වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය -118

සිංහල සිනමා විස්තරය -118

රේල් පාර

තිරගත වූ දිනය – 1982 දෙසැම්බර් 10
ඉදිරිපත් කිරීම - ගෝල්ඩන් ඊගල් චිත්‍රපට
නිෂ්පාදනය – ඩී. සී. අබේවර්ධන
දෙබස් - තිර නාටකය සහ අධ්‍යක්ෂණය - කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා
කතාව සහ නිෂ්පාදන අධිකාරිත්වය – ඊ. එම්. ජී. එදිරිසිංහ
කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගෆූර්
කැමරා සහාය – එම්. ඩී. ඇන්ටනි
සංස්කරණය - එල්මෝ හැලිඩේ
සංස්කරණ සහාය - ෂෙල්ටන් පෙරේරා, ජේ. ඒ. විල්ෆ‍්‍රඩ්
අංග රචනය - බෙනට් ජයතුංග
අංග රචනා සහාය – නිමල් බුලත්සිංහල
කොණ්ඩා සැරසිලි – ලලිත් ගුණවර්ධන
කලා අධ්‍යක්ෂණණය – හීනටිගල ප්‍රේමදාස
ශබ්ද පරිපාලනය – ලයනල් ගුණවර්ධන
ශබ්ද සහාය – ඩී. සිරිසේන පෙරේරා, ඩී. එච්.
පුංචිහේවා, ඇම්. ඒ. ඒබ්‍රහම්, ඒ. සී. එම්. රියාස්
සහාය අධ්‍යක්ෂණය- සුසිර රත්නකුමාර
රසායනාගාර පාලක – ඒ. අයි. ජොහාර්
රසායනාගාර සහාය – එස්. කමල්ඩීන්,
එන්. වේලායුදන්, නිහාල් ඇතුලත්මුදලි
සැකසුම – ලංකා චිත්‍රාගාරය
විශේෂ ශබ්ද – ලෙස්ලි ප්‍රේමසිරි
ක ාර්මික උපකරණ සැපයීම - ඊ. ඒ. පී.
චිත්‍රපට, දිසානායක චිත්‍රපට, සුනිල් රේඩියෝ
ගීත පටිගත කිරීම – නිමල් වීරක්කොඩි
නිෂ්පාදන කළමනාකරු - ෂෙල්ටන් පෙරේරා
නිශ්චල ඡායාරූප – මාටින් පෙරේරා
සංගීත අධ්‍යක්ෂණය – ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගීත ප්‍රබන්ධය - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, ප්‍රේමකිර්ති ද අල්විස්, ආචාර්ය අජන්තා රණසිංහ
ගීත -රන් සමනල තටුමත හැපිලා - එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල
ලස්සන ලස්සන මල් - එච්. ආර්. ජෝතිපාල
විශ්වාසයයි – කැලැරන්ස් විජේවර්ධන

නළු නිළියන් - ජෝ අබේවික්‍රම (රේල්ගාඩ්), සෝනියා දිසානායක (රේල්ගාඩ්ගේ බිරිඳ) ජයන්ත දාස් පෙරේරා (බන්දු), ජෙනිටා සමරවීර, මමෝහාරි විමලතුංග, විජය නන්දසිරි, දොන් සිරිසේන, හර්බට් අමරවික්‍රම, ලැටීෂියා පීරිස්, විමලා කුමාරි, ලෙනින් වික්‍රම

ආරම්භක සිනමා ශාලා - එල්ෆින්ස්ටන් – මරදාන, නිව් මෙට්රෝ - නුගේගොඩ , විජිත – රත්මලාන, ගැමුණු - වත්තල, රීගල් - මිගමුව, ජයමිණි – පානදුර, ප්‍රින්ස් - ගාල්ල, විජයන්ති – කඩුවෙල, මුවිටෝන් – දළුගම, නිව් සිගිරි – කටුගස්තොට, මොඩර්න්- කුරුණෑගල, ජෝති රත්නපුරය, ශ්‍රී ලංකා - වෙන්නප්පුව, විජය – අම්පාර

