වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




නිශ්ශංක රූ මල්ල

හතර දෙනෙක් සෙන්පතියෝ

සුමිත්‍රා පීරිස්ගේ වෛශ්ණාවි බලන්න ඇවිත් මුහුණට මුහුණ මුණ ගැසුන ප්‍රධානින් සිව්දෙනාකි. අනාගත සිනමා කර්මාන්තය ගැනද? වර්තමානයේ බිහිවන සිනමා පට ගැනද? එදා කාටත් ප්‍රශ්නයක්. දේශීය සිනමාව හොබවන මහ පුටු හතරක් එකට මුණ ගැසුණු දිනයක්. මේ සිව් දෙනා සිලෝන් තියටර්ස් නිර්මාතෘ ශ්‍රීමත් චිත්තම්පලම් ගාඩිනර් මුනුපුරු කාගිල්ස් සමාගමේ සභාපති රංජිත් පේජ්, චිත්‍රපට සංස්ථා සභාපති සිතේන්ද්‍ර සේනාරත්න, සිලෝන් තියටර්ස් කළමනාකාර අධ්‍යක්ෂ සංජේ නයල්, සිනමාස් නිර්මාතෘ කේ. ගුණරත්නම්ගේ පුත් හා සී. ඊ. එල්. ප්‍රදර්ශක මණ්ඩලයේ කළමනාකාර ජී. පද්මරාජ්.

එකම ගුරු ගෙදරක අකුරු කළ අපි

පසුගිය දිනක එකම ගුරු ගෙදරක අකුරු කළ සිව් දෙනෙක් එක් වුණා. ඒ ශ්‍රියාණි අමරසේන, නදීකා ගුණසේකර, මාලිනී ෆොන්සේකා හා වසන්ති චතුරාණි. මේ සිව් දෙනාගේ සමීප සම්බන්ධතාවය අද ඊයේ පටන්ගත් එකක් නොවේ. මේ සිනමාවේ කිවිඳියගේ අධ්‍යක්ෂණයක් වූ නවතම සිනමාපටය හා අධ්‍යක්ෂ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ උපන් දිනයදා ඔවුනොවුන්ගේ ආගිය තොරතුරු කතා කළ මොහොතක් මගේ කැමරා කාචයේ සටහන් කර ගත් දුර්ලභ අවස්ථාවකි. මොවුන් සිව් දෙනාම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ විශිෂ්ට සිනමා නිර්මාණයන්ට දායක වු සිව් දෙනෙක් ඉඳින් එකම ගුරු ගෙදරක. එනම් ලෙස්ටර් සුමිත්‍රා සිනමා ගුරු ගෙදර ශිල්ප හැදෑරූ අය.

අපිටත් කතා නෑසේ

පසුගිය දිනක වාද්දුවේ නව සිනමා ශාලාවක් විවෘත කිරීමක් සිදු විණි. ඒ සුරංග ද අල්විස්ගේ නවතම සිනමා ශාලාවයි. අපේ සිනමාවේ වැඩිම චිත්‍රපට තැනූ නිෂ්පාදක හා සිනමා ශාලා හිමි සුනිල් ටී. ප්‍රනාන්දු, ජීවන් කුමාරතුංග, මාර්ක් සැම්සන් ද සහභාගි වුණා. නව පරපුරේ අමීෂා කාවින්දි සුනිල් ටි. ළඟට පැමිණ පවසන දේට ජීවන්ගේ හා මාර්ක්ගේ ප්‍රතිචාරය කෙලෙසද?

වෛශ්ණාවියගේ උරුමය

ගැයුම හා වැයුම පසෙකලා මොහොතක් හෝ සිනමා පටයක් නැරැඹීම කොතරම් වටිනවාද? ඒත් වර්ගීකරණයට ලක්වන සිනමාපට අතර හොඳ සිනමාපටයක් නැරැඹීම විශාරද එඩ්වඩ් ජයකොඩියන්ගේ පුරුද්දකි. වෛෂ්ණාවියේ වෘක්ෂ දේවතාවිය යශෝධා දුටු එඩ්වඩ්, ඇය ආදරයෙන් වැළඳගන්නට එඩ්ව්ඩ ජයකොඩි අමතක නොකළේය. එත් දුලානි අනුරධාට මේ සිදුවීම පුදුම සහගත ලෙස දැනෙන්නට විය. යශෝධා හා එඩ්වඩ් එක් වූ සොඳුරු මොහොතත් දුලානිගේ හැඟීමත් මගේ තුන්වෙනි ඇස මඟ නොහැරිය.

වේදිකාවෙන් මහ පොළවට

වලාපටල චිත්‍රපටය තනා හොඳම අධ්‍යක්ෂ ලෙස සරසවිය සම්මාන දිනූ විජිත ගුණරත්න නැවත විශිෂ්ට සිනමාවේදී අශෝක හඳගම හමු වුණේ විජිතගේ නවතම නිර්මාණය අමාවක විශේෂ දර්ශනයකදී. මේ අමාවක ගැන ද දන්නේ නෑ. හැබැයි දෙන්නම සිනමාවට පැමිණියේ විශිෂ්ට වේදිකා නිර්මාණ ශිල්පීන් හැටියටයි.