වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා




පුංචි කතාව

පුංචි කතාව

මේරියන්ස් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායක ශිවන්ත ප්‍රනාන්දු මේ දිනවල පුංචි කතාවක් ගෙන එන්නට සූදානම් වෙනවා. ඉතාමත් කෙටි කලකින් ඔහුගේ මේ පුංචි කතාවක් ඔබට රස විඳිය හැකියි. පුංචි කතාවක් තමයි ශිවන්තගේ නවතම ගීතය. එය අපේ මාධ්‍ය සහෝදර මිහිර බණ්ඩාර දිසානායකගේ පද රචනයක්. සංගීතය සුරේන් ඩී. ගෙන්. පුංචි කතාවක්හි වීඩියෝව මේ දිනවල නිමවෙමින් තිබෙනවා. එය කැට්ස් කණ්ඩායමේ නිර්මාණයක්. එම වීඩියෝව වෙනුවෙන් ඉතාලියෙන් ලෝ ප්‍රකට ෆ්ලෙමින්කෝ නර්තන ශිල්පිණියකුත් ගෙනල්ලා. රුසියන් ස්ටයිල් එකට තමයි ශිවන්තගේ මේ වීඩියෝව නිම වන්නේ. එය වෙනස්ම ආකාරයේ අත්දැකීමක් බව ශිවන්ත අපිත් එක්ක කිව්වා. ඒ වගේම ඉඩ ඇති පරිදි ප්‍රසංග වේදිකාවේදී ඔහු පුංචි කතාවක් කියනවාලු.