යහළු යෙහෙළි

තිරගත වූ දිනය – 1982 දෙසැම්බර් 24
නිෂ්පාදනය – මාක් ජයවර්ධන, රෝයි ජයවර්ධන
අධ්‍යක්ෂණය - සුමිත්‍රා පීරිස්
කතාව, දෙබස් සහ තිර නාටකය – කරුණාසේන ජයලත් (ඔහුගේ මෙනමින් යුත් නවකතාව ඇසුරින්)
සහාය අධ්‍යක්ෂණය – වී. උපාලි පෙරේරා
කැමරා අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් කරුණාරත්න
සංස්කරණය - ලාල් පියසේන
සංස්කරණ සහාය - චන්ද්‍රසිරි ගුණරත්න
අංග රචනය සහ කොණ්ඩා සැරසිලි - ඊබට් විජේසිංහ
කලා අධ්‍යක්ෂණය - හේමපාල ධර්මසේන
ශබ්ද පරිපාලනය – මයිකල් සත්‍යනාදන් (රජයේ චිත්‍රපට අංශය)
රසායනාගාර කටයුතුª සහ පිටපත් මුද්‍රණය - හොංකොං කලර් මූවී ලැබ්
නිෂ්පාදන කළමනාකරු - ආතර් පෙරේරා
කාර්මික සේවය – ජයවර්ධන චිත්‍රපට, ලෙස්ටර් ජේම්ස් පීරිස් නිෂ්පාදන
සම්බන්ධීකරණය - විමලරත්න බුලේගොඩ
සංගීීත අධ්‍යක්ෂණය – නිමල් මෙන්ඩිස්
ධාවන කාලය – පැය 1 විනාඩි 45 – දිග අඩි 9720

ගීත -එක මතකගේ දියණියක් නොවී – නන්දා මාලිනී
පද – කුලරත්න ආරියවංශ
විදා රතු දෙතොල් සලා - නීලා වික්‍රමසිංහ –
පද – ගාමිණී විජේතුංග

නළු නිළියන් - ටෝනි රණසිංහ (වනිගසේකර), ලීනා ද සිල්වා (වනිගසේකර මහත්මිය), ස්වර්ණා මල්ලවආරච්චි (ජිනාදරී), නදීකා ගුණසේකර (මුදිතලතා) ඉනෝකා අමරසේන (ඉන්දුමතී), මියුරි සමරසිංහ (කරුණාවතී), සෝමසිරි දෙහිපිටිය (කළු දියෝනිස්), සනත් ගුණතිලක (පූජිතරත්න), අශෝක පීරිස්, එස්. ඒ. ජේමිස්, විශාකා සිරිවර්ධන, මාපා ගුණරත්න

ආරම්භක සිනමා ශාලා - මැජෙස්ටික්- බම්බලපිටිය, ලීඩෝ - බොරැල්ල, නැෂනල් - මහරගම, සමුද්‍රා - වත්තල, ටවර් - මොරටුව, වෙම්බ්ලි - මහනුවර, සිනෙක්ස්පෝ - කුරුණෑගල, නිව්ඉම්පීරියල් - අවිස්සාවේල්ල, නිව් ඉම්පීරියල් - රත්නපුරය , බ්‍රෝඩ්වේ – මාතර, සාගර – හාලවත, මේකලා - ගම්පහ, ලිබර්ටි – බදුල්ල, අනුර – අම්බලන්ගොඩ, රීගල් - අම්පාර කඩවුන පොරොන්දුව (නව නිර්මාණය)

කඩවුන පොරොන්දුව (නව නිර්මාණය)

