වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




අප ඔවුන්ට සමාජයේ ගෞරවනීය තත්ත්වයක් ලබා දෙනවා . . .

අප ඔවුන්ට සමාජයේ ගෞරවනීය තත්ත්වයක් ලබා දෙනවා . . .

ටී. ඩී. කේ. ජයන්ත
නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් (වැඩ සටහන්) - ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව

රෝද තුනේ ගමන හවසට අපි ගෙදර

S. L. B. C ත්‍රීවීල් ස්ටාර් වැඩ සටහන අප ආරම්භ කළේ සමාජයේ අගැයීමට ලක්නොවුණු නැතිනම් සමාජයේ එතරම් පිළිගැනීමකට ලක් නොවුණා යැයි සම්මත ත්‍රී රෝද රථ රියදුරන්, ත්‍රී රෝද රථ හිමියන් සහ ඒ පවුල්වල අය කිසියම් සමාජ වටිනාකමක් තිබෙන පිරිසක් බවට පත් කිරීමේ අරමුණ පෙරදැරිව.

ඒ කියන්නේ ‘ත්‍රීවිල් කාරයා’ කියන සම්ප්‍රදායනේ අපේ තිබුණේ. දැන් මේ ආකල්පය නැති කරලා ‘රියදුරු මහත්මයා’ නැතිනම් ‘ත්‍රීරෝද රථ හිමිකරුවා’ කියන තැනට ඔවුන් ඔසවා තැබීමට මේ S. L. B. C ත්‍රීවිල් ස්ටාර්’ තරගය හොඳ පිටුබලයක් වේ යැයි අප විශ්වාස කරනවා. ඒ කියන්නේ ඔවුන් පිළිබඳ සමාජ ආකල්පමය වෙනසක්.

‘ත්‍රීවිල් ස්ටාර්’ හරහා හොඳ ගායක, ගායිකා පරපුරක් බිහි වෙනවා වගේම මේ රැකියාවෙන් ජීවත්වන පිරිස් අපේ රටේ ගෞරවනීය මිනිස් කොට්ඨාශයක්ය කියන පණිවිඩයත් අපි සමාජයට ලබා දෙනවා.

අපේ රටේ තිබෙන සියලුම ත්‍රීරෝද රථ සංගම් එකතු කරගෙන අපි ඔවුන් අතර කතිකාවක් ගෙනිච්චා මේ වැඩ සටහන පිළිබඳ. ඔවුන්ගේ සහාය සම්පූර්ණයෙන්ම අපට මේ සඳහා ලැබෙනවා. තරගකරුවන් තෝරා ගැනීමේ පළමුවැනි වටය අපි කොළඹින් ආරම්භ කළා. ඊට අමතරව අපේ ප්‍රාදේශීය ගුවන් විදුලි සේවාවන් මුල් කර ගනිමින් මූලික තරග වටයන් පවත්වනවා. අනුරාධපුර සේවය, රුහුණු සේවය, කඳුරට සේවය, යාපනය සහ අනෙකුත් හැම ප්‍රාදේශීය සේවාවක්ම ඉලක්ක කර ගනිමින් අපි පළමු වටයේ තරග පවත්වන්න කටයුතු යොදා තිබෙනවා. පළමු වටයේ දෙවන තරගය අපි පවත්වන්නේ වයඹ පළාතේදී. හෙට (28) කුරුණෑගල නගරයේදී ඒ පළාතේ වෙසෙන තරඟකරුවන්ට ඊට සහභාගි වෙන්න පුළුවන්.

මේ හැම පළාතකකින්ම දක්ෂයන් තෝරලා, තරග වට ගණනාවක් පවත්වලා අපි බලාපොරොත්තු වෙන්නේ අර්ධ අවසන් වටයට විසි දෙනකුගේ පමණ සංචිතයක් තෝරන්න. ඒ අය අතරිනුත් තරග වට ගණනාවක් පවත්වලා තමයි අපි ජයග්‍රාහකයා නැතිනම් ජයග්‍රාහිකාව තෝරන්නේ.

බොහෝ අය නඟන ප්‍රශ්නයක් තමයි මේ ‘ත්‍රීවිල් ස්ටාර්’ තරගය සඳහා කාන්තා නියෝජනයක් නොමැති ද කියන කාරණය. ඇයි නැත්තේ ත්‍රීරෝද රථ පදවන කාන්තාවන් අපේ රටේ ඉන්නවා. එතකොට ඒ පවුල්වල සාමාජිකාවන් අතර සිටින බිරින්දෑවරු, දියණියන්, සොයුරියන් මේ හැමෝටම ‘ත්‍රීවිල් ස්ටාර්’ විවෘතයි.

ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී ගායන ශිල්පින් අපි තෝරන්නේ සාමාන්‍යයෙන් පරීක්ෂණ ගණනාවක් පවත්වලා. දැන් මේගොල්ලන්ට ඒක අවශ්‍යය නැහැ. ඒ අවසන් විසි දෙනා අපි සරල ගී ශිල්පීන් හැටියට නම් කරනවා. අපේ බලාපොරොත්තුවක් තියෙනවා මේ ජයග්‍රාහකයන් සමඟ රට පුරා සංදර්ශන මාලාවක් පත්වන්න. පළමුවැනියා, දෙවැනියා, තුන්වැනියා පමණක් අපි මේකෙදි ඉස්මතු කර ගන්නේ නැහැ. අර පිරිවරත් රට වටේ ගෙනියනවා. මේ විසි දෙනාම අපි රැක බලා ගන්නවා.

හොඳ ගායන ශිල්පීන්, ශිල්පිනියන් බවට පත්වුණොත් ඔවුන්ට යම් ආර්ථික ශක්තියක් දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. සංදර්ශන පවත්වලා ඒ ලැබෙන මුදල් අපි යොදා ගන්නේ ඒ කටයුත්තට. ඒ මඟින් ඔවුන් හොඳ ආර්ථක මට්ටමක් සහිත පුද්ගලයන් බවටත් පත්වනවා.

ඇත්තටම අපි බලාපොරොත්තු වුණාට වඩා වැඩි ප්‍රතිචාරයක් අපට මුළු රටෙන්ම ලැබුණා. අපට ලැබුණ, ලැබෙමින් පවතින අයදුම්පත් ප්‍රමාණය අති විශාලයි. ගුවන් විදුලි ඉතිහාසයේ මෙවැනි තරගාවලියක් පැවැත්වෙන ප්‍රථම වතාව මෙයයි. අපේ ගරු සභාපති හඩ්සන් සමරසිංහ මහතාගේ සංකල්පයක් අනුව ආරම්භ කෙරුණු මේ ‘ S. L. B. C. ත්‍රීවිල් ස්ටාර්’ තරගාවලිය අපේ ආදරණීය ජනතාව අතරට ගෙන යන්නේ ජාතියට බොහෝ දේවල් තිළිණ කළ ජාතික ගුවන් විදුලිය ඔස්සේ. එහි City F. M. සේවය මේ සමාජ සද් කාර්යය උදෙසා ඇප කැප වී ක්‍රියා කරනවා.

පළමු වටයේ තරග කාල සටහන මෙසේය.
දිනය ස්ථානය කටහඬ පරීක්ෂණය පටිගත කිරීම ප්‍රචාරය

2013. 06. 28 වයඹ හඬ පෙ. ව. 9.00 – ප. ව. 1.00 – ප. ව. 5.00 – ප. ව. 6.00 – 2013. 07. 14 – 2013. 07. 21

2013. 07. 13 කඳුරට සේවය පෙ. ව. 9.00 – ප. ව. 1.00 – ප. ව. 5.00 – ප. ව. 6.00 – 2013. 07. 28 – 2013. 08. 04

2013. 07. 27 දඹාන රේඩියෝ - පෙ. ව. 9.00 – ප. ව. 1.00 – ප. ව. 5.00 - ප. ව. 6.00 – 2013. 08. 11 – 2013. 08. 18

2013. 08. 03 රජරට සේවය පෙ. ව. 9.00 – ප. ව. 1.00 – ප. ව. 5.00 – ප. ව. 6.00 – 2013. 08. 25 – 2013. 09. 01

2013. 08. 17 රුහුණු සේවය පෙ. ව. 9.00 – ප. ව. 1.00 – ප. ව. 5.00 – ප. ව. 6.00 – 2013. 09. 08 – 2013. 09. 15

2013. 08. 31 යාපනය සේවය - පෙ. ව. 9.00 – ප. ව. 1.00 – ප. ව. 5.00 – ප. ව. 6.00 – 2013. 09. 22 – 2013. 09. 29

2013. 09. 14 පිරෙයි එෆ්. එම් - පෙ. ව. 9.00 – ප. ව. 1.00 – ප. ව. 5.00 – ප. ව. 6.00 – 2013. 10. 06 – 2013. 10. 13

මෙම වැඩසටහන් 16 ඇසුරින් සංකලනයක් ලෙස සකසා වැඩසටහන් 2 ක් ප්‍රචාරය වේ. (Flash Back) එම වැඩසටහන් ප්‍රචාරය වන දිනයන් / දිවයිනම ආවරණය වන පරිදි තරගකරුවන්ට සහභාගිවීමට හැකිවන සේ කොළඹ ප්‍රධාන කාර්යාලයේදී පළමු වටයේ තරගයක් සූදානම් කිරීම.

