වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




ආචාර්ය උපාධියෙන් පිදුම් ලැබූ ප්‍රථම ගායිකාව

ආචාර්ය උපාධියෙන් පිදුම් ලැබූ ප්‍රථම ගායිකාව

කුලපති මහාචාර්ය සනත් නන්දසිරි අතින් නන්දා මාලිනි ආචාර්ය උපාධියෙන් පිදුම් ලබද්දී, උප කුලපති මහාචාර්ය ආරියරත්න කළුආරච්චි ඇතුළු සම්භාවනීය පිරිස පසෙකිනි.

විශිෂ්ට ගායිකා විශාරද නන්දා මාලිනිය සෞන්දර්ය විශ්වවිද්‍යාලය මඟින් ආචාර්ය උපාධියෙන් පුදන ලද්දේය. එහි කුලපති මහාචාර්ය සනත් නන්දසිරි, උප කුලපති මහාචාර්ය ආරියරත්න කළුආරච්චි ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය ඇතුළු එහි විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව මඟින් නන්දා මාලිනිය මෙතෙක් සංගීතය වෙනුවෙන් කළ මහඟු මෙහෙවර උදෙසා ඇයව මෙසේ අගයනු ලැබීය.

මෙම ගෞරව උපාධිය සමඟින් මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ එවන් වූ ආචාර්ය උපාධියක් හිමිකර ගත් පළමු ගායිකාව ලෙසට නන්දා මාලිනිය ඉතිහාසයට එක් විය. වැඩිම වාර ගණනාවක් හොඳම චිත්‍රපට පසුබිම් ගායිකාව වශයෙන් සරසවිය ඇතුළු පිළිගත් සම්මාන උලෙළයන් රාශියකින් සම්මානනීය වූ ඇය සරසවිය පළමු සම්මාන උලෙළේ හොඳම ගායිකාව වීම සුවිශේෂී කරුණක් ද වන්නේය. එවන් වූ අග්‍රගණ්‍ය ගායිකාවක් වූ නන්දා මාලිනිය ලද එම ආචාර්ය උපාධිය වෙනුවෙන් සරසවිය මෙලෙස සුබාෂිංසන පිරිනමමු.

හොඳම රසිකාවගේ සැමරුම් හාද්ද

සම්මානනීය නිළි ස්වර්ණා මල්ලවාරච්චි පසුගියදා සිය මුහුණු පොත ඔස්සේ අපූරු මතකයක් ගෙන ආවාය. ඒ ඇය ලබන ඉහළම සම්මානය ගැනය. මේ ඡායාරූප දෙකෙහිම ස්වර්ණාට සුබපැතුම් හාදුව පිරිනමනුයේ ඇගේ දියණිය නරේන්ද්‍රාය. අතීත සේයාරුවෙහි දියණිය මෙසේ අම්මාව සිප වැලඳ ගන්නේ සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා චිත්‍රපටය වෙනුවෙන් සම්මානය දිනාගත් මොහොතේය. දෙවන ඡායාරූපය මෙවර දෙරණ සම්මාන උලෙළේදීය. මේ අවස්ථා දෙකම ස්වර්ණාට ස්වර්ණ සැමරුම්ය. එකක් මේ තම දියණිය වන නිසාය. අනෙක ඇය ස්වර්ණාගේ හොඳම රසිකාව ද වන බැවින්ය.

කවරයේ කතාව

අද කවරය සැරසෙන්නේ දේදුනු ආකාසේ සිනමා පටයේ රඟන හේමාල් රණසිංහ, චුලක්ෂි රණතුංග, ටීනා ෂනෙල්ගේ රූපයෙනි. ආදරණීය කතාවක් සිනමාපටයෙන් පසු ප්‍රියන්ත කොළඹගේ ගෙන එන ඊළඟ ආදරණීය කතාව දේදුනු ආකාසේ සිනමාපටය අද සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වේ. ඊ. ඒ. පී. මාධ්‍ය ජාලයේ නිෂ්පාදනයක් වන දේදුනු ආකාසේ තිර රචනය ප්‍රියන්ත කොළඹගේ සහ හේරත් දමුණුමුල්ලගෙනි. උදාර සමරවීරගේ සංගීත අධ්‍යක්ෂණයක් වන මෙය ඩොනල්ඩ් ජයන්තගේ සහාය අධ්‍යක්ෂණයකි.

තව දවසක් සංගීත සන්ධ්‍යාව 15 වැනිදා

කීර්ති පැස්කුවල්, අනිල් භාරති, නිරෝෂා විරාජිණී සමඟින් සාරංග දිසාසේකර සහභාගි වන තව දවසක් සංගීත සැඳෑව මෙම මස 15 වැනිදා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ ස්ප්‍රිංවේල් නගර ශාලාවේදී පැවැත්වේ. ඉන්ද්‍රජිත් මිරිහාන විසින් සංගීතවත් කරනු ලබන මෙය යුනිවර්සල් ඉවෙන්ට් මැනේජ්න්ට් සංවිධානයකි.

