වර්ෂ 2016 ක්වූ  ජූලි 13 වැනිදා බ්‍රහස්පතින්දා




කකුල ඉවත් කිරීම දුකක්, ඒත් දැන් සුවයක් තිබෙනවා

කකුල ඉවත් කිරීම දුකක්, ඒත් දැන් සුවයක් තිබෙනවා

සම්මානනීය කලා අධ්‍යක්ෂ ස්ටැනී ද සිල්වා

මගේ මුල්ම කලා අධ්‍යක්ෂණය වුණේ මාලිනී ෆොන්සේකාගේ අහිංසා චිත්‍රපටය. සහය අධ්‍යක්ෂවරයකු වූ ධම්මික කන්දගේ තමයි මාව මාලිනී ෆොන්සේකාට හඳුන්වලා දුන්නේ. මගේ දෙවන චිත්‍රපටය වුණේ කැඩපතක ඡායා. දවසක් වසන්ත ඔබේසේකරත්, ස්වරණා මල්ලවාරච්චිත් මාලිනී ෆොන්සේකාගේ ගෙදරට ඇවිත් තිබුණා අහිංසා චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය කළ මාව හොයාගෙන. ඒ ඇවිත් තමයි මට ආරාධනය කළේ කැඩපතක ඡයා චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය සඳහා සම්මානනීය ඇගැයුම් ලැබූ කලා අධ්‍යක්ෂවරයකු මෙන්ම චිත්‍ර ශිල්පියෙකු වගේම නළුවකුත් වන ස්ටැනී ද සිල්වාගේ දකුණු පාදය හදිසියේ කපා ඉවත් කළ බව දැනගන්නට ලැබුණු හෙයින් අපි මේ පිළිබඳ ඇත්ත නැත්ත සොයා බැලීමක් සිද්ධ කළා.

ලැබුණු ආරංචිය අනුව අපිට දැනගන්න ලැබුණේ මේ වන විටත් කොළඹ මහ රෝහලේ විසි අට වන වාට්ටුවේ දහ අට වන ඇඳේ ඔහු ප්‍රතිකාර ලබන බවකි. මේ අනුව අපි ගියා ස්ටැනී ද සිල්වා සොයාගෙන කොලඹ මහ රෝහලට.

තම දකුණු පාදය දනහිසට උඩින් කපා ඉවත් කරනු ලැබූ ස්ටැනී ද සිල්වා අපිට හමු වුණේ එහිදී.

අවුරුදු හැට හතක් මාත් එක්ක හිටිය කකුල පසුගිය ජූනි 28 වැනිදා මට නැති වුණා. ඒ ගැන තියෙන්නේ දුකක්. මොනව කරන්නද වෛද්‍යවරු කීවා මගේ ජීවිතය බේර ගන්න ඕනෑ නම් මේ කකුල කපල ඉවත් කරන්න ඕනෙමයි කියලා.

ඇයි කකුලට මොකද වුණේ?

දකුණු කකුලේ කුඩාවට තුවාලයක් හැදුණා. දවසින් දවස මේ තුවාල කකුල පුරා ඇති වෙන්න පටන් ගත්තා. කොහොම හරි තුවාල මාසයක් ඇතුලත කකුල පුරා පැතිරෙමින් වර්ධනය වෙනන පටන්ගත්තා. වෛද්‍යවරුන්ගේ නිගමනය වුණේ විෂ බීජයක් දරුණු ආකාරයෙන් ශරීරගතවිමක් නිසාවෙන් මෙවැනි ආසාදන තත්ත්වයක් ඇති වෙලා කියලා. මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වුණොත් විෂබීජ හේතුවෙන් පපුවට ආසාදනයක් ඇති කිරීමට හේතු වෙනවා කියලා වෛද්‍යවරු පැවසුවා.

කාලෙක පටන් ආසාදිත තත්ත්වය කකුල පුරා ඔඩු දුවා තිබුණාද?

