වර්ෂ 2013 ක්වූ ජනවාරි 03 වැනිදා බ්‍රහස්පතින්දා




2 0 1 2 මතක පොතේ පිටු අතරේ . . .

2 0 1 2 මතක පොතේ පිටු අතරේ . . .

කුස - පබා සියලු වාර්තා බිඳ හෙළමින් . . .

2012 වසර දැන් අතීතයට එක් වී හමාරය. එළැඹි නව වසර දෙස අප සුවහසක් ප්‍රාර්ථනාවන් පෙරදැරිව බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා හිඳින්නෙමු. අතීතය, අනාගත මිනිසාගේ සෙවණැල්ල යැයි ප්‍රකට කියමනක් තිබේ. සැබැවින්ම අනාගතය වඩාත් සුබදායි වන්නේ අතීතයෙන් අප උගත් පාඩම් හා පූර්වාදර්ශයන් හෙට දවසේ වඩාත් නිවැරදිව භාවිත කළහොත් පමණි.

ඉකුත් වසරේ අපේ කලා ලොවේ සුවිශේෂී සිදුවීම් අප යළිත් ‘සරසවිය’ පත්ඉරු මත මෙසේ ගොනු කරන්නේ එකී මාහැඟි අරමුණ ද මුල්කරගෙනය. මේ ඉඩහසර ඒ වෙනුවෙනි.

2012 ජනවාරි මස ආරම්භයේ අපට අසන්නට ලැබුණේ ප්‍රවීණ කලාකරුවකු වෙනුවෙන් සංවිධානය කළ උපහාර පිදීමකි. හේ ජයලත් මනෝරත්නයන්ය. ඔහුගේ නාට්‍ය ජීවිතයට වසර හතළිස් පහක් පිරීම නිමිත්තෙන් ජනවාරි 05, 06, 07 යන දිනයන්හි ‘තෙවත’ මනෝ රඟ පෙළහර’ නාට්‍ය උළෙල කොළඹ ලයනල් වෙන්ට්ඩ් රඟහලේ පැවැත්විණ. එය සංවිධානය කර තිබුණේ ‘සත්ජන’ සහෘද සංසදයයි.

ප්‍රවීණ මාධ්‍යවේදී අර්නස්ට් වඩුගේ රචිත ‘යුග දිවිය’ උපදේශාත්මක කෘතිය ප්‍රවීණ කලාකරුවන් රැසකගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 13 වැනි දින කොළඹ ‘ග්‍රෑන්ඩ් ඔරියන්ටල්’ හෝටලයේදී පැවැත්විණ.

70 දශකයේ ජනප්‍රියත්වයට පත් වූ ‘උමතුසං වරුසාව’ වේදිකා නාට්‍යය ප්‍රවීණ නාට්‍ය ශිල්පී ජයශ්‍රී චන්ද්‍රජිත් යළි නිර්මාණය කරමින් ප්‍රථම වරට වේදිකාගත කරවූයේ ජනවාරි 10 වැනිදාය. ඒ කොළඹ ලුම්බිණි රඟහලේදීය.

ජාතික නාට්‍ය උළෙල මෙවර ද ජනවාරි 17 වැනිදා සිට 30 වැනි දින දක්වා කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහලේ පැවැත්වුණු අතර එකී නාට්‍ය උළෙල සඳහා දිගු නාට්‍ය හතක්, කෙටි නාට්‍ය විසි හතරක් සහ ආරාධිත නාට්‍ය දෙකක් ද ඇතුළත් විය.

දෙරණ රූපවාහිනිය ඔස්සේ ‘360 ං’ දේශපාලන සංවාද වැඩ සටහන ඉදිරිපත් කරමින් ජනාදරයට පත් වූ ඩිල්කා සමන්මලී යොවුන් නිවේදිකාව චන්දන අසේල සමඟින් යුග දිවියට එළඹියේ ඉකුත් ජනවාරි 19 දාය. හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේදී එම විවාහ මංගල්‍යය පැවැත්විණි.

ප්‍රවීණ ගායක, ගායිකා දෙපළක් වන සිසිර – ඉන්ද්‍රාණි සේනාරත්න විසින් දිගු කලෙකට පසුව ‘සිසින්ද්‍රා’ ගී ප්‍රසංගයෙන් අපේ ගීත ලෝලීන් හමුවට ආවේ ජනවාරි 20 වැනිදාය. මෙම ගී ප්‍රසංගය ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී පැවැත්විණ.