01. 2013. 10. 20 – දහවල් 12.00 – 12.45

02. 2013. 10. 27 දහවල් 12.00 – 12.45

දෙවන වටයේ තරග කාල සටහන

පළමු වටයේ තරඟ වැදුනු තරකරුවන් 80 දෙනා අතරින් විද්වත් විනිශ්චය මණ්ඩලයක් විසින් තෝරා දෙනු ලබන තරගකරුවන් 40 දෙනෙකු දෙවන වටය සඳහා තරග වදිනු ලැබේ. එම තරග ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ කුමාරතුංග මැදිරියේදී දින 4 ක් තුළ පැවැත්වේ.

දිනය පෙර පුහුණුව පටිගත කිරීම ප්‍රචාරය

2013. 09. 28 - 10.00 – 13.00 14.00 – 15.00 2013. 10. 20

2013. 10. 12 - 10.00 – 13.00 14.00 - 15.00 2013. 10. 27

2013. 10. 26 10.00 - 13.00 14.00 – 15.00 2013. 11. 03

2013. 11. 09 10.00 – 13.00 14.00 – 15.00 2013. 11. 10

අර්ධ අවසාන තරගය

දෙවන වටය සඳහා තරග වැදුනු තරගකරුවන් 40 දෙනා ගායනා කරන ලද ගීත විද්වත් විනිශ්චය මණ්ඩලයකට යොමු කර තරගකරුවන් 20 දෙනකු අර්ධ අවසාන තරගය සඳහා ඉදිරිපත් කරනු ලැබේ. එම තරඟ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී පැවැත්වේ.

දිනය පෙර පුහුණුව පටිගත කිරීම ප්‍රචාරය

2013. 11. 16 – 10.00 – 13.00 – 14.00 – 15.00 – 2013. 11. 24

2013. 11. 23 – 10.00 – 13.00 – 14.00 – 15.00 – 2013. 12. 01

අර්ධ අවසාන තරඟයේ වැඩසටහන් දෙක ඇසුරින් සංකලනයක් සකසා එක් වැඩසටහනක් ප්‍රචාරය වේ.

013. 12. 08

2013. 12. 16 (ගුවන් විදුලි සංස්ථා 88 වන සංවත්සර දිනය)

අවසාන මහා තරගය

අර්ධ අවසාන තරගය සඳහා ඉදිරිපත් වූ තරඟකරුවන් 20 දෙනා විද්වත් විනිශ්චය මණ්ඩලයකට යොමු කර අවසාන මහා තරඟය සඳහා තරගකරුවන් 10 දෙනෙකුª තෝරා ගනු ලැබේ.

මෙම තරගකරුවන් 10 දෙනා මනා පුහුණුවකින් පසු කොළඹ තෝරා ගනු ලබන ස්ථානයක (අනුග්‍රාහක ආයතනවල ද අභිමතය පරිදි) සජීවී ප්‍රසංගයක් ලෙස තරඟ වදිනු ලැබේ. එහිදී විද්වත් විනිශ්චය මණ්ඩලයක් විසින් ‘ත්‍රීවීල් ස්ටාර්’ ගායන අභිෂේකයේ ත්‍රීවිල් ස්ටාර් ගායන ශිල්පියා හෝ ශිල්පිනිය සහ සෙසු ජයග්‍රාහකයන් තෝරනු ලැබේ.

SMS භාවිතය

මෙම තරඟාවලිය ආරම්භයේ සිටම තරගකරුවන් වෙනුවෙන් S.M.S මඟින් ශ්‍රාවකයින්ට තරගකරුවන් දිරි ගැන්වීමට සහ ජනප්‍රියතම ගායකයා තේරීමේ අවස්ථාව උදාකර දෙනු ලැබේ. ඒ අනුව තරඟකරුවන් වෙනුවෙන් අසන්නාට හැකිතාක් S.M.S එවිය හැකිය. එම ඉ. ර්. ඉ පියවරෙන් පියවර ගනනය කරනු ලබන අතර විනිශ්චය මණ්ඩලය විසින් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් තේරීමේදී S.M.S පිළිබඳව ද අවධානය යොමු කරන අතර වැඩිම S.M.S. ලාභියා ජනප්‍රියතම ත්‍රීවිලර් ස්ටාර් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබේ.

ඉ ඹ් ඕ ඛ් ත්‍රීවීල් ස්ටාර් ගායන තරගයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පළමු වටය සඳහා සුදුසුකම් ලැබූ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්.

1 . ක්‍රිස්ටෝපර් ඩෙන්සිල්
2. චානක නිමේෂ්
3. ඩබ්ලිව්. ඩබ්ලිව්. බොතේජු
4. නිමල් තිස්ස
5. ධනුජා නයෝමි
6. දිලුක සංජීව
7. උපුලි චන්දිමා
8. ලංකානි සුසිරිපාල
9. චින්තා අමාලි
10. ලහිරු උදයංග
11. ප්‍රසාදිනී යශෝධ්‍යා
12. එස්. පී. එම්. ජානක