වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා




කවුද මේ G.M.

කවුද මේ G.M.

සහාය අධ්‍යක්ෂවරයකු ලෙස ප්‍රකට දමින්ද ඩී. මඩවලට එක්තරා දිනයක පාන්දර දමයන්ති ෆොන්සේකාගෙන් කෙටි පණිවුඩයක් ඇවිල්ලා.

g m kandanagege num.eka ewanna
එකෙ එහෙම සඳහන් වෙලා තිබුණලු. දමින්ද ඔළුව කස කස කල්පනා කරනවලු කවුද මේ ජී. එම්. කඳනගේ කියන්නේ කියලා. ෆෝන් ඒකේ නම්ලිස්ට් එකේ බැලුවලු. එහෙම කෙනෙක් නැහැ. ඊට පස්සේ ගෙදර තිබෙන දුරකතතන අංක ලියපු පොත්වල බැලුවලු. ඒත් එහෙම කෙනෙක් නැහැ. දමින්ද ආයෙත් කල්පනා කළාලු ජී. එම්. කඳනගේ කියන්නේ කවුද කියලා. බැරිම තැන ඔහු දමයන්තිට කෝල් කළාලු. කවුද වී. එම්. කඳනගේ කියන්නේ?

දමින්ද එහෙම අහලා. දමයන්තිට බකස් ගාලා හිනා ගියාලු.

ජී. එම්. කඳනගේ කියලා කෙනෙක් නෑ. ඉන්නෙ සමරසිරි කඳනගේ කියලා කෙනෙක්. අර මේකප් ආර්ටිස්.

එතකොට ජී. එම්. කියලා කිව්වේ?

ආ... ඒ ගුඩ් මෝනින්ග් කියලා කෙටියෙන් කියන්නේ එහෙමයි.

දමයන්ති එහෙම කිව්වම දමින්දටත් හිනා ගියාලු.