නැහැ. හැම දේම වෙන්න මාසයක් වගේ කාලයක් ගියේ. මගේ මල්ලිට බතික් වැඩපලක් තිබුනා මාරවිල. මම චිත්‍ර ශිල්පියෙක් නිසාවෙන් මල්ලිට අවශ්‍ය වුණා මම ලවා බතික් නිර්මාණ ටිකක් කරව ගන්න. එයාට ප්‍රින්ටින් පිළිබඳ එතරම් දැනීමක් තිබුණේ නැහැ. මම ඒ වැඩ ටික මාරවිල ගිහින් මල්ලිට කරලා දුන්නා. ඔය අතරේ බතික් වැඩ කරන්න ගන්න කෙමිකල් එකක් කොහාම හරි මගේ කකුලට වැටිල තියෙනවා. ඒ කෙමිකල් බිඳිති මගේ කකුලේ තැවරීමත් සමඟ මුලින්ම කකුලේ බිබිලි ආවා. ඒවා තුවාල බවට පත් වුණා. පස්සේ දවසෙන් දවස කකුල පුරා වර්ධනය වෙන්න පටන් ගත්තා. මේ තත්ත්වය වර්ධනය වීම ජීවිතයට තර්ජනයක් කිව්ව නිසාවෙන් තමයි මම කකුල කපන්න එකඟ වුණේ.

තව කොච්චර කාලයක් ඉස්පිරිතාලේ ඉන්න වෙයි කිව්වද?

සති දෙකක් විතර ඉන්න වෙයි කිව්වා. දැන් නම් කකුල කපපු තුවාල සුව අතට හැරෙමින් තියෙනවා කියලා තමයි දොස්තරලා කිව්වේ. දවසක් ඇර දවසක් කකුලට බේත් දානවා.

අසනීප වෙන්නට පෙර මොන වගේ කලා කටයුතුවල ද නියැලී හිටියේ?

සිල් සුවඳ කියන පත්තරයට මම චිත්‍ර අඳිමින් තමයි හිටියේ.

රංගනය පැත්තෙන් දායකවීමක් මෑත භාගයේ සිද්ධ වුණේ නැද්ද?

ටෙලි නාට්‍ය නම් අසූවක විතර රඟපාලා ඇති. අන්තිමට මම රඟපෑවේ සිරිවාසල ටෙලි නාට්‍යයේ. චිත්‍රපට විස්සක විතර රඟපෑවා. වීර උදාර චිත්‍රපටයේ තමයි අන්තිමට රඟපෑව්. වේදිකා නාට්‍ය පනහක විතර රඟපෑවා. ජයසේකර අපෝන්සුගේ හොරු වේදිකා නිර්මාණයේ තමයි අන්තිමට රඟපාමින් හිටියේ.

කලා අධ්‍යක්ෂණයෙන් ඔබ සම්මානනීය වූ කලා අධ්‍යක්ෂවරයෙක්?

1989 දී මම හොඳම කලා අධ්‍යක්ෂණය වෙනුවෙන් කැඩපතක ඡායා චිත්‍රපටයට සරසවිය සම්මානය ලැබුවා.

සම්මානනීය කලා අධ්‍යක්ෂවරයකු වූ ඔබ ඒ තුළ නිරන්තරයෙන් රැඳීමට උත්සාහ ගත්ත් නැද්ද?

එහෙම කියලා විශේෂයක් නැහැ. මට රංගනය පැත්තෙනුත් හැකියාව තිබුනා. සමහර නිර්මාණවලදී කලා අධ්‍යක්ෂණයයි රංගනයයි දෙකම එකම නිර්මාණයට දායක කළ අවස්ථා තිබුණා.

ඔබ දෙවන චිත්‍රපටයෙන්ම සරසවිය සම්මානයට හොඳම කලා අධ්‍යක්ෂවරයා ලෙසින් සම්මානයට පාත්‍ර වෙනවා?

මගේ මුල්ම කලා අධ්‍යක්ෂණය වුණේ මාලිනී ෆොන්සේකාගේ අහිංසා චිත්‍රපටය. සහය අධ්‍යක්ෂවරයකු වූ ධම්මික කන්දගේ තමයි මාව මාලිනී ෆොන්සේකාට හඳුන්වලා දුන්නේ. මගේ දෙවන චිත්‍රපටය වුණේ කැඩපතක ඡායා. දවසක් වසන්ත ඔබේසේකරත්, ස්වර්ණා මල්ලවාරච්චිත් මාලිනී ෆොන්සේකාගේ ගෙදරට ඇවිත් තිබුණා අහිංසා චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය කළ මාව හොයාගෙන. ඒ ඇවිත් තමයි මට ආරාධනය කළේ කැඩපතක ඡයා චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය සඳහා.

