වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා




කනිෂ්කගේ නවතම ගීතය

කනිෂ්කගේ නවතම ගීතය

දිවි ඇතිතුරා ඔබට කිසිදා
මම වෛර නෑ කළේ හඬලා
දුරකට වෙලා සිටියද මෙදා
සතුටින්ම ඉන්න සැමදා

ගුවන් විදුලි නාළිකා ඔස්සේ මේ දිනවල නිතර ප්‍රචාරය වන මේ ගීතය ගායනා කරන්නේ කනිෂ්ක නදීෂාන්. ඔහු මීට ප්‍රථම ගීත කිහිපයක්ම ගායනා කරනු ලැබුවා. දිවි ඇතිතුරා කනිෂ්කගේ නවතම ගීතය වෙනවා.
මේ දිනවල විරහ ගීත රැල්ලක් තියෙනවා. කවුරු කොහොම කිව්වත් බහුතරයක් ඒ රැල්ලට හසුවෙලා ඉවරයි. සමහරු රැල්ලට සිංදු ගායනා කරමින් කියනවා රැල්ලට නෙවෙයි ගීත නිර්මාණය කළේ කියලා. මම නම් එහෙම කියන්නේ නැහැ. දිවි ඇතිතුරා රැල්ලේ ගීතයක් තමයි. එනමුත් මේකෙ හොඳ අර්ථයක් තියෙනවා. ඒ වගේම විඳින්න පුළුවන් ගීතයක්. ප්‍රේමයේ විරහ වේදනාව බහුතරයක් විඳලා තියෙනවා. ඒ අනුව බලන කොට විරහව කියන්නේ පොදු අත්දැකීමක්. මෙයත් එවන් වූ විරහා ගීතයක්.

දිවි ඇති තුරා ගීතයෙහි පද සජිත් වී. චතුරංගගෙන්. සංගීතය දුලිප් මිරැන්ඩෝගෙන්.

මේ වන විට ගීතය සඳහා ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම වෙබ් සයිට් ගණානවකටම ගීතය ඇතුළත් කළා. ඒවායින් සැළකිය යුතු මට්ටමකට ගීතය ඩවුන් ලෝඩ් කරලා තියෙනවා. සිංදුව අවුට් කරලා මේ කෙටි කාලෙට ලැබෙන ප්‍රතිචාර ගැන සෑහීමකට පත්වන්නට පුළුවන්.

කනිෂ්කගේ තවත් සින්දුවක් දිවි ඇති තුරා ගීතයට කලින් රිලීස් කළා. ඒක හිපොප් ගීතයක්. එය නම් කොට ඇත්තේ පපඩම නමින්.
පහුගිය කාලේ රැප් ගැන නොයෙක් දෙනා නොයෙක් විදිහේ කතා කිව්වා.නමුත් මං හිතන්නේ රැප් කියන සංකල්පය හරියට කළොත් හොඳයි. නොදැන කළොත් තමයි හරි නැත්තේ. ඒ වගේම රැප් ගීත අහන වෙනමම පිරිසක් ඉන්නවා. ඒ අය ඉන්නේ අලුත් රැප් ගීතයක් එනකම්. පපඩම් ගීතයේ පදමාලාව මනුරංග විජේසේකරගෙන්, සංගීතය ශෙනාල් මද්දුමගේ. ඩම් රණසිංහ විසින් රැප් ගායනා කළා.

කනිෂ්කගේ නවතම ගීතයේ පද මාලාව:

දිවි ඇතිතුරා ඔබට කිසිදා
මම වෛර නෑ කළේ හඬලා
දුරක වෙලා සිටියද මෙදා
සතුටින්ම ඉන්න සැමදා

මතකද එදා ඔබේ අත දරා
වැහි වැටුණු දාක අපි දෙදෙනා
තුරුලට වෙලා හිරිගඬු මකා
මම ඔබට ආදරේ කෙරුවා
සිතින් නම් අදත් මං ඔබගේ
ප්‍රථම පෙම්වතා

දින ගැන බලා ඔබ එනතුරා
මම ඉන්නවා දෙනෙත නොපියා
ඔබ මට සදා හිමි නැහැ කියා
හිත වටහා ගන්නේ නෑ කිසිදා
දුරින් නම් අදත් මං ඔබගේ
ප්‍රථම පෙම්වතා