වර්ෂ 2013 ක්වූ ජනවාරි 03 වැනිදා බ්‍රහස්පතින්දා




සතියේ ගීතය

සතියේ ගීතය

ගීතා

ගැ - ලාලා ලාලා ල ලා . . .
පි - දකින දසුනේ දෙනෙත ඇඳුණේ
සොඳුරු ඔබ රුව වේ
පවනෙ ඇසුණේ සවනෙ රැඳුනේ
ඔබගෙ කට හඬ වේ

පි - මහද විමනේ කැකුළු යහනේ
ඔබයි සැතපෙන්නේ
සිතක සිතුමේ පතන පැතුමේ
ඔබයි හිනැහෙන්නේ

ගැ - ලලලාලා . . . ලාලා . . .
පි - දෙපස ගංගා දෙකක එක් වී
එකතැනට ආවේ
එකට ඒ ගං ජලය මුසු වී
සයුර තුළ පාවේ . . .

පි - අඳුරු ගල් මුල් ඉවුරු මායිම්
පළිගු අසුවෙනවා
සෙනෙහෙ ජය මල් තිරය ඇත රන්
විජය දජ ලෙළවා

පද රචනය – කරුණාරත්න අබේසේකර
සංගීතය – ගලගෙදර එම්. එම්. හක්
ගායනය – එච්. ආර්. ජෝතිපාල සමඟ සුජාතා අත්තනායක
අධ්‍යක්ෂණය – ජෝ දේව් ආනන්ද්