වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




පුංචි තිරයේ දැල්ලා

පුංචි තිරයේ දැල්ලා

සුරන් දසනායක

ඔහු සුරන් දසනායකය. ටෙලි නාට්‍ය රංගනයෙන් ප්‍රේක්ෂකයන් අතරට එක්ව සිටින සුරන් මෝදර වැල්ල ටෙලි සිතුවමේ (දැල්ලා) ලෙසත් ලබැදියේ ටෙලි සිතුවමේ (නොයෙල්) ලෙසත් මේග ටෙලි සිතුවමේ (ජිතේ) ලෙසත් ජනප්‍රියත්වයට පත් විය. මංකුලිය ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් හා මාරිස්ටෙලා මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ සුරන් කලාවට අත්පොත තැබුවේ මීගමුව පුරවරයෙනි.

පබා, පබලු, සිදා, වරාමලි, ස්නේහයා, පුංචි වලව්ව, මේඝා, මෝදර වැල්ල, නිල් පලඟු දිය, නිල් නෙත, දූවරු ආදි ටෙලි නාට්‍ය රැසක විවිධ චරිත රඟපා ඇති සුරන් මුල්වරට රංගනයට අත්පොත තැබුවේ පබා ටෙලි නාට්‍යයේ සමගිපුර වසන්තගේ ගෝලයකු ලෙසිනි.

කලක් විදේශගතව සිට නැවත ලංකාවට පැමිණි සුරන් 2007 වසරේදී පමණ කලාවට එක් වූයේ තම හිත මිතුරෙකු වූ මහේෂ් සත්සර මද්දුම ආරච්චිගේ ඇරැයුමක් පරිදිය. මේ වන විට ප්‍රසාංගික ටෙලි නාට්‍යවලට පමණක් තම රංගනය එක් කොට ඇති සුරන් මේ දිනවල දෙවැනි ඉනිම ටෙලි නිර්මාණයේ රූපගත කිරීම්වල නියැලි සිටී. කල්පාන්තයක් ඔහු රඟපෑ ටෙලි නාට්‍ය අතරින් ඉදිරියේදී විකාශයට සුදානම් වූ නිර්මාණ අතරට එක්ව ඇති අතරම රංගනයෙන් දායක වූ චිත්‍රපට දෙකක් ද තිරගතවීමට නියමිතය.

බුද්ධික බෝධිනායකගේ සිහින කුමරි චිත්‍රපටයෙන් පෙම්වතාගේ චරිතය තුළින් සිනමාවට එක් වූ සුරන් සුරේශ් අතුකෝරලගේ ජීවිතය සුන්දරයි චිත්‍රපටයෙන් ද ප්‍රේක්ෂකයන් අතරට එක්වීමට නියමිතය.

සංවර්ධන වාසනා, යොවුන් පුරය ආදී වෙළෙඳ දැන්වීම් හා ගීතමය ඇල්බම් විෂුවල් සඳහා ද රංගනය එක් කෙට ඇති සුරන් ඩී. වී. ඩී. දෙකක් නිෂ්පාදනය කොට ඇත. ඇමතිට බයිපාස්, සිහිනෙන් ඔබ ඇවිත් ආදි ඩී. වි. ඩී. චිත්‍රපට දෙකක් නිෂ්පාදනය කරමින් රංගනයෙන් ද දායක වී සිටින සුරන් ජනප්‍රිය ෆුඩ්බෝල් ක්‍රීඩකයෙක් ද වේ. අරුණ ජයවර්ධන, කැලුම් පාලිත මහීරත්න ආදීන්ගේ චිත්‍රපටයකට හා ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබ සිටින සුරන් වේදිකා නාට්‍ය රංගන ශිල්පියකු ලෙසින් ද කරළියට ඒමට බලාපොරොත්තුවෙන් පසු වේ.

මහේෂ් සත්සර මද්දුම ආරච්චි, ශාන්ත සොයිසා, කැලුම් පාලිත මහීරත්න, විරාජ් වැලිවත්ත ප්‍රමුඛ හිරු ටී. වී. කණ්ඩායම තම දිවියට ආශිර්වාද ගෙනදුන් පුද්ගලයන් ලෙස කෘතවේදීව සිහිපත් කරනුයේ සතුටු සිතිනි.

787/3, මැද පිටිපන, මීගමුව සුරන්ගේ ලිපිනය බව සිහිපත් කරන ඔහු තම රසිකයන්ට 0768813310 දුරකතනයට කතා කිරීමෙන් තමන්ව සම්බන්ධ කරගත හැකි බවත් මතක් කර සිටී.


ITN Saturday Night Movie The Accountant

ක්‍රිස්ටියන් වුල්ෆ් කුඩා කල සිටම දුර්ලභ ගණිත හැකියාවන්ගෙන් පිරිපුන් පුද්ගලයෙකි. මිනිසුන්ට වඩා ඔහු ආදරය කරන්නේ, සංඛ්‍යාවන්ටය. වැඩිහිටියෙකු වන වුල්ෆ් රහසිගතව නිදහස් ගණකාධිකාරිවරයකු ලෙස අනතුරුදායක අපරාධ සංවිධානයනට සිය සේවය සපයයි. නවීන රොබෝ නිෂ්පාදන ආයතනයකට තම සේවාව සැපයීමට යන වුල්ෆ් එහි අභ්‍යන්තර ගිණුම්වල ඇති ඩොලර් මිලියන ගණනක වංචාවක් සොයා ගනී. වුල්ෆ් සත්‍යයට ළං වන තරමට මිනී මැරුම් සංඛ්‍යාවද ඉහළ යන ලකුණු පෙනේ.

කෙවින් ඕ’කොනර් අධ්‍යක්ෂණය කළ The Accountant චිත්‍රපටය කියන්නේ මෙහි කතාපුවතයි. ත්‍රාසජනක අපරාධමය කතාපුවතක් ගෙන එන The Accountant චිත්‍රපටය ලබන 14 වැනි සෙනසුරාදා රාත්‍රි 10.30ට ස්වාධීන රූපවාහිනි සේවයෙන් විකාශය කිරීමට නියමිත චිත්‍රපටය යි. බෙන් ඇෆ්ලෙක්, ඇනා කෙන්ඩ්‍රික්, ජේ. කේ. සිමොන්ස්, ජොන් බර්න්තල්, ජෙෆ්‍රී ටැම්බර් ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති. එය ධ්ර්ච්ඕ දර්ශකයේ 7.4/10ක් ලබා ගෙන ඇති අතර රොටෙන් ටොමැටෝස්හි සියයට 52ක් හිමි වී ඇත. ප්‍රධාන නළු බෙන් ඇෆ්ලෙක් මෙහි ස්වකීය රංගනය කැපවීමෙන් ඉදිරිපත් කර ඇති බව විචාරක අදහසයි. අමෙරිකානු ඩොලර් මිලියන 44ක වියදමකින් නිර්මාණය කර පසුගිය 2016 වසරේ ඔක්තෝබර් 14 වැනිදා සිට ලොව පුරා තිරගත කිරීම ඇරඹි The Accountant අමෙරිකානු ඩොලර් මිලියන 155ක ආදායමක් වාර්තා කරන්නට සමත් වී ඇත.