වර්ෂ 2013 ක්වූ ජනවාරි 03 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

නැවත ගී ගයන්න

ඇන්ටන් ජෝන්ස් අප අතරේ ජනප්‍රිය වූයේ සත්‍ය සිදුවීම් අලළා රචනා කළ ගී ගැයූ ගායකයකු ලෙසිනි. එවන් ශෛලියක ගී ගැයූ ගායකයකු නැවත බිහි වන්නෙ නැත. අද ඔහු වියපත් ජීවිතයේ සැඳෑ සමය ගෙවමින් සිටියි. සියලු ලෙඩ රෝගයන් දුරු වී නැවතත් ගී ගැයීමට හැකි වේවා යැයි පතමි.

කරුණාදාස දොඩම්ගොඩ

ඇරැව්වල

අගැයීමක් නෑ

සුජාතා සිතුවම්පටයේ රඟපා අංක එකේ ජනප්‍රිය නිළිය බවට පත් වූ ෆ්ලොරිඩා ජයලත් ස්විප් ටිකට් සිතුවම්පටය අධ්‍යක්ෂණය කරමින් මෙරට සිනමාවේ ප්‍රථම අධ්‍යක්ෂවරිය වූවාය. එහෙත් ඇය මියයන තුරුම කිසිම අගැයීමකට ලක්නොවුණ කලාකාරිණියකි.

කරු මන්දාවල

තබ්බෝව

නාත්තන්ඩිය

ඉතිහාසගත චරිතයක්

සිංහල සිනමාව කර්මාන්තයක් වශයෙන් පවත්වාගෙන යාමට නිෂ්පාදකයන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය සාධකයකි. බොහෝ විට නිෂ්පාදනයෙන් දායකවන්නන් පළමු හෝ දෙවන චිත්‍රපටයෙන් පසුව ක්ෂේත්‍රය අත්හැර යයි. එහෙත් චිත්‍රපට පණහකටත් අධික ප්‍රමාණයක් නිපදවමින් වසර ගණනාවක සිට තවමත් සක්‍රීයව චිත්‍රපට නිෂ්පාදනයේ යෙදෙන සුනිල් ටී. ප්‍රනාන්දු මේ වන විටත් ඉතිහාසගත චරිතයක්ව හමාරය.

චන්දන වන්නිආරච්චි

දෙහිඅත්තකණ්ඩිය

අපූරු කලා කෘතියක්

පොලිස් සේවයට ගෞරවයක් ද, පවුල් සංස්ථාවට ආදර්ශයක් ද ගෙන එන බොරලු පාර ටෙලි සිතුවම අවර ගණයේ විසූක දර්ශන ගෙනහැර පාන හරසුන් ටෙලි නාට්‍ය අතර ප්‍රේක්ෂකයාට ජීවිතය කියා දෙන අපූරු කලා කෘතියකි.

වෙන්දකඩුව වැනි අවංක, වැදගත් නිර්භීත පොලිස් නිලධාරීන් ද, රේගන් වැනි වංක, බියගුලු පුද්ගලයින් ද අතර පිංකි, පීරිස්, බුලට් වැනි අපට කිට්ටු අප සමාජයේ ගැවසෙන තාත්ත්වික චරිත මෙහි වෙති. ප්‍රතිභාන්විත රැඟුම් රැගත් සෙසු අංගයන් ද ප්‍රශස්ත මට්ටමක පිහිටි බොරලු පාර හි විල්බට්ගේ භූමිකාවෙන් කම්මැලි ගතිය ද නැති කර දමයි. සමන්ත පෙරේරාගේ තේමා ගී ගායනය ඉතාම මිහිරියි, හැ¼ගුම්බරයි.

ඩඩ්ලි ගෝමස්

මොරටුව

පවුලේ සැමට නැරැඹිය හැකියි

බොරලු පාර පවුලේ සියලු දෙනාට එකට සිට නැරැඹිය හැකි ටෙලි නාට්‍යයකි.

