වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා




අමර පෙම් ලතාවේ රන් මලක් උදාවේ

වින්දනීය සිනමා සටහනක්

හැම වර්ගයේම චිත්‍රපට හැදූ හවර්ඩ් හෝක්ස්

1924 වන විට හෝක්ස් හොලිවුඩයට ඇතුළුව චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධවීමට සමත් වී තිබුණා. ලොස් ඇන්ජලීස් හී රොජර්ස් ගුවන් තොටුපළේදී හෝක්ස් හට පුුරෝගාමී ගුවන් නැවියන් සමඟ මිත්‍ර සම්බන්ධතා ඇති කර ගැනීමට පුළුවන් වුණා. එහිදී ඔහුට මෝයේ ස්ටීවන්ස් වැනි පළපුරුදු ගුවන් නැවියන්ගේ ඇසුර ලැබුණා. හෝක්ස් ඔහුගේ ප්‍රථම තිර නාටකය ටයිගර් ලව් ලිව්වේ 1924 දී. 1925 දී හෝක්ස් තම කුලුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසුණේ ද රෝඩ් ටු ග්ලෝරි චිත්‍රපටයත් සමඟයි. හෝක්ස් ඔහු අධ්‍යක්ෂණය කළ බොහොමයක් චිත්‍රපටවල තිර පිටපත් නැවත නැවතත් තමන්ම ලියමින් සකස් කළේ ඒ සඳහා තමන්ගේ නම චිත්‍රපට නාමාවලියට යොදා නොගනිමින්. 1928 දී හෝක්ස් නිහඬ චිත්‍රපට 8 ක් අධ්‍යක්ෂණය කළා. ෆාසල් ඒ අතරින් ප්‍රමුඛත්වය ගත්තා.

හවර්ඩ් හෝක්ස් - 1896 - 1977

විශිෂ්ට චිත්‍රපට - බ්‍රින්ගින් අප් බේබි, ඕන්ලි එන්ජල්ස් හැව් වින්ග්ස්, සාජන්ට් යෝක්, ද බිග් ස්ලීප්, රෙඩ් රිවර්, ජෙන්ටිල්මන් ප්‍රිෆර් බ්ලොන්ඩිස්, රියෝ බ්‍රාවෝ

හවර්ඩ් හෝක්ස් යනු හොලිවුඩ් ස්වර්ණමය යුගයේ බැබළුණ, විවිධ සිනමා ශෛලියන්ගෙන් (විකාර, විකට, කළු චිත්‍රපට, බටහිර, මැර, යුධ, සාහිත්‍යමය අනුවර්තන) පිරිපුන් වූ සුප්‍රසිද්ධ, කුසලතා පිරි, සර්ව නිපුණ, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි.

ඉන්දියානා ජනපදයේ ගොෂෙන් හී උපත ලද හවර්ඩ් ෆ්‍රෑන්ක් ඩබ්ලියු හෝක්ස් සහ හෙලන් හවර්ඩ් ගේ කුලුඳුල් දරුවා වූවා. ඔහුගේ සොහොයුරාගේ උප්පත්තියෙන් පසු හවර්ඩ්ගේ පවුල විස්කොන්සින් ජනපදයේ නීනාහ් නගරයට සංක්‍රමණය වුණා. එයිනුත් ටික කාලයකට පසු ඔවුන් නැවතත් එම නගරය හැර ගොස් නතර වුණේ දකුණු කැලිෆෝර්නියාවෙයි.

ග්ලෙන්ඩෝරා හි පාසලක ද්වීතියක අධ්‍යාපනය ලැබූ හෝක්ස් 1912 සිට 1914 කාලය දක්වා නිව් හැම්ප්ෂයර් ජනපදයේ ෆලිප්ස් එක්ස්ටර් ඇකඩමියේ උසස් අධ්‍යාපනය ලැබුවා. පාසල් ජිවිතය සාර්ථකව සම්පූර්ණ කළ හෝක්ස් නිව්යෝර්ක් ජනපදයේ ඉතකා නගරයේ පිහිටි ප්‍රසිද්ධ කොර්නෙල් විශ්වවිද්‍යාලයට ඇතුළු වූයේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව හැදෑරීමටයි. 1916 සහ 1917 යන වසරවල ගිම්හාන කාලයේදී හෝක්ස්ට මුල්කාලීන චිත්‍රපට කිහිපයක වැඩ කිරීමට අවස්ථාව ලැබුණේ සුප්‍රසිද්ධ ප්ලේයර්ස් - ලැස්කි චිත්‍රාගාරය වෙනුවෙනුයි. උපාධිය ලබා ගැනීමෙන් පසු හෝක්ස් එක්සත් ජනපද යුද හමුදා ගුවන් සේවය සඳහා බැඳුණේ පළවෙනි ලෝක යුද්ධය අවසන් වූ පසුවයි. හමුදා සේවය අවසන් වූ පසු හෝක්ස් රේස් කාර් රියදුරෙක්, ගුවන් නැවියෙක්, ගුවන් යානා සාදන කම්හලක නිර්මාණ සැලසුම් කරන්නෙකු ලෙස ද විවිධ රැකියාවල යෙදුණා.

