වර්ෂ 2016 ක්වූ  ජූලි 13 වැනිදා බ්‍රහස්පතින්දා




ලාබම සඳුදා

ලාබම සඳුදා

ප්‍රවීණ ගායනවේදී විශාරද එඩ්වඩ් ජයකොඩි ගායන ලොවේ දැවැන්තයකු වුණාට හරිම සරල පුද්ගලයෙක්. කොයි වෙලාවෙත් හිනා වෙච්ච ගමන් ඉන්නේ. කා එක්ක වුණත් හරිම සුහදශීලීයි. ඒ වගේම විහිළු කරන්නත් හපනා. මේ ළඟදී දවසක එඩ්වඩ් ලොක්කා යාළුවෙක් එක්ක කදේ දාගෙන ඉන්නවලු. ඒ අතරතුරදී එඩ්වඩ් මෙහෙම කියලා.

මගේ ඊළඟ ෂෝ එක තියෙන්නේ සඳුදා දවසකනෙ.

ඇයි සඳුදා. සාමාන්‍යයෙන් සඳුදා ඔය වගේ ෂෝස් තියන්නේ නැහැනෙ. වීක් එන්ඩ් එකේනේද හොඳ.

හිතවතා එහෙම පිළිතුරු දීලා.

මං ගන්න හෝල් එක වීක් එන්ඩ් එකේ ගාන වැඩියි. ලාබෙටම දෙන්නම් කිව්වා සදුදා දවසක. ඒ හින්දා එදාම මං බුක් කරනවා.

එඩ්වඩ් එහෙම කියද්දී යාළුවා හිතුවලු ඔහු මේ කියන්නේ ඇත්තටම කියලා. බැලින්නම් මාරම්බරි ප්‍රසංගයේ සංවත්සර සැමරුම යෙදිලා තියෙන්නේ සඳුදා දවසක. එඩ්වඩ් ඒකයි සඳුදා දිනයක ෂෝ එකක් තියන්න හදන්නේ.