වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




වැරැදියට හිතන්න එපා

වැරැදියට හිතන්න එපා

අන්තර්ජාලයේ පළ වන එක්තරා පින්තූරයක් නිසා බුවිනි චාපා දියලගොඩ ගැන වැරැදි ආරංචියක් ප්‍රචාරය වෙනවා. ඇය මෙම පින්තූරවලට පෙනී සිට තිබෙන්නේ මියගිය දසුන් සමඟ. ඒ විතරක් නම් මදැයි ඔවුන් දෙදෙනා මනාල යුවළක් ලෙසට හැඳ පැලඳගෙනයි මෙම ඡායාරූපවලට පෙනී සිට ඇත්තේ. මේ හේතුවෙන් දසුන් මිය යන්නට හේතුවන නිළියගේ නමට බුවිනිව ඈදිලා. සමහරු කියන්නට පටන්ගෙන ඒ ඉන්නේ දසුන්ගේ වයිෆ් කියලා. මේවා අහලා දෙලොවක් අතර බුවිනි තනි වෙලා. ඒ වගේම මේ වැරැද්ද ඇය නිවැරැදි කරන්නත් ෆේස්බුක් ගිනුම හරහා අදහස් ප්‍රකාශ කරනවා.