නමුත් 1924 වන විට හෝක්ස් හොලිවුඩයට ඇතුළුව චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධවීමට සමත් වී තිබුණා. ලොස් ඇන්ජලීස් හී රොජර්ස් ගුවන් තොටුපළේදී හෝක්ස් හට පුුරෝගාමී ගුවන් නැවියන් සමඟ මිත්‍ර සම්බන්ධතා ඇති කර ගැනීමට පුළුවන් වුණා. එහිදී ඔහුට මෝයේ ස්ටීවන්ස් වැනි පළපුරුදු ගුවන් නැවියන්ගේ ඇසුර ලැබුණා. හෝක්ස් ඔහුගේ ප්‍රථම තිර නාටකය ටයිගර් ලව් ලිව්වේ 1924 දී. 1925 දී හෝක්ස් තම කුලුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසුණේ ද රෝඩ් ටු ග්ලෝරි චිත්‍රපටයත් සමඟයි. හෝක්ස් ඔහු අධ්‍යක්ෂණය කළ බොහොමයක් චිත්‍රපටවල තිර පිටපත් නැවත නැවතත් තමන්ම ලියමින් සකස් කළේ ඒ සඳහා තමන්ගේ නම චිත්‍රපට නාමාවලියට යොදා නොගනිමින්. 1928 දී හෝක්ස් නිහඬ චිත්‍රපට 8 ක් අධ්‍යක්ෂණය කළා. ෆාසල් ඒ අතරින් ප්‍රමුඛත්වය ගත්තා.

හෝක්ස් අපහසුවකින් තොරව නිහඬ චිත්‍රපට මාධ්‍යයෙන් හඬ කැවූ චිත්‍රපටවලට මාරු වුණා. 1930 දශකයේදී ඔහු චිත්‍රාගාර සමඟ ගිවිසුම් ඇති කරගෙන සිටියේ නැහැ. එම නිසා ඔහු තම සිතැඟි පරිදි තමාගේ සේවය විවිධ චිත්‍රාගාර සඳහා ලබා දුන්නා. හවර්ඩ් හියුස් සඳහා ස්කාර්ෆේස් (1932) ද, ආර්. කේ. ඕ. සඳහා බ්‍රින්ගින් අප් බේබි (1938) ද, කොලම්බියා සඳහා ඔන්ලි එන්ජල්ස් හැව් වින්ග්ස් (1939) සහ හිස් ගර්ල් ෆ්‍රයිඩේ (1940) යන චිත්‍රපට නිර්මාණය කර දුන්නා.

හෝක්ස් 1941 නිර්මාණය කළ ගැරි කූපර් ප්‍රධාන චරිතය රඟපෑ සාජන්ට් යෝක් එම වසරේ වැඩිම ආදායම්ලාභී චිත්‍රපටය බවට පත් වුණා. ඊට අමතරව එය හොඳම නළුවා සහ හොඳම සංස්කරණය සඳහා ඔස්කර් සම්මාන දිනා ගැනීමට සමත් වුණා.

1944 දී හෝක්ස් හම්ප්‍රි බොගාර්ට් සහ ලෝරන් බකෝල් පළවෙනි වරට යුවළක් ලෙස ප්‍රධාන චරිතවලට යොදා ගනිමින් ටු හැව් ඇන්ඩ් හැව් නොට් අධ්‍යක්ෂණය කළා. ඉන් පසුව 1946 දී ඔවුන් දෙදෙනාවම නැවතත් ප්‍රධාන චරිතවලට යොදා ගනිමින් ද බිග් ස්ලීප් නිර්මාණය කළා.