තිරගත වූ දිනය – 1982 දෙසැම්බර් 24
ඉදිරිපත් කිරීම – තුෂාරා චිත්‍රපට
නිෂ්පාදනය - සිරිසේන මල්ලවආරච්චි
අධ්‍යක්ෂණය - රෝයි ද සිල්වා (නව නිර්මාණය)
කතාව - නව නිර්මාණය ධර්මසිරි ගමගේ
දෙබස් - තිර නාටකය – ධර්මසිරි ගමගේ
සහාය අධ්‍යක්ෂණය - සුමනා අමරසිංහ / වික්ටර් වික්‍රමගේ
කැමරා අධ්‍යක්ෂණය – එස්. ඒ. ගෆූර් සහාය – එම්. ඩී. ඇන්තනි
සංස්කරණය - කාලිංග ද සිල්වා සහාය – විල්ෆ‍්‍රඩ් පෙරේරා
අංග රචනය - ඩෙරික් ප්‍රනාන්දු
අංග රචනා සහාය – නිමල් රාජපක්ෂ / විපුල ධර්මප්‍රිය
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා / ඩී. වී. ඉන්ද්‍රජිත්
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම් (විජය චිත්‍රාගාරය), සෙන්ට් ජෝන් (ලංකා චිත්‍රාගාරය)
ශබ්ද සහාය – ලයනල් පෙරේරා / එම්. ඒ. රියාස්
කාර්මික සහාය – ඩබ්ලිව්. පියසේන / ජී. රොඩ්රිගෝ / එම්. පෙරේරා / ඒ. සිරිලාල් / ආර්. ඩී. ආර්. පෙරේරා
රසායනාගාර කටයුතු - හොංකොං කලර් ලැබ් වර්ණ රසායනාගාරය (ලංකා නියෝජිත ඩිල් ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල්)
දෙබස් පටිගත කිරීම – ලංකා චිත්‍රාගාරය
කාර්මික උපකරණ සහ කාර්මික සහාය - සේන සමරසිංහ චිත්‍රපට අංශය
නිශ්චල ඡායාරූප - සිරි රෝහණ
නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
නිෂ්පාදන කළමනාකරණය – යූ. ඇස්. ඇස්. හමීඩ්
නිෂ්පාදන කෘත්‍යාධිකාරි – වික්ටර් වික්‍රමගේ
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
නව ගීත ප්‍රබන්ධය – උපාලි ධනවලවිතාන

ගීත -රැස් අතරේ බල හිරුගේ – වික්ටර් රත්නායක
කල්ප යුගයේ පෙරුම් පුරා - නීලා වික්‍රමසිංහ
ප්‍රේම දයා මගේ පියානෝ - ලතා වල්පොල (නව සංගීතයට)
(පැරැණි ගායනය – රුක්මණී දේවි / පද හා සංගීතය - කේ. හියුගෝ ප්‍රනාන්දු)
ඉස් ඉස්සර වෙලා - එඩී ජයමාන්න / සුජාතා අත්තනායක (නව සංගීතයට)
(පැරැණි ගායනය – එඩී ජයමාන්න / ජෙමිනි කාන්තා / පද හා සංගීතය කේ. හියුගෝ ප්‍රනාන්දු)
සන්ධ්‍යාවේ ශ්‍රීය රම්‍යා - රුක්මණී දේවි / ස්ටැන්ලි මල්ලවආරච්චි (පැරැණී ගීතය) (පද හා සංගීතය - කේ. හියුගෝ ප්‍රනාන්දු – හියුගෝ සමඟ රුක්මණී ද ගයා ඇත)
ලපටි රූපේ ඈගේ – එඩී ජයමාන්න(නව සංගීතය)(පද හා සංගීතය කේ. හියුගෝ ප්‍රනාන්දු)
තක්කිට තරිකිට උඩ පැන – එඩී ජයමාන්න / ජෙමිනි කාන්තා (පැරැණි ගීතය), (පද හා සංගීතය - කේ. හියුගෝ ප්‍රනාන්දු)

ඇඳුම් නිර්මාණය – ෂෙල්ටන් ජයසිංහ
කොණ්ඩා සැකසුම – ලලිත් ධර්මසේන
ගීත පටිගත කිරීම - නෙළු ශබ්දාගාරය (මර්වින් බෙන්ස්)
ධාවන කාලය – පැය 2 විනාඩි 15 දිග අඩි 12000

රංගනය - සුමනා අමරසිංහ (රංජනි), විජය කුමාරණතුංග (සැම්සන්), ජෝ අබේවික්‍රම (හේමපාල), රූබි ද මෙල් (ජයසේන හාමිනේ), එඩී ජයමාන්න (මනප්පුවා), මේබල් බ්ලයිත් (ජොසි බබා), සෝනියා දිසානායක (ටෙක්ලා), වික්ටර් වික්‍රමගේ (වික්ටර් මොරගොඩ ), හෙන්රි ජයසේන, විජේරත්න වරකාගොඩ , ලිලියන් එදිරිසිංහ, ෆෙ‍්‍රඩී සිල්වා, බී. ඇස්. පෙරේරා, දොන් සිරිසේන, එඩී ජූනියර්, සරත් වික්‍රමසිංහ, ගාමිණී ජයරත්න, ෆෙ‍්‍රඩී ඩැනියෙල්ස්, එඩී අමරසිංහ, සුනිල් හෙට්ටිආරච්චි, මල්ලිකා ලෝව් (ළමා නිළිය)

