වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා




ජනකරළිය නාට්‍ය උලෙළ කොළඹ දී

ජනකරළිය නාට්‍ය උලෙළ කොළඹ දී

මේ වසරේ දෙවැනි වරටත් පැවැත්වෙන ජනකරළිය නාට්‍ය උලෙළ මේ මස 07 වැනිදා සිට 21 වැනිදා දක්වා කොළඹ විශ්වවිද්‍යාලයේ (ග්‍රහලෝකාගාරය අසල) ජනකරළිය ජංගම රඟහලේ දී පැවැත්වෙයි. 07 වැනිදා - සෝමලතා සුබසිංහගේ ‘පුංචි අපට දැන් තේරෙයි’ සහ රංග මනුප්‍රිය සහ දමිත් අළුත්ගමගේ ‘සුරඟනක් බඳු පුරඟනක්’, 08 වැනිදා - පරාක්‍රම නිරිඇල්ලගේ ‘චරන්දාස්’, 09 වැනිදා - පරාක්‍රම නිරිඇල්ලගේ ‘හුණුවටය’, 10 වැනිදා - සෝමලතා සුබසිංහගේ ‘රත්මලී ’සහ නේපාලයේ මණ්ඩල තියටර් මඟින් ඉදිරිපත් කරන ‘ඕජඬඵඪඬධ ට්ඩචප”, 11 වැනිදා - සෝමලතා සුබසිංහගේ ‘තොප්පි වෙළෙන්දා’, රාසයියා ලෝගානන්දන් සහ සුමුදු මල්ලවආරච්චිගේ ‘වටළුයෝ සහ උලෝළුවෝ’, 12 වැනිදා - ඕචතඪනඩධදඪජඵ චදඤ ඊපචදඵජධචඵබචත ඛ්ධතතඥජබඪමඥ ‘ර්භඵඪජ ර්චබබඥපඵ’, මහාචාර්ය එස්. මවුනගුරුගේ ‘අචචමචදඥඵචද’, 15 වැනිදා - පරාක්‍රම නිරිඇල්ගේ ‘වෙන්කට්ටි වට්ටම්’, 16 වැනිදා - රොනිකා චාමලී සහ සෙල්වරාජ් ලීලාවතීගේ ‘පයනිහල්, මිසිස් කෝකිලා මාධවන්’, 17 වැනිදා - රොනිකා චාමලී, සෙල්වරාජ් ලීලාවතී, අජන්ත ශාන්තකුමාර් සහ නිශාන්ත කුලරත්නගේ ‘අඳුර සහ එළිය, පරස්තාව, භාෂා සහ මොලී’, 18 වැනිදා - පරාක්‍රම නිරිඇල්ලගේ ‘සෙක්කුව’, 19 වැනිදා - පරාක්‍රම නිරිඇල්ගේ ‘සීතාම්බරපට සහ අන්දරමල්’, 20 වැනිදා - ‘හුණුවටය’, 21 වැනිදා ‘චරන්දාස්’ වේදිකා ගතවෙයි.


බර්මින් ලයිලි ප්‍රනාන්දුගේ ‘දේදුනු පාලම’ ළඟදීම

බර්මින් ලයිලි ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ නවතම ටෙලි නිර්මාණය ‘දේදුනු පාලම’ ළඟදීම විකාශය කිරීමට නියමිතය. සිංහල, දෙමළ, මුස්ලි ම් සහ බර්ගර් යන ජාතින් නියෝජනය කරන නළු නිළි කැලකගේ රංගන දායකත්වයෙන් නිම වී මෙහි කතාව විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් දෙදෙනෙකු සරදියෙල් පිළිබඳ චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සැරසීමත් සමඟින් දිගහැරේ.