1948 දී ඔහු රෙඩ් රිවර් රූගත කළේ ජෝන් වේ සහ මොන්ට්ගම්රි ක්ලිෆ්ට් සමඟයි. 1951 දී හෝක්ස් ද තින්ග් ෆ්‍රොම් අනදර් වර්ල්ඩ් චිත්‍රපටය නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කළේ අධ්‍යක්ෂණයට ඔහුගේ නම යොදා නොගනිමින්. 1953 දී හෝක්ස් ජෙන්ට්ල්මන් ප්‍රිෆර් බිලොන්ඩ්ස් රූගත කළේ මැරලින් මොන්රෝ ප්‍රධාන චරිතය සඳහා තෝරා ගනිමින්. එම චිත්‍රපටයේදී මොන්රෝ සුප්‍රසිද්ධ / ඩයමන්ඩ්ස් ආර් අ ගර්ල්ස් බෙස්ට් ෆ්‍රෙන්ඩ් / ගීතය ගායනා කළා.

1959 දී ජෝන් වේන්, ඩීන් මාර්ටින්, වෝල්ටර් බ්‍රෙනන් රඟපෑ රියෝ බ්‍රාවෝ නිර්මාණය කළ හෝක්ස් එයින් සෑහීමකට පත් නොවී එම චිත්‍රපටයම නැවත නැවතත් දෙවතාවක්ම ආපසු අලුතෙන් නිර්මාණය කළා. 1967 දී එල් ඩොරාඩෝ නමින් ද 1970 දී රියෝ ලෝබෝ නමින් ද තිරගත වු එම චිත්‍රපට දෙකෙහිම ප්‍රධාන චරිතයට පණ පෙව්වේ ජෝන් වේන්ය.

හෝක්ස් නළු නිළියන් සමඟ සහයෝගයෙන් ඉතා හොඳින් වැඩ කළා. ඔහු රූපාලංකාරයෙන් තමාගේ අණසක පතුරනවාට වඩා කැමරාව ඉදිරියේ තමන්ට රිසි පරිදි පහසු ලෙස රඟපාන්නට නළු නිළියන්ට නිතරම ඉඩ දුන්නා. කැතරින් හෙප්බර්න්, ජේන් රසල් සහ ඈන් ෂෙරිඩන් තම ජිවිතයේ හොඳම රංගන ප්‍රතිභාවන් පෑවේ හෝක්ස්ගේ විකට චිත්‍රපට තුළිනුයි. ලෝරන් බිකෝල් සහ පෝලා ප්‍රෙන්ට්ස් තමන්ගේ රංගන ජීවිතය ස්ථාපිත කර ගත්තේ ඔහුගේ චිත්‍රපටවලට රංගන දායකත්වය සැපයීමෙනුයි. ඔහුගේ අධ්‍යක්ෂණය යටතේ කෙරි ග්‍රාන්ට් සහ ජෝන් වේන් ඔවුන්ගේ හොඳම චරිත පහ බැගින් රඟ දක්වන්නට සමත් වුණා. එයිනුත් ප්‍රධාන වුණේ රෙඩ් රිවර් හී ජෝන් වේන් රඟන වියපත් එහෙත් හිතුවක්කාර ගව පාලක ටොම් ඩන්සන් ගේ චරිතයයි.

හෝක්ස් හැම ශෛලියකම වාගේ චිත්‍රපට කළා. මැර (ද ක්‍රිමිනල් කෝඩ්, ස්කාර්ෆේස්) යුධ (ද ඩොවින් පැට්රෝල්, එයාර් ෆෝර්ස්) බටහිර (රෙඩ් රිවර්, රියෝ බ්‍රාවෝ) නොයාර් චිත්‍රපට (කළු චිත්‍රපට) (ද බිග් ස්ලීප්), සංගීතමය (ජෙන්ට්ල්මන් ප්‍රිෆර් බිලොන්ඩිස්), වීර කාව්‍ය (ලෑන්ඩ් ඔෆ් පේරෝස්) සහ විද්‍යාත්මක (ද තින්ග්) නම යොදා නොගනිමින් කොටසක් අධ්‍යක්ෂණයෙන් සහ නිෂ්පාදනයෙන් දායක වූ) ආදී වශයෙන් විවිධාකාරයේ චිත්‍රපට නිර්මාණය කිරීමට හෝක්ස්ට හැකි වුණා. ඒ වගේම හොඳ ක්‍රියාදාම චිත්‍රපටවලටත් (ද ක්‍රවුඩ් රෝරස්, ඔන්ලි එන්ජල්ස් හැව් විනිග්ස්), විකාර විකට චිත්‍රපට (බ්‍රින්ගින් අප් බේබි, මන්කි බිස්නස්) වලටත් හෝක්ස් සෑහෙන්න ප්‍රසිද්ධියක් ඉසිලුවා. සමහරකුගේ මතය වන්නේ විකාර විකට චිත්‍රපට ශෛලිය ඇරඹුණේ හෝක්ස්ගේ ටිවෙන්ටියත් සෙන්චරි (1934) චිත්‍රපටය සමඟ බවයි.

