වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




ඇගේ ඇස අග හොඳම

ඇගේ ඇස අග හොඳම

මෝටර් බයිසිකල් වැඩිම

දෙරණ සිනමා සම්මාන උලෙළ පසුගිය සිකුරාදා නිමාව දුටුවේ හොඳම චිත්‍රපටය ලෙස අශෝක හඳගමගේ ඇගේ ඇස අග සම්මාන දිනා ගනිමිනි. හොඳම අධ්‍යක්ෂවරයා ලෙස ශමීර රංගන නාඔටුන්න මෝටර් බයිසිකල් වෙනුවෙන් අභිසෙස් ලැබීය. වැඩිම සම්මාන ලබා ගත්තේ ද මෝටර් බයිසිකල්ය. එහි සෙසු සම්මානයන් බෙදී ගිය ආකාරය මෙසේය.

හොඳම නළුවා - දසුන් පතිරණ (සයපෙති කුසුම)

හොඳම නිළිය - ස්වර්ණා මල්ලවාරච්චි (ඇගේ ඇස අග)

ජනප්‍රියම නළුවා - රන්ජන් රාමනායක

ජනප්‍රිය නිළිය - පූජා උමා ශංකර්

හොඳම තිර රචනය - අශෝක හඳගම (ඇගේ ඇස අග)

හොඳම නිළිය සඳහා වූ ජූරියේ විශේෂ සම්මානය - සමනලී ෆොන්සේකා (මෝටර් බයිසිකල්)

හොඳම සහාය නළුවා - ගයාන් වික්‍රමතිලක (සක්කාරං)

හොඳම සහාය නිළිය - අරුණි රාජපක්ෂ (පත්තිනි)

හොඳම ප්‍රතිවීර රංගනය - පුබුදු චතුරංග (සක්කාරං)

හොඳම හාස්‍යෝත්පාදක රංගනය - සරත් කොතලාවල (සක්කාරං)

හොඳම නැඟී එන නිළිය - රිතිකා කොඩිතුවක්කු (ඇගේ ඇස අග)

හොඳම පසුබිම් ගායකයා - අජිත් කුමාරසිරි (මෝටර් බයිසිකල්)

හොඳම පසුබිම් ගායිකාව - නිරෝෂා විරාජිනි (පත්තිනි)

හොඳම ගී පද රචනය - අශෝක හඳගම (ඇගේ ඇස අග)

හොඳම කැමරාකරණය - විශ්වජිත් කරුණාරත්න (මෝටර් බයිසිකල්)

හොඳම සංස්කරණය - තිස්ස සුරේන්ද්‍ර (මෝටර් බයිසිකල්)

හොඳම ශබ්ද සැලසුම්කරණය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි (මෝටර් බයිසිකල්)

හොඳම පසුබිම් සංගීත අධ්‍යක්ෂණය - අජිත් කුමාරසිරි (මෝටර් බයිසිකල්)

හොඳම දෘශ්‍ය ප්‍රයෝගකරණය - කසුන් මලින්ද / ග්‍රේෂාන් කුලරත්න (සරිගම)

හොඳම කලා අධ්‍යක්ෂණය - ලාල් හවීන්ද්‍රනාත් (සක්කාරං)

හොඳම ඇඳුම් නිර්මාණය - වෙනුක වික්‍රමආරච්චි (පත්තිනි)

හොඳම අංග රචනය - ප්‍රියන්ත වන්නිනායක (සය පෙති කුසුම)

ජූරියේ විශේෂ සම්මානය - ප්‍රසන්න විතානගේ (උසාවිය නිහඬයි)

මතු බලාපොරොත්තු තැබිය හැකි සිනමාපටය - බහුචිතවාදියා

මතු බලාපොරොත්තු තැබිය හැකි සිනමා අධ්‍යක්ෂවරයා - ජූඩ් රත්නම්

හොඳම කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයා - ධනංජය බණ්ඩාර

ජනප්‍රියම සිනමාපටය:-1. පත්තිනි 2. මායා 3. සරිගම

වසරේ ජනප්‍රියතම චිත්‍රපට ගීතය - අහසින් එහා තරු මං දිගේ (ආදරණීය කතාවක්)

සන්සිල්ක් ෂයින් සම්මානය - උදාරි වර්ණකුලසූරිය

දෙරණ යාවජීව සම්මානය ආචාර්ය ධර්මසේන පතිරාජයන්ට පිරිනමන ලදි.