වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




කොහේ ගියත් ලංකාවේ

කොහේ ගියත් ලංකාවේ

පියුමි හංසමාලිට කොරියාවේදී හරිම අකරතැබ්බයකට තමයි මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. ඇය ෂෝස් කිහිපයකට ඒ රටට ගියා. එහෙම පවත්වපු ප්‍රසංගයක් අතරතුරදී පියුමි ස්ටේජ් නැංගට පස්සේ එතැන සිටි පිරිසක් නොසන්සුන්ව හැසිරෙන්නට පටන්ගෙන. ඇතැම් අය අතට අහුවෙන දේවල්වලින් පියුමිට දමලා ගහලා. ඒ මුකුත් ගණන් නොගෙන ඇය දිගටම ස්ටේජ් එකේ රැඳෙමින් ගීත ගායනයේ යෙදිලා. කෙසේ වෙතත් එන්න එන්න නොසන්සුන්තාවය වැඩි වෙලා. බෝතල් ප්‍රහාර, වාග් ප්‍රහාර මැද්දේ පියුමිට ගායන කර කර හිටපු ගීයත් නැවැත්තුවලු. පියුමි රඟපෑ අලුත්ම වීඩියෝ එක ගැන කිය කියා තමයි පියුමිට ප්‍රහාර එල්ල වෙලා තියෙන්නේ. මේ සම්බන්ධව තම ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශයක් නිකුත් කළ පියුමි නම් කියා සිටියේ එතැන බොහෝ පිරිසක් රැඳී සිටියත් ඉන් දහයකට අඩු පිරිසක් මෙලෙස කලබගෑනි කළ බවයි. මේ සිදුවීම ගැන සලකලා බලද්දී ලෝකේ කොහේ හිටියත් ශ්‍රී ලාංකිකයින් තමන්ගේ අනන්‍යතාවය හුවා දක්වන බව නම් හිතාගන්නට හැකි වෙනවා.