කලා ක්ෂේත්‍රයේ නියෝජනය කොපමණ කාලයක සිටද?

අවුරුදු හතලිහක් මම මේ ක්ෂේත්‍රයේ කටයුතු කරනවා. ළමා චිත්‍ර ශිල්පියෙක් ලෙස පත්තර ගණනාවක මම චිත්‍ර ඇදලා තියෙනවා. රංකැටි, මීපැණි, කුමරි, සත්සිරි, සුහද, කැකුළු, සුමුදු, හිතවත, සත්වරණ වගේ පත්තර ගණනාවක මම චිත්‍ර ඇදලා තියෙනවා. කැමිලස් පෙරේරා මහත්තයා තමයි මට ඒ වෙනුවෙන් උදවු කළේ.

ඔබ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයක් පවා පැවැත්වූවා නේද?

2012 වසරේ ‘තෙලි තුඩක අසිරිය’ නමින් මම මුල්වරට චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වූවා. මේ වසරෙත් මම ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වන්න අදහස් කරලා තියනෙවා. මහවැලි කේන්ද්‍රයේ ලයනල් වෙන්ට් එකේ හෝ කලා භවනේ මේ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය මම පවත්වන්න තමයි බලාපොරොත්තුව.

හතලිස් වසරක කලා ජීවිතය ගැන ආපසු හැරිලා බලන කොට මොකද හිතෙන්නේ?

මට කළ හැකි උපරිම සේවයක් කලාවට මම කළා කියලා මට සතුටු වෙන්න පුළුවන්. මම සම්මානනීය වුණේ කලාව නිසාවෙන්.

ඔබ රෝහල් ගතවෙලා කියලා දැනගත් ආරංචියට සහෝදර කලා ශිල්පීන් ඔබේ සුවදුක් විමසන්නවත් උත්සුක වුණාද?

එහෙම කවුරුවත් බලන්න ආවේ නැහැ. රොජර් සෙනෙවිරත්න නම් මට කෝල් කරලා විස්තරේ අහල ස්ටැනී මම උඹට කකුලක් දෙන්නම් කිව්වා. ඒ ඇරෙන්න වෙන කවුරුවත් කතා කළේ නම් නැහැ. සුමේද වේරගොඩ, රංජිත් ජයසූරිය කියන මගේ කල්‍යාණ මිත්‍රයො දෙන්නා තමයි මේ වෙලාවේ මට සවියක් වෙලා තියන්නේ. ඒ දෙන්නා මට ගොඩක් උදවු කරනවා. රංජිත් ජයසූරියගේ නිවසක තමයි මම කුලියට ජීවත් වන්නෙත්.

ක්ෂේත්‍රයේ වැඩ කරපු අය, එකට රඟපාපු අයවත් අඩුම තරමේ චිත්‍රපට, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු?

අනේ එයාලට විවේකයක් නැතුව ඇති. මගේ පිහිටට හිටිය මගේ දකුණු කකුල මට නැති වුණා. අද මගේ හැම දේටම ශක්තිය වෙලා තියෙන්නේ මගේ බිරිය රංජනී ප්‍රනාන්දු. ඇය තමයි දවසේ තුන් වරුවම මාව බලන්න එන එකම කෙනා. මගේ එකම දුව ඒන්ජල් ද සිල්වා ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්නේ. දුවත් එහෙ ඉඳලා එයාට පුළුවන් විදියට මට උදව් කරනවා. ළඟ නොසිටියත් අද කාලේ දරුවන්ට වුණත් බරක් වෙන්න මම කැමති නැහැ. දෙවියන්ගේ කැමැත්ත මේක වෙන්න ඇති. මින් ඉදිරියට මට රඟපාන්න කලා අධ්‍යක්ෂණයට දායක වෙන්න බැරි වෙයි. ඒත් මම චිත්‍ර ශිල්පියෙක් ලෙස එක තැන ඉඳලා හරි මගේ නිර්මාණ කාර්යයේ නියැලෙනවා. 70/3, ශාන්ත ජූඩ් මාවත, ඇලෝසියස් විජේතුංග මාවත, එඬේරමුල්ල ලිපිනයේ තමයි මම පදිංචි වෙලා ඉන්නේ. 0776641212 දුරකථන අංකයෙන් වුණත් මාව කාට වුණත් සම්බන්ධ කර ගන්නත් පුළුවන්.