වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා




අවසන් ඇයි

අවසන් ඇයි

නිදුකින් ඉනු මැන ගීතය ගයලා ජනප්‍රිය වෙලා ඊට පසුව අවසාන ප්‍රේමයයි මාගේ කියලා ඒ ජනප්‍රියත්වය දෙගුණ තෙගුණ කරගත්තු කෙනෙක් තමයි ඩිමංක වෙල්ලාලගේ. ඔහුට තියෙන ජනප්‍රියත්වය නිසාමද කොහෙද නිතරම ෂෝස් ලැබෙනවා. ඒවාට ගියාම රසිකා රසිකාවෝ අහනවා ඊළඟට ගයන ගීත ගැන. ඔන්න ළඟදී ඩිමංක අලුත් ගීයක් ගයලා. ඒකේ නම 'අවසන් පෙම මගේ'. මේ ගීතය අහන බොහෝ දෙනා ඩිමංකගෙන් අහනවලු ඩිමංකගේ හැම දේම ඇයි මේකටත් අවසන් කියන වචනය ගත්තේ කියලා. අවසාන ප්‍රේමය ඊට පස්සේ අවසන් පෙම. ඊළඟට අවසන්... ඩිමංක තමයි ඒකත් දන්නේ. මේ අවසන් පෙම ඩිමංකට ලියලා දීලා තිනේනේ සචිත් වී. චතුරංග. සංගීතය රදීෂ් වැන්දබෝනාගෙන්.