2012 ජනවාරි 21 වැනි දින උදා වූයේ දේශීය සිනමා ඉතිහාසයේ තවත් සුවිශේෂතම දිනයක් සිහිපත් කරමිනි. ඒ මෙරට කථානාද සිනමාවේ ආරම්භය වූ ‘කඩවුණු පොරොන්දුව’ තිරගත වී වසර හැට පහක් සපිරුණු දිනයයි. ‘කඩවුණු පොරොන්දුව’ එසේ මුල්වරට තිරගත වූයේ 1947 ජනවාරි 21 වැනිදාය. සිංහල සිනමාවට එසේ හැට පස් වසක් සපිරෙද්දී ජාතික චිත්‍රපට සංස්ථාවට වසර හතළිහක් සපිරුණි.

ලාංකේය සිනමාවට අනුපමේය සේවාවක් ඉටු කළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා, නිළි රැජන මාලිනී ෆොන්සේකා, එඩී ජයමාන්න, ජෝ අබේවික්‍රම, ටයිටස් තොටවත්ත, සන්ධ්‍යා කුමාරි යන කලාකරුවන් වෙනුවෙන් සමරු මුද්දර හයක් නිකුත් කෙරුණේ ද අපේ සිනමාවට හැට පස් වසරක් සපිරීම නිමිත්තෙනි. තැපැල් සේවා අමාත්‍යය ජීවන් කුමාරතුංග, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුමිත්‍රා පීරිස් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගි වූහ.

ජනවාරි 27 වැනිදා අපේ කලා ලොවේ තවත් ජනප්‍රිය ගායන ශිල්පිනියකහට මංගල සීනු හැඬවිණ. ඕ උරේෂා රවිහාරිය. උරේෂාගේ අතගත් මනාලයා වූයේ වෘත්තියෙන් වෛද්‍යවරයකු වූ රුචිර නදීරයි.

‘සිරස’ සුපර් ස්ටාර් වේදිකාවෙන් ගී ලොවට පෑයූ ජනප්‍රිය ගායන තරුව ෂෙහාන් මිහිරංග, ගෙෂ්නි ක්ලෙමෙන්ටිනා සමඟ යුග දිවියට එළඹුණේ ද සීතල දුරුතු මහේ 25 වැනිදාය. හැඳල නායකකන්ද පල්ලියේදී එම විවාහය සිදු වූයේ පවුලේ සමීපතම හිතවතුන්ට පමණක් සීමා වූ චාම් විවාහ උත්සවයකදීය.

සුනිල් ටී. ගෙන් චිත්‍රපට තුනක් . . .

මරට විශිෂ්ටතම චිත්‍රපටය ලෙස විචාරක සම්භාවනාවට පාත්‍ර වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්්ගේ ‘නිධානය’ චිත්‍රපටයට හතළිස් වසක් සපිරුණේ පෙබරවාරි 03 වැනිදාය. 1972 පෙබරවාරි 03 වැනිදා ‘නිධානය’ මුල්වරට තිරගත විය.

ජාතික තරුණ සේවා සභාව මඟින් සංවිධානය කළ යෞවන කෙටි හා වාර්තා චිත්‍රපට උළෙල ‘ශ්‍රී ලංකා තාරුණ්‍යයේ සිනමා අස්වැන්න’ නමින් ජාතික චිත්‍රපට සංස්ථා ‘තරංගනී’ ශාලාවේ පැවැත්වුණේද ඉකුත් පෙබරවාරියේදීය. කෙටි චිත්‍රපට හැත්තෑ හතරක් සහ වාර්තා චිත්‍රපට දාහතරක් ඒ සඳහා ඉදිරිපත් කොට තිබිණ.

අප අතරින් වියෝ වූ ජනකාන්ත කලාකරුවකු ලෙස පොදු ජන හදවතෙහි විරාජමානව සිටිනා විජය කුමාරණතුංගයන්ගේ විසි හතර වැනි ගුණානුස්මරණය යෙදී තිබුණේ පෙබරවාරි 16 වන දිනය. ඒ නිමිත්තෙන් රට පුරා විවිධ පිංකම් මාලාවන් රැසක් පැවැත්විණි.

වියට්නාම් චිත්‍රපට උළෙලක් මෙරට ප්‍රථම වරට චිත්‍රපට සංස්ථා ‘තරංගනී’ ශාලාවේ පැවැත්වුණේ පෙබරවාරි 16 සිට 19 වැනි දින දක්වාය.

