වර්ෂ 2016 ක්වූ  ජූලි 13 වැනිදා බ්‍රහස්පතින්දා




“ඩාක් රූම්” එන්න අඳුර විනිවිද දකින්න

“ඩාක් රූම්” එන්න අඳුර විනිවිද දකින්න

නාලක හපුආරච්චි

නව සංකල්පයක් වේදිකාවට ගෙනෙන 'ඩාක් රූම්' හි වේදිකා පරිපාලනය ගැමුණු රණවීරගෙනි. මෙහි පිටපතම අභියෝගයක් බව වෙස්ගැන්වීම් ශිල්පියා වශයෙන් කටයුතු කරන ප්‍රවීණ වේශ නිරූපණ ශිල්පී වසන්ත ගුණසේකර සඳහන් කළේය. නාට්‍ය පිටපත රත්නසිරි පරණවිතාන විසින් රචනාකර ඇති අතර සංගීතය දිනේෂ් හේවගේ විසින් නිර්මාණය කර ඇත. වේදිකා ආලෝකකරණය ඉෂාන් හේමන්ත පෙරේරාගෙනි.

පවතින සමාජ සහ ආර්ථික රටාව තුළ ජීවිතය ඇහිඳීමට වෙර දරන තාරුණ්‍ය නියෝජනය කරන චරිත ත්‍රිත්වයකි. ඊට මැදි වූ සංක්‍රාන්ති ලිංගිකත්වයේ පසුවන, මැද මාවත නියෝජනය කරන තවත් චරිතයකි. අනේකවිධ හැලහැප්පිම් මැද, සුළු රැකියාවල නියැළෙමින් කුලී කාමරයකට කොටු වී ජීවිතය සොයන මොවුනගේ කුලකය කේන්ද්‍ර කර ගනිමින් කරළියේ සිට බුද්්ධිමත් ප්‍රේක්ෂකයාගේ හදවතට ආමන්ත්‍රණය කරන 'ඩාක් රූම්' අපූරු පර්යේෂණාත්මක වේදිකා නාට්‍ය නිර්මාණයකි.

එහි මංගල දර්ශනය ජුලි 22 වැනි ශනිදා එනම් අනිද්දා සවස 6.30 ට කොළඹ ලුම්බිනි රඟහලේදි වේදිකා ගතවීමට නියමිතය.

'ඩාක් රූම්' අධ්‍යක්ෂ නාලක හපුආරච්චි රත්නපුර කලවාන ප්‍රදේශයෙන් බිහි වූ වේදිකා රංගනය පිළිබඳ පරිණත දැනුම් සම්භාරයක් ඇති මෙන්ම, වේදිකාවේ නව මංපෙත් සෙයා එහි හතරකොන මායිම් පුළුල් කිරීමේ වපසරිය පිළිබඳ සොයා බලන්නෙකි. වේදිකා රංගන ගණනාවක නියැලෙමින්, ආනන්ද එස්. විජේසිරිගේ 'දෙව්ලොව යනකං', 'පුරවර සුන්දරී', 'නෙත් අඳ බිසව්' සහ විජේසිංහ මලල්පොලගේ 'සීතාවක රාජසිංහ' යන නිර්මාණවලදී ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගනිමින් තම රංගන ප්‍රතිභාව ප්‍රකට කළ භද්‍ර යෞවනයේ නාට්‍යකරුවෙකි.

මින් පෙර 'බමන මධු' වේදිකාවට ගෙන ආ නාලක, තම දෙවන නිර්මාණය සහ කුළුඳුල් නිෂ්පාදනය වන 'ඩාක් රූම්' පිළිබඳ පැවසුවේ මෙවැන්නක්.

'ඩාක් රූම්' තේමාවම වේදිකාවට නුහුරුයි. ලාංකේය සමාජය තුළින් මෙවැනි අත්දැකීම් කොතෙක් ලැබුව ද, ඒ සම්බන්ධව කතිකාවතක් ගොඩ නැඟෙන අවස්ථා ඉතා විරලයි. ඒ නිසා මෙම පර්යේෂණාත්මක නාට්‍ය නිර්මාණය බුද්ධිමත් ප්‍රේක්ෂක සමූහයාට කතිකාවතක් ගොඩ නඟන්නට තෝතැන්නක් වේවි. මෙහිදි විචාරයට වේදිකාවක් තැනීම යන මගේ අරමුණ කෙතරම් දුරට සාර්ථක වන්නේදැයි ප්‍රේක්ෂකයා තීරණය කරයි.'

