වර්ෂ 2016 ක්වූ  ජූලි 13 වැනිදා බ්‍රහස්පතින්දා




අමෙරිකාවට බොලිවුඩ් තරු පායයි

අමෙරිකාවට බොලිවුඩ් තරු පායයි

ලොවපුරා සුන්දරතම ස්ථාන සොයා ගොස් පවත්වන සම්මාන උලෙළක් නම් එය අයිෆා සම්මාන උලෙළ (International Indian Film Academy Awards)යි. මෙවර එහි 18 වැනි සම්මාන උලෙළ අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි දී අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. මෙවර සම්මාන උලෙළේ හොඳම සිනමා නිර්මාණය ලෙසින් පිදුම් ලැබූයේ, රාම් මධ්වානි අධ්‍යක්ෂණය කළ Neerja චිත්‍රපටය යි.

හොඳම නළුවාට හිමි සම්මානය Udta Punjab චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ශහීඩ් කපූර්හටත් හොඳම නිළියට හිමි සම්මානය එම චිත්‍රපටයේම රංගනය වෙනුවෙන් ආලියා භාත් වෙතත් පිරිනැමුණි. ආලියා භාත් Udta Punjab චිත්‍රපටයේ සේම Dear Zindagi චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්ද හොඳම නිළියට හිමි සම්මානය වෙනුවෙන් නිර්දේශ නාම අතරට ඇතුළත්ව සිටියාය. මෙවර හොඳම අධ්‍යක්ෂවරයා වූයේ, Bombay Velvet අධ්‍යක්ෂණය කළ අනිරුධා රෝයි චෞද්‍රි ය.

ඕධථඡචර ඍඥතමඥබ චිත්‍රපටයෙන් පසු කරන් ජොහාර්හට විශේෂ චරිතයක් ලැබුණා. ඒ මෙවර අයිෆා සම්මාන උලෙළ ඉදිරිපත් කිරීමේ අවස්ථාවයි. ඔහු සමගින් එම අවස්ථාවට සයිෆ් අලි ඛාන්ද එක් වුණා.

මෙවර අයිෆා සම්මාන උලෙළ රංගනයෙන් ඔපවත් කරන්නට එක් වූයේ, සල්මන් ඛාන්, කත්‍රිනා කයිෆ්, ශහීඩ් කපූර්, ආලියා භාත්, වරුන් ධවාන්, ක්‍රිටි සැනොන්, දිල්ජිත් දොසාන්ජ්, සුෂාන්ත් සං රාජ්පුත් ඇතුළු පිරිසයි. සල්මන් ඛාන් 'Main Hoon Hero Tera' ගීතය ගායනා කළේ මෙවර සම්මාන උලෙළේම අවධානය යොමු වන ලෙසින්.

හොලිවුඩයේ ඔස්කාර් සම්මාන උලෙළේ රතු පලසේ විවිධාකාර ඇඳුම් මෝස්තර කැපී පෙනෙන්නාත් මෙන් අයිෆා සම්මාන උලෙළේද එලෙසින්ම බොලිවුඩ් තරු ද කැපි පෙනුණා. පසුගිය වසරේදී මෙන්ම මෙවර අයිෆා සම්මාන උලෙළ ද හැඩ කළේ හරිත පලසක්. එහි සුන්දරව හැඩ වූ නිළියන් අතරේ ශිල්පා ෂෙට්ටි, බිපාෂා බාසු, ආලියා භාත්, තප්සේ පානු, දීෂා පතානි, සෝනක්ෂි සිං, හුමා කුරේෂි, නේහා ධුපියා කැපී පෙනුණා. කඩවසම් නළුවා ලෙසින් කැපී පෙනුණේ වරුන් ධවාන්. කත්‍රිනා කායිෆ්ගේ තිස් හතර වැනි උපන්දිනය එළඹෙන විටත් අයිෆා සම්මාන උලෙළ පැවැත්වෙමින් තිබූ නිසා වරුන් සහ ආලියා විසින් එම වේදිකාවේ සිට කත්‍රිනා වෙනුවෙන් උපන්දින සුබ පැතුම් ගීතය ගායනා කළා.

හොඳම සහය නළුවා - අනූපම් කේර් (M.S. Dhoni: The Untold Story)
හොඳම සහය නිළිය - ශභානා අස්මි (Neerja)
හොඳම නැගී එන නිළය - දීෂා පතානි (M.S. Dhoni: The Untold Story)
හොඳම නැගී එන නළුවා - දිල්ජිත් දොසාන්ජ් (Udta Punjab)
හොඳම විකට නළුවා - වරුන් ධවාන් (Dishoom)
හොඳම දුෂ්ට නළුවා - ජිම් සර්භා (Neerja)
හොඳම කතාව - අයේෂා දිවිත්‍රි, ශකුන් භත්‍රා (Kapoor & Sons)
හොඳම සංගීත අධ්‍යක්ෂණය - ප්‍රීතම් චක්‍රබෝර්ති  (Ae Dil Hai Mushkil)
හොඳම පද රචනය - අමිතාබ් භට්ටාචාර්යා ("Channa Mereya" - Ae Dil Hai Mushkil)
හොඳම ගායකයා - අමිත් මිශ්‍රා ("Bulleya"–Ae Dil Hai Mushkil)
හොඳම ගායිකාව - තුල්සි කුමාර් ("Soch Na Sake" – Airlift)
හොඳම පසුබිම් සංගීතය - ප්‍රීතම් චක්‍රබෝර්ති (Ae Dil Hai Mushkil)
හොඳම සටන් - ලාර්නෙල් ස්ටොවාල්, පර්වේස් ශ්‍යාඛි (Sultan)
හොඳම දෘෂ්‍ය ප්‍රයෝග - රෙඩ් චිලීස් (Fan)
මෙවර අයිෆා සම්මාන ලද්දෝහොඳම අංග රචනය - අදිල් ශ්‍යාඛි (Kapoor & Sons)
හොඳම කැමරාකරණය - අනිල් මෙහ්තා (Ae Dil Hai Mushkil)
හොඳම ඇඳුම් නිර්මාණය - මනීෂ් මල්හෝත්‍රා (Ae Dil Hai Mushkil)
හොඳම සංස්කරණය - බොධාදිත්‍යා බන්ද්‍යෝපාද්‍ය (Pink)
හොඳම වේශ නිරූපණය - ග්‍රෙග් කැනොම් (Fan)
හොඳම දෙබස් - රිතේෂ් ෂා (Pink)
හොඳම තිර රචනය - රිතේෂ් ෂා (Pink)
හොඳම සංගීත සංයෝජනය - අනූජ් මථූර් (Sultan)
හොඳම ශබ්ද පටිගත කිරීම - ශදාබ් (Ae Dil Hai Mushkil)
වසරේ අයිෆා කාන්තාව - තප්සේ පානු