ස්ලිම් නීල්සන් ආයතනය මඟින් වාර්ෂිකව පවත්වන මහජන සම්මාන උළෙලේදී මෙවර ද විශාරද නන්දා මාලිනිය සහ රන්ජන් රාමනායක සුපුරුදු සම්මානයෙන් පිදුම් ලැබීය. එහිදී වැඩිම ජනතා ප්‍රසාදයක් ලද චිත්‍රපටය ලෙස ‘මහින්දාගමනය’ තේරී පත් විය.

ටෙලි නිර්මාණ ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටු කරන ලද සේවය අලළා මහාචාර්ය තිස්ස කාරියවසම්, විශාරද නන්දා මාලිනී සහ සිරිල් වික්‍රමගේ යන ප්‍රවීණ කලාකරුවන්හට ටෙලි නිර්මාණවේදීන්ගේ සංගමයේ 18 වැනි සංවත්සර උළෙලේ දී එහි ගරු සාමාජික සම්මාන පිරිනැමීම ද 2012 පෙබරවාරියේ සුවිශේෂී වූ සිදුවීමකි.

පෙබරවාරි 23, 24 දෙදින තුළ සෝමලතා සුබසිංහ උපහාර උළෙලක් හොරණ ළමා රසඥතා කමිටුව මඟින් සංවිධානය කර තිබුණි. ඒ නිමිත්තෙන් ‘පුංචි අපට දැන් තේරෙයි’ සහ ‘තොප්පි වෙළෙන්දා’ වේදිකා ගතවූයේ සෝමලතා සුබසිංහ නාට්‍යවේදිනිය විසින් අපේ ළමා නාට්‍ය කලාවට සිදු කළ සුවිසල් මෙහෙවර ද සිහි කැඳවමිනි.

ඉරාන තානාපති කාර්යාලය සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ එකමුතුවෙන් පෙබරවාරි 24 සිට 28 දක්වා ඉරාන චිත්‍රපට උළෙලක් ජාතික චිත්‍රපට සංස්ථා ‘තරංගනී’ ශාලාවේදී පැවැත්විණ. ඉස්ලාමීය විප්ලවයේ තිස්තුන් වැනි සංවත්සරය කේන්ද්‍ර කොට ගනිමින් එම සිනමා උළෙල සංවිධානය කර තිබුණි.

2012 මාර්තුª මාසය ඇරැඹුණේ අපේ ජනප්‍රිය නිවේදිකාවක හා නිළියක වූ හිමාලි සයුරංගි හට මංගල නැකැත් උදා කරමිනි. එහි පෝරුවේ චාරිත්‍ර සිදු කරනු ලැබූවේ හුනුපිටිය ගංගාරාම විහාරස්ථාන භූමියේය. හිමාලිගේ අතගත් වාසනාවන්තයා වූයේ අසංග ජයලත්ය.

නුගේගොඩ ‘කලාභූමි’ රංගායතනයට විසි හත් වසක් සපිරීම නිමිත්තෙන් ‘කලාභූමී – ගීී මිණි’ ප්‍රසංගය මාර්තු පළමුවැනිදා මහරගම තරුණ සේවා රඟහලේදී පැවැත්විණ.

නිළි රැජන මාලිනී ඉන්දීය සිනමා උළෙලේ ජූරියට

හෙළ නිළි රැජන මාලිනී ෆොන්සේකා හා ප්‍රකට කිවිවර ආරියවංශ රණවීරයන් ලාංකේය කලා ක්ෂේත්‍රයට සිදු කළ මෙහෙවර වෙනුවෙන් කැලණිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨය මගින් ගෞරව සම්මානයෙන් පුදනු ලැබුවේ ද මාර්තු මසදීය.

ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරිගේ කලා දිවියට වසර හතළිස් හයක් සිපිරීම නිමිත්තෙන් මාර්තු 20 – 25 ‘විජයානන්දය’ නාට්‍ය උළෙල සංස්කෘතික කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහලේ පැවැත්විණ.

කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල මාර්තු 26 සිට අප්‍රේල් 02 දක්වා කොළඹ ජාත්‍යන්තර පාසල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

ඉකුත් වසරේ බක් මාසයේදී කලා ලොවේ සුන්දර මෙන්ම අසුන්දර මතකයන් ද අත්විඳින්නට අපට සිදු විය. මේ ඒ මතකයන් අතරට එබී බැලීමකි.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහා සිනමාවේදියාගේ 93 වැනි උපන් දිනය යෙදී තිබුණේ අප්‍රේල් 05 වැනිදාටය.

