වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




හිත රිදිචලා

හිත රිදිචලා

අප සිනමාවේ නමක් රැන්දූ පැරැණි නිළියක වන එඩ්නා සුගතපාලගේ හිත තරමක් පෑරෙන සිදුවීමක් වෙලා. දිර්ඝව විස්තර කරනවා නම් මෙන්න මේකයි එඩ්නාගේ එකී තත්ත්වයට හේතුව.

මෙරට පළමු නිළි රැජන වු රුක්මණී දේවිය එඩ්නාගේ අතිශය සමීපතමයෙක්. ඇය මිය යන තෙක්ම ඒ ඇසුර එලෙසම පැවතුණා. එහෙයින් රුක්මණීගේ සැමරුම් උත්සවවලට එඩ්නාට ඇරැයුම් ලැබුණොත් ඇය කොහෙත්ම කර නොහැර ඊට සහභාගි වෙනවා. හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස්ගේ ප්‍රධානත්වයෙන් යුතුව පවත්වාගෙන යන රුක්මණී දේවි අනුස්මරණ සංගමයේ සියලු වැඩ කටයුතු සඳහා එඩ්නා සහභාගි වෙනවා. ඔය අතරතුරදී හෙන්රිට කෝල් එකක් ඇවිත්.

ඔය එඩ්නා සුගතපාල කියන්නේ රුක්මණීගේ කවුද? එයා මොකට ද ඕනෑවටත් වැඩිය රුක්මණීගේ වැඩවලදී කැපිලා පේන්නේ?

ඇමතුම මඟින් කතා කළ පුද්ගලයා හෙන්රිගෙන් එහෙම දරුණුවටම අහලා. හෙන්රිත් ඉතින් කියන්න ඕන දේ කියලා දැම්මලු. රුක්මණී සහ එඩ්නා අතර මිත්‍රත්වය ඇරැඹෙන්නේ 1958 දී පමණ. එඩ්නගේ මව නිෂ්පාදනය කළ දස්කොන් චිත්‍රපටයේ දර්ශන තලවලදියි එඩ්නට රුක්මණීව හා හා පුරා කියලා හමු වන්නේ. එදා එඩ්නව රුක්මණී ඔඩෙක්කුවේ තියාගෙන තමයි කතාබහ කරලා තියෙන්නේ. මේ සියලු විස්තර හෙන්රි දන්නවා. අර කතා කරපු කෙනාට ඒ සියල්ල කිව්වලු. මේ ආරංචියත් එක්කයි එඩ්නගේ හිත රිදිලා තියෙන්නේ. එඩ්නා රුක්මණීට තවමත් සලකන්නේ එකී මිත්‍රත්වය නිසා. ඒ දේ පවා වැරැදියට තේරුම් අරගෙන ඉන්න අය ගැන එඩ්නාට හරියට දුකයිලු.