වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




ඉල්ලීම අමතකද

ඉල්ලීම අමතකද

අපට සිටින අති දක්ෂ නළුවකු තමයි මහේන්ද්‍ර පෙරේරා කියන්නේ. ඔහු රඟපාන චිත්‍රපට කිහිපයක්ම පහුගිය කාලේ විකාශය වුණා. මහේන්ද්‍ර ගේ දක්ෂතතම නිසාම ජනකාන්ත ඉන්දීය නළු අනිල් කපූර් ඔහුට ආරාධනා කළා ඉන්දීය සිනමාටව සම්බන්ධ වෙන්න. නමුත් මහේන්ද්‍ර ගිය පාටක් නම් නැහැ. ඒ චිත්‍රපටයට මොකද වුණේ කියලා බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක්. ඉන්දියාවෙන් නම් මහේන්ද්‍රව ගන්න රෙඩි. කෝ ඉතින් අපේ හාදයාටනෙ උනන්දුක් නැත්තේ. ඒවා ටික ගානට කෝඩිනේට් කරගත්ත නම් මහේන්ද්‍ර අද ඉන්දියාවේ. ලංකාවේ තිබෙන වැඩ කන්දරාවත් එක්ක මහේන්ද්‍රට ඉන්දියාව අමතක වෙලා. අපි නම් කියන්නේ ඔය කම්මැළිකම පොඩ්ඩක් පැත්තකින් තියලා අනිල් කපූර්ගේ ඇරැයුම ගැන ආයෙත් උනන්දු වෙන්න කියලයි.