවින්, එම සිනමා ශාලා 2ම් තාක්ෂණයට පරිවර්තනය කිරීම සඳහා සිනමා ශාලා හිමියන් වෙත සහන ලබාදීම.

සිනමා ශාලා ඩිජිටල්කරණය සඳහා වර්තමානයේ සංචාරක කර්මාන්තය සඳහා ලබාදෙන ණය පහසුකම් හා සමාන ණය පහසුකම් ක්‍රමවේදයක් බැංකු ක්ෂේත්‍රය තුළින් ලබාදීමට කටයුතු කිරීම.

සමහර සිනමා ශාලා ඉතා අවම ප්‍රෙක්ෂක පහසුකම් සහිතව සහ නිසි නඩත්තුවකින් තොරව පවත්වාගෙන යන බැවින් සිනමා ශාලා නඩත්තු සහ නවීකරණ කටයුතු සඳහා සුදුසු ණය යෝජනා ක්‍රමයක් ඇති කිරීම.

සිනමා ශාලා ඩිජිටල්කරණයට සහ නවීකරණයට අදාළ උපකරණ, උපාංග ආනයනය සඳහා සහ ඊට අදාළ තාක්ෂණික සේවා ලබා ගැනීමේදී තීරු බදු සහ අනෙකුත් බදු සඳහා සහන ලබාදීම.

වගකීම:

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව / මුදල් අමාත්‍යාංශය

06. සිනමාශාලා වෙතින් අය විය යුතු මුදල් අදාළ පාර්ශ්වයන් වෙත නිසි පරිදි නොලැබීම

සිනමා ශාලා හිමියන් විසින් අදාළ පාර්ශ්වයන් වෙත ගෙවිය යුතු මුදල් නිසි දිනට නොගෙවන බවත්, ඇතැම් අවස්ථාවලදී එම මුදල් මධ්‍යකාලීනව ප්‍රමාද කරන බවත් වාර්තා වී ඇත. එමෙන්ම ඇතැම් සිනමා ශාලා හිමියන් විසින් දෛනික වාර්තා නියමිත පරිදි සංස්ථාවට යොමු නොකිරීම මෙන්ම ප්‍රවේශ පත්‍ර අක්‍රමිකතා සිදු කිරීම ද නිරීක්ෂණය වී ඇත.

නිර්දේශය:

ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම, ඉලෙක්ට්‍රොනික ප්‍රවේශ පත්‍ර ක්‍රමවේදයට (ඡ්-බඪජඬඥබඪදඨ) පරිවර්තනය කිරීම.

දෛනික වාර්තා, ඉලෙක්ට්‍රොනික දෛනික වාර්තා නිකුත් කිරීමේ ක්‍රමවේදයට පරිවර්තනය කිරීම.

වගකීම:

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව

තවත් කොටසක් ලබන සතියේ...