වියානි ගුණවර්ධන

නිලන්ති ගුණවර්ධන

වයානි ගුණවර්ධන

ශීලා වැන්ඩර්ලන්

වෙන්නප්පුව

නොමැකෙන නමකි

සිංහල සිනමාවේ මෙන්ම මෙරට සංගීත ඉතිහාසයේ නොමැකෙන නමක් සනිටුහන් කළ අයෙකි. ඔහු කළ නිර්මාණයන්හි හඬ අපට ඇසුණු විට ඒවා ඔහුගේ බව අපට කියන්නට පුළුවන්ය. ඔහු කවුරුත් නොව අප අතරින් වියෝ වූ කේමදාස මාස්ටර්ය. නිර්භයව අදහස් ප්‍රකාශ කළ ඔහුගේ නිර්මාණයන් ද නිර්භවය ඉදිරිපත් කළ ඒවාය. දඬුබස්නාමානයේ සංගීතය සහ තේමා ගීතය අප හදවත් තුළ අදත් නොමැකී පවතියි.

ප්‍රභාත් රාජපක්ෂ

නාවලපිටිය

ස්තුතියි

අශෝක හඳගමට

ඉනිඅවන් හැදුවට ස්තුතියි.

ඒත් හැමෝටම තේරෙන විදු වගේ ලස්සන චිත්‍රපටයක් ආයේ කරන්න.

සුනිල් එම්. අබේරත්න

කොටහේන

බරපතළ වරදකි

සිංහල සිනමා වංශ කතාවේ මුල් පරිච්ඡේදයේ නිර්මාණය වූ අශෝකමාලා චිත්‍රපටයේ ගායනයෙන් චිත්‍රපට පසුබිම් ගායකයකු වශයෙන් ගායන ක්ෂේත්‍රයට පිවිසි අල්හාජ් මොහිදින් බෙග් පරම්පරා කිහිපයක රසික සිත් සැනසූ ප්‍රවීණ ගායකයෙකි. අන්‍ය ආගමිකයකු වුව ද බොදු බැති ගී ගායනා කිරීමේදී සිංහල, බෞද්ධ සිත් තුළ බුද්ධාලම්භන ප්‍රීතිය ඇතිවන අයුරින් එම ගීත ගායනා කිරීමේ හැකියාවක් ඔහු තුළ පැවතිණ. මොහු විසින් ගායනා කර ඇති බැති ගී ප්‍රමාණය බෞද්ධ ගායකයකු මුවින් නොගැයුන තරම්ය. ඔහුගේ කටහඬෙහි ගාම්භීරත්වය අප මවිත කරවන සුළුය. එවන් අයකු වර්තමාන ගුවන් විදුලි නාලිකාවන්ට වෙසක් කාලයේ සහ පොහොය දිනවලදී පමණක් මතක්වීම බරපතළ වරදකි.

ප්‍රේමසේන පෙරේරා

ඥාණා කුමාරි පෙරේරා

මධු සුරංගි පෙරේරා

කළුබෝවිල

ජීවමානයි

ලයනල් රන්වල මහතා ජනප්‍රිය ජන සංගීතවේදියාණන්ගේ ගීත අප කාගේත් හදවත්වල නොමැකෙන ලෙස සටහන් වී ඇත. එතුමා අප අතරින් සදාකාලික වෙන් වූවත්, ඒ ගිය මඟ යෑමට එතුමාණන්ගේ පුතු සහන් දරන උත්සාහය සාර්ථකයි. ප්‍රශංසනීයයි. සිංහල අපේ හදවතට දැනෙන මෙම ගායනා විලාශය මෙන්ම පද මාලාව ද සදාකාලිකවම ජීවමනා වේ. අපේකම රැකගත් ඔබ ගත් මඟ නිවැරැදිය.

සෝමා එච්. පතිරණ

කහවත්ත

මේ ඉර්ඉ ප්‍රතිචාර තීරයයි

ප්‍රතිචාර සැකසුම - ප්‍රසාද් සමරතුංග

ලැබුණු සෑම චරිතයකටම මනා සාධාරණයක් ඉටු කළ අසේල ජයකොඩි සදා අමරණීයයි.

සුගත් ලාල්

ක්වේට්

රොෂාන් ප්‍රනාන්දු ලස්සනට සිං කරනවා. ඔහුගේ ගීත අර්ථවත්.

මධුසංඛ

කොලොන්නාව

නිරෝෂා පෙරේරාට,

කොතරම් නිවේදිකාවන් සිටියත් තවමත් ඔබමයි සුපිරි තරු මාවතේ නිවේදක තාරකාවිය.