'මානව සම්පත අතින් ලාංකික අපි ඉතාම ඉහළයි. ලෝක පූජිත නළු නිළියන්ට, සංගීතඥයින්ට අභියෝග කළ හැකි මට්ටමේ ශිල්පීන් ශිල්පිනියන් අප රටේ කොතෙකුත් සිටිනවා. එනමුත් පුහුණුව හා පර්යේෂණ යන අංශයන් පිළිබඳ තැකීමක් නොමැතිවීම සහ සාමුහිකත්වය බිඳ වැටීම හමුවේ නාට්‍යකරණය පසුබෑමකට ලක් වී, ප්‍රෙක්ෂකයා ඉන් ඈත් වී තිබෙනවා. අද නාට්‍යකරණයට අනුග්‍රාහකත්වයක් නෑ. ඒ පිළිබඳ හඬක් නඟන්නට කෙනෙක් නෑ.'

නාලක එසේ අදහස් දැක්වුව ද, ඔහු කොතෙක් බාධක හමුවේ වුවත් සිය ගමන අතරමඟ නතර නොකරන කලාකරුවෙක්. නාට්‍යකරණයේ නව මානයකට පිවිසීමේ සිහිනය යථාර්ථයක් කරලීමට නිරතුරු වේදිකාවේ පර්යේෂණවල නියැළෙන්නෙකි.

'ඩාක් රූම්' හී ප්‍රබල චරිතයක් නිරූපණය කරන්නෙකි දිනිඳු ඒකනායක. ඔහු කොළඹ රාජකීය ිවිද්‍යාලයේදී රත්නා ලාලනී ජයකොඩි මහත්මිය යටතේ රංගනය ප්‍රගුණ කළ ශිල්පියෙකි. දිලිප් ගබඩාමුදලි නිර්මාණය කළ අඥමඥදඨඥ තුළින් රංගනයට පිවිසි දිනිඳු 2010 වසරේදී 'ඕඥඩඪදඤ බඩඥ ඉජඥදඥ' සහ 'දුටුගැමුණු' යන නිර්මාණවලට දායක වී තිබුණ ද මෙවැනි මැද මාවතේ චරිතයක් නිරූපණය කිරීම ඉතා අභියෝගාත්මක බව සඳහන් කළේය.

නව සංකල්පයක් වේදිකාවට ගෙනෙන 'ඩාක් රූම්' හි වේදිකා පරිපාලනය ගැමුණු රණවීරගෙනි. මෙහි පිටපතම අභියෝගයක් බව වෙස්ගැන්වීම් ශිල්පියා වශයෙන් කටයුතු කරන ප්‍රවීණ වේශ නිරූපණ ශිල්පී වසන්ත ගුණසේකර සඳහන් කළේය. නාට්‍ය පිටපත රත්නසිරි පරණවිතාන විසින් රචනාකර ඇති අතර සංගීතය දිනේෂ් හේවගේ විසින් නිර්මාණය කර ඇත. වේදිකා ආලෝකකරණය ඉෂාන් හේමන්ත පෙරේරාගෙනි.

වේදිකාව මත මෙතෙක් කතාබහ නොකළ ප්‍රස්තුතයක් පාදක කොට ගනිමින් පුළුල් සමාජ කතිකාවතකට මං පෙත් විවර කරන මට්ටමේ තාත්වික රංගනය තුළ හාස්‍යය බලහත්කාරයෙන් ඔබ්බවනු නොලැබූ 'ඩාක් රූම්' දේශයෙන් ඔබ්බට ජාත්‍යන්තරය තෙක් පියනඟනු දැකීම මෙහි නිර්මාණකරු වන නාලකගේ මෙන්ම අපගේ ද අපේක්ෂාවයි.