වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා




SARASAVIYA MODEL BANK

SARASAVIYA MODEL BANK

SMBWE 22

හර්ෂණ සෝමරත්න

හර්ෂණ සෝමරත්න එදා වැලිගමට ආවේ කොළඹ ඉඳලා. මුල්ලේරියාව නව නගරයේ තමයි හර්ෂණගේ පදිංචිය. රංගනය කෙරෙහි ඇති උනන්දුව මොනවට ප්‍රදර්ශනය කරමිනුයි ඔහු වැලිගමට ආවේ. කෙසේ වෙතත් හර්ෂණට රංගන අත්දැකීම් තිබෙනවා. සැඩසුළං, සමාවෙන්න සර් ආදී ටෙලි සිතුවම් සඳහා ඔහු රංගනයෙන් දායකත්වය සැපයුවා. හර්ෂණ කැමැතිම අධ්‍යක්ෂ තමයි උදයකාන්ත වර්ණසූරිය.

SMBWE 23

ධම්මික ජයශාන්ත

ධම්මික ජයශාන්ත ගේ පදිංචියත් මුල්ලේරියාව නව නගරයේ. හර්ෂණයි ධම්මිකයි මිත්‍රයෝ. ඔවුන් දෙපොළ රංගනයෙන් දිගු ගමනක් යාමට අපේක්ෂාවන් පෙරදැරිවයි එදා වැලිගමට ආවේ. ධම්මික නම් මෙතෙක් කිසිදු නිර්මාණයකට දායක වෙලා නැහැ කියලා අපිත් එක්ක කිව්වා. ඔහුගේ එකම අභිප්‍රාය ඉක්මනින් සිනමාවට එකතුවන්නයි.

SMBWE 24

චමල්කා සෙව්වන්දි

චමල්කා සෙව්වන්දිට නම් රංගන අත්දැකීම් නැහැ. ඇය කලාවට සම්බන්ධවීමට මඟක් සොයමින් සිටින අතරතුරදියි අපේ රුහුණට තරුවක් වැඩසටහනට එකතු වුණේ. අකුරැස්සේ පදිංචිකාරියක වන ඇයගේ කැමැතිම අධ්‍යක්ෂවරයා වන්නේ චරිත් අබේසිංහයි.

SMBWE 25

රෝහණ පෙරේරා

රෝහණ පෙරේරාගේ රුව ඔබට තරමක් හුරු ඇති. ඔහු රංගනයෙන් දායක වූ ටෙලි සිතුවම් කිහිපයක්ම විකාශය වුණා. සූර්යභානු ටෙලි නාට්‍යයේ රෝහණ කැපී පෙණුන චරිතයක් කළා. රෝහණගේ පදිංචිය උණවටුන. ඔහුට තව තවත් නිර්මාණ කිහිපයකට එකතු වන්නයි ඔහු එදා වැලිගම චාන්දනී සිනමා ශාලාවට ගොඩවැදුණේ. ඔහු දිගු කාලයක සිට සරසවිය කියවන පාඨකයකු කියලත් කියන්න ඕනෑ. ප්‍රසන්න විතානගේ, චන්ද්‍රන් රත්නම්, උදයකාන්ත වර්ණසූරිය වැනි අධ්‍යක්ෂවරු යටතේ රඟපාන්නයි රෝහණ බලාපොරොත්තුවෙන් ඉන්නේ.