දිනක්ෂි ප්‍රියසාද්, අනූජ් රණසිංහ, ශ්‍රියාණි අමරසේන, නේරංජනා සුබ්‍රමනියම්, අමිල කරුණානායක, අචල වල්පොල, කලෙයි චෙල්වම්, නඩරාජා සිවම්, ජයප්‍රකාශ් සෙල්වරත්නම්, මොහොමඩ් ජාරුක්, වීණා ජයකොඩි, චංචලා වර්ණසූරිය, අනුර ධර්මසිරිවර්ධන, ආනන්ද පෙරේරා, රයන් වැන්රෝවන්, කව්මිණි වර්ෂා ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති. රණසිංහ ආරච්චිගේ සරණපාල නිෂ්පාදනයෙන්ද, කේ. බී හේරත් තිර රචනයෙන්ද, ඩොනල්ඩ් කරුණාරත්න කැමරාකරණයෙන්ද, අමරසිරි පීරිස්, කෝලිත භානු දිසානායක, ඉන්දිකා උපමාලි, රශ්මි සංගීතා ගායනයෙන්ද, ආචාර්ය අජන්තා රණසිංහ පද රචනයෙන්ද, ගයාන් මාපලගම අංග රචනයෙන්ද, මෙත්තානන්ද විතානගේ නිෂ්පාදන කළමනාකරණයෙන්ද ‘දේදුනු පාලම’ වෙනුවෙන් දායක වී ඇත. මෙහි සියලුම දෙමළ දෙබස්, සිංහල උපශිර්ෂ ඇතුළත්වද සියලුම සිංහල දෙබස්, දෙමළ උපශීර්ෂ ඇතුළත්වද විකාශය කෙරේ.


නූර්යා දැන් පුංචි තිරයේ

රිහාන් රවීන්ද්‍ර අධ්‍යක්ෂණය කළ නූර්යා ටෙලි සිතුවම පසුගිය 29 වැනිදා සිට සෑම සෙනසුරදාවකම රාත්‍රී 7.30 ට ටී. එන්. එල්. නාළිකාවේ විකාශය වේ. තේජා නදීශානි, දිලිප් මනෝහර, ජයන්ත මුතුතන්ත්‍රි, උඹවත්තව රවීන්ද්‍ර, අසංක දිනාල්, රොෂාන් විමලසේන, සමන්ත කුමාර, කුමාරි සේනාරත්න මෙහි රංගනයෙන් දායකවේ. නුරියා හි තිර රචනය මෙන්ම කැමරා අධ්‍යක්ෂණය රිහාන්ගෙනි. දිලිප් මනෝහරගේ කැමරා අධ්‍යක්ෂණයකි. හර්ෂණ නෙවිල් රාමනායක සංස්කරණ ශිල්පියාය. චාන්දනී ප්‍රියංකා නූර්යා නිෂ්පාදනය කොට තිබේ.


සෙනුරි මින්දුලි අරංගේත්‍රම් උලෙළ 06 වැනිදා

‍සෙනුරි මින්දුලි ධර්මකීර්තිගේ අරංගේත්‍රම් ප්‍රථම සන්දර්ශනය කලඑළි නර්තන උලෙළ ලබන නොවැම්බර් 06 වැනිදා කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය. කොළඹ කාන්තා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සෙනුරි මින්දුලි ශ්‍රී පද්ම නෘත්‍ය නිකේතනයේ අධ්‍යක්ෂිකා කලාසූරි ශ්‍රීමති පද්මිණි මානෙල් දහනායක ආරියදාස ගුරු මෑණියන්ගේ සිසුවියකි.


සවනට ගී මධු 600 ‘තරු අරුන්දතී’ 05දා

මෙරට දීර්ඝතම සිනමා විචිත්‍රාංගය ‘සවනට ගී මධු 600, ‘තරු අරුන්දතී’ සංගීත සහ නර්තන ප්‍රසංගය ලබන නොවැම්බර් 05 වැනිදා කොළඹ තුම්මුල්ලේ, සම්බුද්ධ ජයන්ති ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
ජනප්‍රිය ගායක ගායිකා‍වන් සහ නළු නිළියන් රැසකගේ ගීත ගායනයෙන්ද නර්තනයෙන්ද විචිත්‍රවත් වන මෙම ප්‍රසංගයේ නිර්මාණ අධ්‍යක්ෂණය ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ විසිනි. නිෂ්පාදන අධ්‍යක්ෂණය එස්. ඒ බෙනට් සහ සංගීතය සුසීමා සමඟ මනෝහාරි වාදක මණ්ඩලයෙනි.