වර්ෂ 2016 ක්වූ  ජූලි 13 වැනිදා බ්‍රහස්පතින්දා




ඔෂානිගේ නවතම ගීතය ‘හිතුමතෙන්’

ඔෂානිගේ නවතම ගීතය ‘හිතුමතෙන්’

අවසාන ප්‍රේමයයි මාගේ ගීතයේ ෆීමේල් වර්ෂන් එක ගයමින් ජනප්‍රියත්වයට පත් ඔෂානි සංදීපාගේ නවතම ගීතයයි මේ. එය නම් කොට තිබෙන්නේ හිතුමතෙන් ලෙසින්. උපුල් දිශාන්ත පද රචනා කළ එම ගීයෙහි සංගීතය හසිත් සාරංග විසින් නිමකෙට තිබෙනවා. මේ දෙදෙනා ද ක්ෂේත්‍රයට නවකයෝ. දිනක් පුරා මීගමුව අවට රූ ගැන්වුණ හිතුමතේ ගීිතයේ මියුසික් වීඩියෝව අධ්‍යක්ෂණය කොට ඇත්තේ ගිහෙන් නිශාන්. එය මියුසික් විලේජ් ආයතනයේ ඉදිරිපත් කිරිමක්. තරුණයකු තරුණියකගේ සෙනෙහස පතා යනවා. එක්තරා තැනකදී තරුණිය මෙම තරුණයාට සිය කැමැත්ත ප්‍රකාශ කරනවා. දෙදෙනා කාලයක් සෙනහසින් කල් ගෙවනවා. හදිසියේම මේ තරුණයා කිිසිදු හේතුක් නැතිව මුදල් තිබෙන තරුණියක සමඟ මිතුරු වෙනවා. ගැටුම ආරම්භ වන්නේ එතනින්. හිතුමතෙන් වීඩියෝවට අන්තර්ගත වන්නේ එම කතාවයි. මෙම මියුසික් වීඩියෝවේ කැමරා අධ්‍යක්ෂණය ගයාන් ශානකගෙන්. සචින් සහ සුදාරි වීඩියෝවෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා.