වර්ෂ 2016 ක්වූ  ජූලි 13 වැනිදා බ්‍රහස්පතින්දා




අපේ වාහන ගායක ගායිකාවෝ හෙළි කරති

අපේ වාහන ගායක ගායිකාවෝ හෙළි කරති

පසුගිය සරසවිය කලාපය ඔස්සේ අප ඔබ වෙත ගෙන ආවා ජනප්‍රිය කලාකරුවන් කිහිප දෙනෙකු පාවිච්චි කරන වාහන ගැන. එම ලිපිය සඳහා ලැබුණු ප්‍රතිචාර ද ඉතා ඉහළයි. එහෙයින් අප මෙවර කල්පනා කළා අප සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය ගායක ගායිකාවන් සතු වාහන මොනවාද කියලා ඔබ වෙත හෙළිදරව් කරන්න.

පළමුව අප සොයා බලමු ෆ්ලැෂ්බෑක් නායක රොෂාන් ප්‍රනාන්දු සතු මෝටර් රථය මොකක්ද කියලා. ඔහුට තියෙන්නේ බී. එම්. ඩබ්ලිව්. 520 වර්ගයේ කාරයක්. ඒක ටිකක් මිල ඉහළ මෝටර් රථයක්. රොෂාන් තම කාරය මිලදීගෙන මේ වන විට වසර දෙකකට ආසන්නයි. ඔහු බී. එම්. ඩබ්ලිව්. රථය පාවිච්චි කිරීමට විශේෂ හේතුවක් තියෙනවා. රොෂාන්ලා ෆ්ලෑෂ්බැක් පටන් ගනිද්දී ජනප්‍රියත්වය සහ මිල මුදල් කිසිත් තිබිලා නැහැ. නමුත් මේ වන විට ඔහු ඒ දෙඅංශයෙන්ම ස්ථාවරභාවයට පත් වෙලා. ඒ සියලු දේ තමන්ට ලබා දුන්නේ රසික රසිකාවන් කියලා රොෂාන් කියනවා. ඉතින් තමන්ව සමාජයේ ඉහළට ඔසවා තැබූ රසික රසිකාවන් ඉදිරියට යද්දී විශේෂිතව සිටිය යුතු නිසයි රොෂාන් බී. එම්. ඩබ්ලිව්. එකක් අරගෙන තියෙන්නේ. කලාකරුවකු වුණාම ලස්සනට ඉන්න ඕන කියලයි රොෂාන් කියන්නේ.

මේරියන්ස්, සන්ෆ්ලවර් සහ සනිධප සංගීත කණ්ඩායම් හරහා අප වඩාත් හඳුනාගත් නොයෙල් රාජ් සතුව ඇත්තේ හොන්ඩා සිටි වර්ගයේ මෝටර් රථයක්. සාමාන්‍යයෙන් නොයෙල් හොන්ඩා බ්‍රෑන්ඩ් එකට ප්‍රියයිලු. එහෙයින් හොන්ඩා නාමය සතු මෝටර් රථ ගැන නොයෙල් හරිම උනන්දුයි. ඒ ඔස්සේ තමයි හොන්ඩා සිටි රථය මිලදීගෙන ඇත්තේ. මේ වන විට අවුරුද්දක් පමණලු එය මිලයට අරන්.

හොන්ඩා වාහනවලට කැමැති තවත් කෙනෙක් ඉන්නවා. ඒ උදය ශ්‍රී වික්‍රමසිංහ. හොන්ඩා සිවික් රථයට තමයි උදය වඩාත් ප්‍රිය. නමුත් ඔහු වර්තමානයේදී පාවිච්චි කරන්නේ මිට්ෂුබිෂි ලාන්සර් රථයක්. එය මිලදීගෙන තිබෙන්නේ විශේෂිත හේතුවක් ඇතුව නෙවෙයි. උදය මීට පෙර හොන්ඩා සිවික් රථයක් පාවිච්චි කළා. කාලයෙන් කාලයට යාවත්කාලීන විය යුතු නිසයි ඔහු මිට්සුබිෂි රථයකට මාරු වී ඇත්තේ.

ගායකයකු ලෙස නිහඬව මේ දිනවලදී කාලය ගත කරන චාමික සිරිමාන්න පාවිච්චි කරලා තියෙන්නෙත් හොන්ඩා බ්‍රෑන්ඩ් එකේ රථයක්. හොන්ඩා වෙසල් රථයක් තමයි චාමික සතුවෙලා තිබිලා තියෙන්නේ. නමුත් නොබෝ දිනකට පෙර ඔහු එය විකුණුවලු. ඒ වෙනත් අලුත් වාහනයකට යන්න. එවැනි මට්මේ හොඳ රථයක් හොයමිනුයි චාමික මේ දිනවලදී කාලය ගත කරන්නේ. බෑන්ඩ් එක කුමක් වුවත් තිබුණට වඩා ඉහළ මෝටර් රථයක් මිලදී ගන්නයි චාමිකගේ උත්සාහය.

