වර්ෂ 2016 ක්වූ  ජූලි 13 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහරාජයේ සර්පයා

සිංහරාජයේ සර්පයා

පිටසක්වල අභිරහස චිත්‍රපටය කළ නිර්මාල් රාජපක්ෂ නැවතත් වෙනස්ම රසයකින් යුතු සිනමාපටයකට අතගහලා. ඒකේ නම මාරාන්තික සර්පයා. නමින්ම තේරෙනවා ඇතිනේද ඒක මොන වගේ කතාවක් ද කියන එක. මේ දවස්වල එහි රූපගත කිරීම් සිදුවනවලු. සිංහරාජ කැලෑ පරිශ්‍රයේදී මාරාන්තික සර්පයා රංගනයෙන් හැඩකරන අයගෙන් අප දන්න කියන අයකුට ඉන්නේ සේනක විජේසිංහ පමණයි. අනෙක් ඔක්කොම නව පරපුරේ අය. නිර්මාල් මෙම සිනමාපටයෙහි වැඩ කටයුතු අවසන් කරන්නයි වෙහෙසෙන්නේ. නෙඅනුමානවම මාරාන්තික සර්පයා සිංහල සිනමා ලෝලීන්ට නවමු අත්දැකීමක් වේවි.