එක දවසක අපි විශේෂ දර්ශනයක්

ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු විධායක නිෂ්පාදනයෙන් දායක වූ අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කළ එක දවසක අපි සිනමාපටයේ විශේෂ දර්ශනයක් පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණ. එය ඩයලොග් විනෝදේ නිෂ්පාදනයකි. මේ එදින ආරෝෂ, නයනාතාරා, පුබුදු සහ අනුරුද්ධ සේයාරුවකට පෙනී සිටි අයුරුයි.

දේශීය සිනමා ශිල්පීන්ගේ නව තනතුරු

දේශීය සිනමා ශිල්පීන්ගේ සංවිධානයේ නිලවරණය පසුගියදා කොළඹ බෞද්ධාලෝක මාවතේ සුදර්ශී ශාලාවේදී පැවත්විණ. එහිදී එහි නව සභාපති වශයෙන් රොහාන් වැලිවිට පත් විය. උප සභාපති පද්මසිරි කොඩිකාර, ලේකම් එරංග සේනාරත්න, භාණ්ඩාගාරික යූ. ඩබ්ලිව්. ප්‍රේමරත්න, ප්‍රධාන සංවිධානය ජගත් ගලප්පත්ති, කැඳවුම්කරු කීර්ති බණ්ඩාර, ජාත්‍යන්තර සම්බන්ධිකාරක ඩී. බී. වර්ණසිරි සහ ප්‍රචාරක ලේකම් සනෝජා බිබිලේ වශයෙන් සෙසු සාමාජිකයින් පත් විය.

යුරෝපා සිනමා උලෙළ අද සිට

10 වැනි යුරෝපා සිනමා උලෙළ අද (ඔක්තෝබර් 12) ජාතික චිත්‍රපට සංස්ථාවේදී ආරම්භ කෙරේ. සමාරම්භක චිත්‍රපට ප්‍රදර්ශනය ආරාධිතයන් වෙනුවෙන් වෙන්වන අතර හෙට (ඔක්තෝබර් 13) සිට මහජනතාව වෙනුවෙන් නොමිලයේ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම ආරම්භ කෙරේ. එය ලබන 17 වැනිදා දක්වා පස්වරු 3.30 සහ 6.30 වශයෙන් දර්ශන වාර පැවැත් වේ.

සම්මානනීය කෙටි චිත්‍රපට අධ්‍යක්ෂිකා අනෝමා රාජකරුණා සහ ජාතික චිත්‍රපට සංස්ථාව එක්ව මෙය සංවිධානය කෙරේ.

2017 යුරෝපා සිනමා උලෙළේ චිත්‍රපට ප්‍රදර්ශන කාලසටහන

ඔක්තෝබර් 13

පස්වරු 3.30

House without roof

(ජර්මනිය) (සියලු වයස් කාණ්ඩ සඳහා)

පස්වරු 6.30

Wher's my route (ශ්‍රී ලංකාව)

Waterboys  (නෙදර්ලන්තය) (සියලු වයස් කාණ්ඩ සඳහා)

ඔක්තෝබර් 14

පස්වරු 3.30

To see the sea (චෙක් ජනරජය)

(වැඩිහිටියන්ට වඩාත් සුදුසු)

පස්වරු 6.30

Hope (ශ්‍රී ලංකාව)

A United Kingdom

(එක්සත් රාජධානිය) (වැඩිහිටියන්ට වඩාත් සුදුසු)

ඔක්තෝබර් 15

පෙරවරු 10.30

L'Oriana

(ඉතාලිය) (සියලු වයස් කාණ්ඩ සඳහා)

පස්වරු 3.30

Rosalie Blum

(ප්‍රංශය) (සියලු වයස් කාණ්ඩ සඳහා)

පස්වරු 6.30

By the sea

(ශ්‍රී ලංකාව)

Colette

(ස්ලොවැකියාව) (වැඩිහිටියන්ට පමණි)

ඔක්තෝබර් 16

පස්වරු 3.30

Two Crowns

(පෝලන්තය) (සියලු වයස් කාණ්ඩ සඳහා)

පස්වරු 6.30

Charisma of God

(ශ්‍රී ලංකාව)

The Divine Order

(ස්විට්සර්ලන්තය) (වැඩිහිටියන්ට වඩාත් සුදුසු)

ඔක්තෝබර් 17

Two Lottery Tickets

(රුමේනියාව) (සියලු වයස් කාණ්ඩ සඳහා)

පස්වරු 3.30

Sheysha - The extinction has begun...

(ශ්‍රී ලංකාව)

Before Dawn Stefan Zweig: Farewell to Europe (ජර්මනිය) (සියලු වයස් කාණ්ඩ සඳහා)