වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා




කෙටියි සැරයි

කෙටියි සැරයි

මේ ළඟදී අපේ රෙක්ස් කොඩිප්පිලි උන්නැහේට මුහුරත් උලෙළකදී කතාවක් පවත්වන්න වුණා. ඔහු හිතුවේ නැහැ එදා ඔහුට එහෙම කතාවක් කරන්න වේවි කියලා. ඉතින් අවස්ථාව අනපේකෂිත වුණත් රෙක්ස් ඉදිරියට ආවේ දෙන්නම් බැටේ අදහසින්. ඔහු කෙළින්ම ගියා මයික්‍රෆෝනය ගාවට. කිව්වේ මේ වචන ටික පමණයි.

සභාවෙන් අවසරයි. මං ලොකුවට කතාවක් පවත්වන්නේ නැහැ. හැබැයි මෙතන ඉන්න අලුත් පරපුරේ අයට යමක් කියන්න ඕනෑ. මේ නිර්මාණයේදීවත් ෂූටිංවලට යද්දී වෙලාවට උදේ අවදි වෙමු, වෙලාවට මේකප් දාගමු, වෙලාවට ෂූටිං යමු. මොබයිල් ෆෝන් ඕෆ් කරලා රූගත කිරිම්වලදී ඒකට පමණක් අවධානය යොමු කරමු. තමන් විතරක් නෙවෙයි තවත් බොහෝ දෙනෙක් මේ නිර්මාණයට දායක වන බව හිතමු. ස්තූතියි.

ඔන්න ඕකයි රෙක්ස්ගේ කතාව. මං හිතන්නේ ඔහු පෙර අත්දැකීම් එක්කයි එහෙම කියන්න ඇත්තේ. මොනවා වුණත් ඔහු එදා පැවසුවේ මසුරන් වටිනා සහ කාලෝචිත අදහසක්.