වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




ඇඳුම් ඕපන් වැඩියි ඒ හින්දා බෑ කිව්වා

ඇඳුම් ඕපන් වැඩියි ඒ හින්දා බෑ කිව්වා

මියුසික් වීඩියෝ සමඟ ඔබ හමු වන සෙව්වන්දි

* ඔබේ නම කියමු බලන්න?

නිමාෂා සෙව්වන්දි වැන්ඩොට්.

* වෘත්තීය?

රංගනය දැනට.

* ඇයි දැනට කියලා කිව්වේ?

මං මේ වන විට කැලණිය විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ශිෂ්‍යාවක්. මගේ අධ්‍යාපන කටයුතුවලින් අනතුරුව ගුරුවරියක් හෝ ලෙක්චර්ස් කෙනෙක් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.

* එතකොට රංගනය අත හරියිද?

නැහැ. නමුත් වෘත්තීය රංගනය නොවේවි.

* ඔබ රඟපෑ නිර්මාණ ගැන මතක් කළොත්?

පුංචිම කාලෙ චංකි ඉපලවත්ත මහත්මයගේ චිත්‍රපටයක රඟපෑවා. ඒකේ නම රාජා. අවාසනාවට එය තිරගත වුණේ නැහැ. ඊට පසුව පාසල් වියේදීම සපිරිවර කියලා ටෙලි නාට්‍යකට සම්බන්ධ වෙන්න ලැබුණා. මං එහි රඟපෑවේ නිළි රැජන මාලිනී මහත්මියගේ පුංචි කාලෙට.

* මෑතකදී ඔබව වඩාත් දක්නට ලැබුණේ මියුසික් වීඩියෝවලින් නේද?

ඔව්. මට කෙටි කලක් ඇතුළත මියුසික් වීඩියෝ බොහොමයකට රංගන දායකත්වය ලබාදෙන්න හැකියාව ලැබුණා. මං ඒවායේ නම් ටික කියන්නද?

* ඔව් කියන්න.

මම ගායකයත් එක්කම කියන්නම්. පන්සිළු මමෝහරගේ දේවාශීර්වාදයෙන්, මංජුල පුෂ්පකුමාරගේ මගේ හුස්ම අරන්, රංග ප්‍රියශාන්තගේ අප්පච්චි, මායා රොද්‍රිගෝගේ ඔයා දන්නෙ නැද්ද, ප්‍රමෝද් ලක්මාල්ගේ දුක දන්නෙ මගේ හිත වගේ, ශානුක දිල්ෂාන්ගේ ඔබ එනවද මතු ජීවිතේ, රොෂාන් චාමරගේ ඔබ මගෙ විතරමයි. මේවා තමයි මං රඟපාපුවා.

* මේ වන විට මියුසික් වීඩියෝ කලාව සඳහා අඩ නිරුවත යොදා ගන්නවා වැඩියි. මොකද ඒ ගැන කියන්න තියෙන්නේ?

එහෙම නොවීමට වග බලා ගත යුතුයි. අධ්‍යක්ෂවරයා සහ ප්‍රධාන නිළිය මත තමයි ඒ සිමාව තියෙන්නේ. ඔවුන් සිතට එකඟව වැඩ කළොත් හරි.

* ඔබට එහෙම වීඩියෝවක් සඳහා කතා කරලා ඇති?

ඔව්. සාමාන්‍යයෙන් මට වීඩියෝවකට කතා කළාම මුලින්ම බලන්නේ මට එය රඟපාන්න පුළුවන්ද කියලා. ඊට පසුව කොස්ටියුම්ස් ගැන බලනවා. ඒවාට මං එකඟ නම් රඟපානවා. එහෙම හිතට එකඟ නොවුණ වීඩියෝ බොහොමයකට කතා කළා. මං ඒවාට ගියේ නැහැ.

* ඔබ එම වීඩියෝ ප්‍රතික්ෂේප කළ ප්‍රධානම හේතුව මොකක්ද?

ඇඳුම් ඕපන් වැඩියි. ඒක තමයි ප්‍රධාන හේතුව.

* මියුසික් වීඩියෝවල රඟපාන්න ගිහින් වෙච්ච අමතක නොවන සිදුවීම් මොනවද තියෙන්නේ?

අන්තිමයට මං කළේ ඔය රොෂාන්ගේ සින්දුව. එහි දර්ශන තල තිබුණේ මතුගම පැත්තේ දිය ඇල්ලක් ගාව. මට දිය ඇල්ලට බහින්න තිබුණා. කූඩැල්ලෝ එමටයි. ඊටත් වඩා දිය නයි. බොහොම බයෙන් එදා ෂූටිං කළේ.

* දිගින් දිගටම මියුසික් වීඩියෝවල රඟපාන්නද කල්පනාව?

මට ටෙලිවලට කතා කළා. නමුත් මගේ අධ්‍යාපන කටයුතු නිසා ඒ ආරාධනා සුහදව ප්‍රතික්ෂේප කළා. මියුසික් වීඩියෝවලට යන්නේ ඒවයේ ෂූට් එක, එක දවසින් ඉවර නිසයි. අනික වැඩිපුරම ආරාධනා ලැබුණෙත් ඒවට.

* ගෙදරින් මොන වගේ සහායක් ද ඔබේ රංගන කටයුතුවලට ලැබෙන්නේ?

තාත්තා නම් පොඩ්ඩක්වත් කැමැති නැහැ මං රඟපානවට. අම්මගේ උදව් මතයි රඟපාන්නේ.

* ඔබේ පදිංචිය සඳහන් කළොත්?

මං කැලණියේ.

* ඉගෙන ගත් පාසල?

කැලණි මහ විදුහල

* උපන් දිනය?

1994. 01. 07

* ඔබ ගැන කෙටියෙන් හඳුන්වන්න?

හිනාවෙලා ඉන්න කෙනෙක්.