සරත් කුමාර සමරවීර

හැඩකාර, දඟකාර උදාරි ඉක්මනට ලංකාවට එන්න.

කසුනි

මාවනැල්ල

මොරිස් දහනායක සුවිශේෂී ගායකයෙකි, නළුවෙකි.

නිමල් කුලසේකර

අඟුලාන

විරහ ගීත වැඩි වැඩියෙන් බිහිවන්න ඕනේ.

රුවන්ති

නුවරඑළිය

වයඹ රේඩියෝව හොඳයි.

රත්නා කහඳව

අලව්ව

චතුරිකා පීරිස් සේපාළිකා ටෙලි ඩ්‍රාමා එකේ සුදු හාමිනේගේ චරිතය මම දැකපු හොඳම චරිතයයි.

තරංග ලන්සකාර

උඩුබද්දාව

ලතා වල්පොල අපේ ගීත කෝකිලාවියයි. ඇය අපට මහත් ආඩම්බරයකි.

සාලිය

මීගොඩ

දුෂ්යන්ත් වීරමන් කඩවසම්.

මධුවන්ති

ගන්දර

ඉඳුවරි ටෙලි සිතුවමේ මීගා සහ කේසර බඩියා හැටියට රඟපාන නවක නළුවන් දෙපොළ ඉතා සාර්ථක රංගනයක යෙදෙනවා.

හෂිනි රසංගි

කලුතර

මම දැකපු ලස්සනම නිළිය තමයි පූජා උමාශංකර්.

අවිශ්ක

කටුවැල්ලගම

අනූව දශකයේ සංගීත ලෝකයට අවතීර්ණ වී ‘සඳක් නම්’ ගීතයෙන් ගී කෙතෙහි සදාතනික නමක් රඳවා ගැනීමට සමත් වූ රොහාන් ශාන්ත බුලේගොඩ ගායකයාණෙනි, ඔබ අවසන් වතාවට ඉදිරිපත් කළ ‘හිත ඔබටම තමයි’ ගී එකතුව ඉතාමත් රසවත්. සුබාවිත ගීතයට පණක් ලබාදීමට ඔබ වැන්නන්ගෙන් බලාපොරොත්තු වෙමු. එම ගී කලඹ අපව මන මෝහනය කළා.

දමයන්ති කුමාරි

හොරණ

ජැක්සන් ඇනිතනීගේ ලොකු පුතු අඛිල ධනුද්ධර කලාවට සම්බන්ධ වීම ගොඩක් සතුටුයි. ඔහුගේ පෙම්වතිය අමන්දා නිලුක්ෂිටත් සුබ පතනවා.

ෆාතිමා

වැලිගම

ජේ. ඒ. මිල්ටන් පෙරේරා ගායන ලොව සුපුන් සඳකි. ඒ සඳ බැස ගියේ අලෝකය ඉතිරි කරමිනි.

සරත් මද්දුමආරච්චි

මතුගම

ශ්‍රී ලාංකේය තරුණ හදවතට ගීතයෙන් ආමන්ත්‍රණය කළ, යුග කිහිපයක් මධුර හඩින් රසවත් කළ, සිනමාවත්, ප්‍රසංග වේදිකාවත් ජයගත් අපේ ඇසුරින් මිදී නොයන ප්‍රියා සූරියසේන නම් ආදරණිය කලාකරුවාට තවත් දිගු කාලයක් අපව ගීතයෙන් මුසපත් කරන්න හැකි වේවා.

චතුරංග සම්පත්

තුන්නැන

කුමාරසිරි පතිරණට,

ඔබේ අලුත් ගී තැටිය ගොඩක් ලස්සනයි. ලබන අවුරුද්දේ යෙදෙන ඔබේ උපන් දිනයට ඔන්න ඉස්සෙල්ලාම මම සුබ පතනවා. ඔබට දීර්ඝායු වේවා.

නදී

ගම්පොළ

නාමල් උඩුගමගේ පරණ සිංදු අහන්න අහන්න ආසයි.

දිමුත්

ගාල්ල

ඔබේ ප්‍රතිචාර ක්ෂණිකව 0752805047 යන

දුරකථන අංකයට එවිය හැකියි.

ප්‍රතිචාර, සරසවිය,

ලේක්හවුස්, කොළඹ 10 මේ ලිපිනය තැපැල් හා සටහන්පත් වෙනුවෙනි.