වර්ෂ 2013 ක්වූ ජනවාරි 03 වැනිදා බ්‍රහස්පතින්දා




බලනවා නම් චිත්‍රපට

බලනවා නම් චිත්‍රපට

අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම.

Chernobyl Diaries

‘ෂර්නොබිල් ඩයරිස්’ 1986 වසරේදී සිදු වූ ෂර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරයේ ඛේදවාචකය පදනම් කර ගනිමින් නිර්මාණය වූ ත්‍රාසය භීතිය රැගත් චිත්‍රපටයක්. බ්‍රැඩ්ලි පාකර් විසින් අධ්‍යක්ෂණය කළ මෙහි ජේස් මාක්කාර්ති, ජොනතන් සැඩොව්ස්කි, ඩෙවින් කෙලී, ඔලිවියා ටේලර්, නාදන් පිලිප්ස්, ඉන්ග්‍රිඩ් බොල්සෝ, දිමිත්‍රි ඩයටෙචන්කො රංගනයෙන් දායක වෙති.

Hyde Park on Hudson

‘හයිඩ් පාර්ක් ඔන් හඩ්සන්’ මිනිත්තු 95 ක ධාවන කාලයකින් යුතු හාසම්‍ය චිත්‍රපටයක්. ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරයකු වන ෆ්රැක්ක්ලින් රූස්වෙල්ට්ගේ ඥාති සහෝදරියකු වන මාග්‍රට් සක්ලේ ගේ ජීවන තොරතුරු ඇසුරින් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටයේ ජනපති රූස්වෙල්ට් ගේ චරිතයට බිල් මුරේ සහ මාග්‍රට් සක්ලේගේ චරිතයට ලෝරා ලිනී පණ පොවති.

‘හයිඩ් පාර්ක් ඔන් හඩ්සන්’ රොජර් මිචෙල්ගේ අධ්‍යක්ෂණයකි.

Liberal Arts

‘ලිබරල් ආර්ට්ස්’ ආදර කතා පුවතක් රැගත් හාස්‍යමය චිත්‍රපටයක්. මිනිත්තු 97 ක ධාවන කාලයක් රැගත් ‘ලිබර්ල් ආර්ට්ස්’ අධ්‍යක්ෂණය ජෝෂ් රැඩිනෝර් ගේ අධ්‍යක්ෂණයක්. ජොෂ් රොඩිනර්, එලිසබෙත් ඔල්සෙන්, රිචඩ් පේන්කින්ස්, ඇලිසන් ජැනී, ජෝහා මැගාරා, එලිිසබෙත් රිසර් මෙහි ප්‍රධාන චරිත සඳහා පණ පොවති.

Killer Joe

‘කිලර් ජෝ’ මිනිත්තු 98 ක ධාවන කාලයක් රැගත් හාස්‍යමය චිත්‍රපටයක්. විලියම් ෆීඩ්කින් අධ්‍යක්ෂණය කළ මැතිව් මැක්කොනගි, එමිල් රිස්ච්, ජූනෝ ටෙම්ප්ලේ, ජිනා ප්රිෂෝන්, තෝමස් ෂ්රුච් මෙහි ප්‍රධාන චරිත සඳහා දායකත්වය ලබා දෙති.

Sparkle

‘ස්පාක්ල්’ සංගීතමය චිත්‍රපටය 1976 වසරේදී තිරගත වූ සෑම් ඔස්ටීන් විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයේ නව නිෂ්පාදනයකි. සලීම් අකිල් විසින් අධ්‍යක්ෂණය කළ නව චිත්‍රපටයේ ජෝඩීන් ස්පාර්ක්ස්, වයිටිනි හොස්ටන්, ඩෙරෙක් ලූක්, මයික් එප්ස්, තෙල්මා මාන්, කාටෙන් එජොගෝ, ටීකා සමිප්ටර් ඇතුළු පිරිසක් දායක වෙති.

ගායනයෙහි නිරත සහෝදරියන් තිදෙනෙකු වටා ගෙතුන කතා පුවතක් ‘ස්පාක්ල්’ හි ඇතුළත් වේ.

The Good Doctor

‘ද ගුඩ් ඩොක්ටර්’ මිනිත්තු 93 ක ධාවන කාලයක් රැගත් ත්‍රාසජනක චිත්‍රපටයක්. ලැන්ස් ඩේලි විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ ඔර්ලැන්ඩොී ඕලෝටි, රිලේ කියුග්, තරාජි පී. හෙන්සන්, රොබ් මොරෝ, මයිකල් පෙනා ඇතුළු පිරිසක් චරිත නිරූපණය කරති.

The Secret World of Arrietty

‘ද සීක්‍රට් වර්ල්ඩ් ඔෆ් ඇරිටි’ සුරංගනා කතාවක් තේමා කරගත් පරිගණක සජීවිකරණ පවුලේ චිත්‍රපටයක්. හිරොමියා යොන්බයෙෂි සහ ගේරි රිඩිස්ට්‍රොමි ගේ අධ්‍යක්ෂණයක් වන මේ සඳහා බ්‍රිජිට් මෙන්ඩ්ලර්, එමී පොහෙලර්, විල් ආර්නෙට්, ඩේවිඩ් හෙන්රි, කැරොල් බනෙටි ඇතුළු පිරිසක් හඬ දායකත්වය ලබා දෙති.

ඉංග්‍රීසි සහ ජපන් භාෂා දෙකෙන්ම හඬ කවා ඇති ‘ද සීක්‍රට් වර්ල්ඩ් ඔෆ් ඇරිටි’ මිනිත්තු 94 ක ධාවන කාලයකින් යුතු වේ.

Cigarette Ki Tarah

‘සිගරට් කී තරාහ්’ ආදර කතා පුවතක් රැගත් ත්‍රාසජනක හින්දි චිත්‍රපටයක්. අක්ෂ්‍යාධිත්‍ය ලාමා අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ භූප් යාධ්වාෂි, ප්‍රශාන්ත් නාරායනන්, උවිකා චව්ද්‍රි, මධුරිමා තුලී, සුදේශ් ඛේරි මෙහි ප්‍රධාන චරිත සඳහා පණ පොවති.