අපේ ගායකයන් වැඩි දෙනෙකු හොන්ඩා බ්‍රෑන්ඩ් එකට ප්‍රියයි වගේ. ගායකයන් විතරක් නෙවෙයි එක්තරා ගායිකාවකුත් හොන්ඩා බ්‍රෑන්ඩ් එකට කැමැත්ත ප්‍රකාශ කරලා. ඇය තමයි නදිනි ප්‍රේමදාස. නදිනිට තියෙන්නෙත් හොන්ඩා වර්ගයේ මෝටර් රථයක්. හොන්ඩා ඛ්අඛ තමයි එහි නම. ඒක ස්පෝට් රථයක්. දොර දෙක හුරුබුහුටි රථයක්. මේ වන විට නදිනි එය මිලයට ගෙන අවුරුදු හතරක් පමණ වෙනවා.

පොඩි වලං කඩේ ගීතය ගයමින් ප්‍රසංග වේදිකාව දෙවනත් කරන චරිතයක් ලෙස චාමර රනවකව හඳුන්වා දෙන්න පුළුවන්. චාමර නැති ප්‍රසංගයක් හොයා ගන්නත් අමාරුයි. ඔහු සතුව ඇත්තේ ටොයෙටා ඇක්සියෝ හයිබ්‍රිඩ් රථයක්. එහෙත් චාමරට වඩා එය පාවිච්චි කරන්නේ ඔහුගේ නෝනලු. ප්‍රසංගවලට සහභාගි වන්නේ චාමර ගාව තියෙන වෙනත් වෑන් එකකින්. කාර් රථය පවුලේ ගමන්වලට පමණයි. චාමර ලෝබ නැතුව එය නෝනට දීලලු තියෙන්නේ ඕන තැනක යන්න කියලා.

අපේ සින්දු කියන දොස්තර මහත්තයා ප්‍රදීප් රංගනට වාහන දෙකක් තියෙනවා. එකක් මෝනගේ පාවිච්චියට. අනෙක ප්‍රදීප්ගේ. ප්‍රදීප් සතු වාහනය තමයි ටොයෙටා ඇලියොන් රථය. ඔහු එය පාවිච්චි කරන්නේ ඒකේ හොඳට ඉන්ධන වැඩකරන නිසාලු. ප්‍රදීප් නෝනට දීලා තියෙන්නේ කියා පිගැන්ටෝ රථයක්. ඒක බොහොම සුරක්ෂිත රථයක් නිසයි ප්‍රදීප් නෝනට ඒ වාහනයක්ම අරන් දීලා තියෙන්නේ.

සිය ආදරණීය කටහඬින් රටක් වසඟයට පත් කළ රොමේෂ් සුගතපාල සතුව ඇත්තේ ටොයොටා ප්‍රියස් රථයක්. සාමාන්‍යයෙන් රොමේෂ් ටිකක් දුර බැහැර යන නිසා මේ වර්ගයේ වාහනයක් මිලයට ගත්තලු. සැප පහසුව අතිනුත් ඉතාම ඉහළයි කියලා ඒ වාහනය ගැන රොමේෂ් වර්ණනාවක් කළා.

මේරියන්ස් නායක නලීන් පෙරේරා තම සංගීත කටයුතු වෙනුවෙන් රට පුරා යනවා. ඇතැම් අවස්ථාවලදී නලින් කිසිම විවේකයක් නැතුව කෙළින්ම යන්නේ සංගීත සංදර්ශනවලට. එහෙයින් ඔහුට අවශ්‍ය වෙලා තියෙනවා ගමන් මහන්සිය නොදැනෙන මෝටර් රථයක් මිලදී ගන්න. එහෙයින් ඔහු මේ වසරේ නිෂ්පාදිත නවතම ලෑන්ඩ් කෲසර් ප්‍රාඩෝ රථයක් ආනයනය කරලා මේ වන විට. ඔහු එය තමයි පාවිච්චි කරන්නේ කාලයක් තිස්සේ. ජීප් වර්ගම පදවන නිසා නලින් නිතරම මිලදී ගන්නේ ටිකක් උස වාහනලු. මෙවරත් එසේමයි. නලින්ට බොහෝ දුර බැහැර ගියත් ෆ්‍රෙෂ් පිට නිවසට ආව හැකිලු මේ රථයෙන්.