වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා




රේඛාව මනමේ හැට වසර සැමරුම

රේඛාව මනමේ හැට වසර සැමරුම

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ ‘රේඛාව‘ චිත්‍රපටයට සහ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ නාට්‍යයට වසර හැටක් සපිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
 


රේඛාව චිත්‍රපටයට රංගනයෙන් දායක වූ ආනන්ද වීරකෝන්, ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, අසංකා අබේසේකර, බුද්ධදාස ගලප්පත්ති පීරිස් යුවළ සමඟින්


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වෙත තිළිණයක් ප්‍රදානය කරමින්. ආචාර්ය සුමිත්‍රා පීරිස්, ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ද පසෙකින් සිටී.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනි සේරසිංහ වෙත තිළිණ ප්‍රදානය කළ අවස්ථාව. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය ‍අමාත්‍ය කරු පරණවිතානද ‍පසෙකින් සිටී.


නාමෙල් - මාලිනී යුවළ


අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රවීණ ගායිකා ඉන්ද්‍රාණි සේනාරත්න වෙත තිළිණයක් ප්‍රදානය කරමින්. රෝසි සේනානායක ද පසෙකින් සිටී.

බුද්ධි මාධ්‍යයට


 


රෝසි සේනානායක, ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනි සේරසිංහ සමඟින්


ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනි සේරසිංහ, ලලිතා සරච්චන්ද්‍ර, රොෂාන් පිලපිටිය සුහද කතාබහක. රොෂාන් රේඛාවේ ප්‍රධාන චරිතය රඟපෑ මල්ලිකා පිලපිටියගේ පුතණුවන්ය.


 

ලුවී වැන්ඩස්ට්‍රාටන් අධ්‍යක්ෂණය කළ නවතම සිනමාපටය වූ බුද්ධි මාධ්‍ය දර්ශනය පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වුණා. චිත්‍රපටයට පාදක වූයේ හොඳම ඉංග්‍රීසි යොවුන් සාහිත්‍ය සඳහා රාජ්‍ය සම්මාන දිනූ බුද්ධි නම් නවකතාවයි. එය රචනා කරන ලද්දේ ද ලුවී වැන්ඩස්ට්‍රාටන් වීම විශේෂයක්. සරත් දික්කුඹුර, රෙබෙකා නිර්මලී, ශාලිකා එදිරිසිංහ, සංජු සමරසිංහ, නෙතලි නානායක්කාර, දයා වයමන්, සුනෙත් මැල්සිරිපුර ඇතුළු පිරිස මෙහි රඟපානවා. මෙහි ඡායාරූප නිශ්ශංක විජේරත්නගෙන්.