ක්‍රියාදාම සහ විකට චිත්‍රපට අතර සම්බන්ධය, ප්‍රතිභා පූර්ණ චිත්‍රපට අධ්‍යක්ෂණය පැත්තෙන් බලන විට හවර්ඩ් හෝක්ස් ඉතා ඉදිරියෙන් සිටින නිර්මාපකයෙක් බවට සාක්ෂි දරනවා. ඔහුගේ චිත්‍රපටයක් තනිව ගත් කළ එහි අදහස වඩාත් පැහැදිලි වන්නේ ඔහුගේ අනෙකුත් නිර්මාණ මඟින් ඉදිරිපත් කරන විකල්ප දැනුම ආශ්‍රයෙනුයි. 1962 මැයි මාසයේ මහ බ්‍රිතාන්‍යයේ අනෙකුත් නිර්මාණ මඟින් ඉදිරිපත් කරන විකල්ප දැනුම ආශ්‍රයෙනුයි.

1962 මැයි මාසයේ මහ බ්‍රිතාන්‍යයේ පළ වුණු ඉතා උසස් මූවී සඟරාවේ පළවෙනි කලාපයේ අති විශිෂ්ට චිත්‍රපට අධ්‍යක්ෂවරුන් යටතේ හෝක්ස් සහ ඇල්ෆ්‍රඩ් හිච්කොක් ගේ නම් පමණක් සඳහන් වුණේ වැරදීමකින් නොවේ. හෝක්ස්ගේ චිත්‍රපටවල වැදගත්කම ඒවා තනිව ගත් කළ ඉදිරිපත් කරන තේරුමට වඩා ගැඹුරුයි. සංකීර්ණයි.

හෝක්ස් ගේ චිත්‍රපට පිළිබඳ විචාරක මත නම් දෙකට බෙදී පවතියි. සමහරෙකුට ඔහුගේ චිත්‍රපට සම්බන්ධකම්වලින් සහ වගකීම්වලින් පලා යන ගැටවර දෘෂ්ටියක් නිරූපණය කරන අතර අනෙකුන්ට ඔහුගේ නිර්මාණ ආරූඪ කරගත් පිරිමි බව වැඩිපුර ප්‍රදර්ශනයට අත්වැලක් වන සංස්කෘතික ගවේෂණය කිරීමක් වෙයි.

කෙසේ වුවත් ලිංග භේදය, ලිංගික වෙනස සහ ලිංගික දේශපාලනය සංස්කෘතික විචාරය තුළ ඉස්මතුව පෙනී සිටිමින් ආධිපත්‍යය පතුරවන නමුත් හෝක්ස්ගේ නිර්මාණ අදටත් මධ්‍යස්ථව පවතී. හවර්ඩ් හෝක්ස්ගේ අදියුරු රටාව සහ ඔහු අනුගත කළ ස්වාභාවික සංවාදමය දෙබස්වල ආභාසය අදටත් රොබර්ට් ඔල්ට්මන්, ජෝන් කාපෙන්ටර් සහ ක්වෙන්ටින් ටැරන්ටිනෝ වැනි ප්‍රසිද්ධ සිනමාකරුවන්ට බලපෑම් කිරිමට සමත් වී තිබෙනවා.

හෝක්ස්ට දිවියේ ලැබුණු එකම ඔස්කාර් සම්මානය 1975 දී පිරිනැමුණේ ගෞරවනීය ඇකඩමි සම්මානයක් ලෙසයි.

Personal Quote

හොඳ චිත්‍රපටයක් කියන්නේ හොඳ දර්ශන තුනයි, නරක දර්ශන බින්දුවයි.