ප්‍රදර්ශනය – ගාමිණී – මරදාන, ඕඩියන් – ගල්කිස්ස, ලැවීනියා - නුගේගොඩ , නිල්මිණි – වත්තල, මානෙල් - මොරටුව, කිංග්ස් - මීගමුව, රීගල් - අම්බලන්ගොඩ, රීගල් - මහනුවර, එස්. කේ. සිනමා - මාතර, ජුපිටර් – කුරුණෑගල, නිව් ඉම්පීරියල් - බලංගොඩ, සිත්තම්පලම් – අනුරාධපුරය යන සිනමා ශාලාවන්හිදී

සසර වසනතුරු

තිරගත වු දිනය – 1983 ජනවාරි 14
ඉදිරිපත් කිරීම – නිල්වලා චිත්‍රපට
සම නිෂ්පාදනය – ලීලා හේවාපතිරණ, ජී. ඩබ්ලිව්. ඒ. පෝල්
කතාව - දෙබස් - තිර රචනය සහ
අධ්‍යක්ෂණය - සේන රූපසිංහ
සහාය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදන
කළමනාකරණය - පියදාස හේවාපතිරණ
කැමරා අධ්‍යක්ෂණය - නොයෙල් පෙරේරා
සංස්කරණය - සේනක නවරත්න
නැටුම් ඉදිරිපත් කිරීම - ශ්‍රීමා වනසිංහ
නිෂ්පාදන කෘත්‍යාධිකාරි – එම්. පී. ගුණවර්ධන
සංගීත අධ්‍යක්ෂණය - මොහොමඩ් සාලි

ගීත ප්‍රබන්ධය – ආනන්ද සෙනෙවිරත්න සහ තවත් අය

ගීත ගායනය – එම්. එස්. ප්‍රනාන්දු, මොහිදීන් බෙග්, චන්දිමා වීරකෝන්, විමල් කරුණාරත්න, රටේමුල්ලේ මුදන්නායක

ගීත - අම්මා දුන් කිරි - මොහිදින් බෙග් (පද – ආනන්ද සෙනෙවිරත්න)
ගීත පටිගත කිරීම - සරසවි චිත්‍රාගාරය – දළුගම

නළු නිළියන් - එරික් මිල්ටන්, චන්දිමා වීරකෝන්, සුරංජිත් රූපසිංහ, පුණ්‍යා රූපසිංහ, රත්නපාල ධර්මසිරි, ස්වර්ණා වනසිංහ, තේජා සෙනෙවිරත්න, අග්‍රා සජීවනී, පියදාස විජේකෝන්, පූජිත මෙන්ඩිස්, ගලගෙදර එම්. එම්. ඒ. හක්, සීමන් නරසිංහ, සුජීවා ධම්මිකා, ශ්‍රියා වනසිංහ, ලැරී හේවාගීගන, ධර්මරත්න ජයමහ, සිසිර කස්තුරිආරච්චි, ඇඩ්වින් ප්‍රනාන්දු, ලයනල් පී. විජේසිංහ

ප්‍රදර්ශනය – තුන්වන ප්‍රදර්ශන මණ්ඩලය
ආරම්භක සිනමා ශාලා - ක්‍රවුන් – මරදාන, මානෙල් - දෙමටගොඩ, රොක්සි - වැල්ලවත්ත, ක්වින්ලන් – නුගේගොඩ , පබ්ලික්හෝල් - ගම්පහ, චිත්‍රා - කළුතර, රාජ් – මීගමුව, ක්වින්ස් - ගාල්ල
සැ. යු. - මෙම චිත්‍රපටය එතරම් ජනප්‍රිය නොවූ නිසා සියලු කාර්මික තොරතුරු හා ගීත පිළිබඳව කරුණු සොයා ගැනීමට අපහසු විය.

මෙය කියවන යම් කෙනකු සතුව මෙහි තොරතුරු තිබේ නම් සරසවිය වෙත ලැබෙන්නට සලස්වන මෙන් ඉල්ලා සිටිමි.