ප්‍රවීණ ගායන ශිල්පී විශාරද එඩ්වඩ් ජයකොඩිගේ සංගීත දිවියට තිස් පස් වසරක් හා ඔහුගේ දිවි මගට පනස් අට වසරක් සපිරීම නිමිතතෙන් ‘මාරම්බරී’ ගී ප්‍රසංගය අප්‍රේල් 05 වැනි දින මහින්ද රාජපක්ෂ - නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණ.

සරසවි නිර්මාණ සම්මාන උළෙල 28 වැනි වරටත් කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහලේදී පැවැත්වුණේ ගෙවුණු අප්‍රේල් මසදීය. එහිදී වේදිකා නාට්‍ය කලාවේ නිරත ශිල්පීන්ට හා ප්‍රවීණ කලාකරුවන් හට ප්‍රසාද ප්‍රණාම පිරිනැමුණි.

දේශයේ ආදරණීය කලා පුවත්පත ‘සරසවිය’ මුලින්ම පාඨක දෝතට පිරිනැමුණේ 1963 අප්‍රේල් 10 වැනි දාවකය. එවන් වූ අභිමානවත් සරසවියට වසර පනහක් පිරීම නිමිත්තෙන් ඹඹඹ. ඵචපචඵචමඪරච.තඬ යන වෙබ් අඩවිය 2012 අප්‍රේල් 10 වැනිදා සිට යාවත්කාලීනව අන්තර් ජාලයට මුදා හැරිණ.

ආදරණීය හමුවීම්, වේදනාබර වියෝවන් අතරේ ගෙවුණු කලා ලොවේ වසරක මතක . . .

එඩ්වඩ් නෙළුම් පොකුණට

සංජීව පුෂ්ප කුමාර අධ්‍යක්ෂණය කළ ‘ඉගිලෙන මාළුවෝ’ චිත්‍රපටය රුසියාවේ සෙන්ට් පීටර්ස්බර්ග්, දකුණු කොරියා සින්ඩ් අයිෆ් අසා, නෙදර්ලන්තයේ රොටර්ඩෑම්, ඇමරිකානු නිව් ජර්සි යන සිනමා උළෙලවලදී සම්මානයට හා අගැයුමට පාත්‍ර විය. ඊට අමතරව එම චිත්‍රපටය කැනඩාව, බෙල්ජියම, බ්‍රසිලය, ඇමරිකාව, ජපානය, එංගලන්තය ආදී රටවල් කිහිපයකම සිනමා සම්මාන උළෙල නියෝජනය කිරීමේ වරම් උදාකර ගත්තේ ද ඉකුත් අප්‍රේල් මසදීය.

අපේ යොවුන් සිනමා අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකුගේම චිත්‍රපට එතෙර සිනමා උළෙල නියෝජනය කරමින් සම්මානයට හා අගැයුමට පාත්‍රවීම මැයි මාසයේදී මෙරට සිනමා ඉතිහාසයට එක් වූ සුවිශේෂී සිදුවීම්ය. මේ ඒ පිළිබඳ ආවර්ජනයකි.

හෙක්ටර් කුමාරසිරිගේ ‘අබිනික්මන’ ඉන්දියාවේ ‘ද ඉනර්පාත්’ බෞද්ධ චිත්‍රපට උළෙල සඳහා තේරී පත් විය. ‘නෙට්පැක්’ ඉන්දියා දේවකී පදනම මගින් ප්‍රථම වරට සංවිධානය කළ මෙම උළෙල සඳහා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ‘උප්පලවණ්ණා’ සහ ප්‍රසන්න ජයකොඩි ගේ ‘සංඛාරා’ චිත්‍රපට ද ඇතුළත් වීම විශේෂත්වයකි.

ප්‍රියංකර විතානාච්චිගේ ‘සැමීගේ කතාව’ වැන්කුවර් සිනමා උළෙලේ තරගකාරී අංශය නියෝජනය කිරීම ද මැයි මාසයේ තවත් සුවිශේෂී සිදුවීමකි.

ප්‍රසන්න - ජයන්ත ජාත්‍යන්තරයට

වෙද්‍ය කපිල සූරියආරච්චි අධ්‍යක්ෂණය කළ ‘ප්‍රතිරූ’ චිත්‍රපටය අමෙරිකාවේ හතළිස් පස් වැනි ‘හූස්ටන්’ චිත්‍රපට උළෙලේදී නිර්මාණකරුවකු පළමුවරට ඉදිරිපත් කරන චිත්‍රපටය වෙනුවෙන් පිදෙන රිදී සම්මානය හිමිකර ගත්තේය.

අටවැනි ‘රයිගම් ටෙලීස්’ සම්මාන උළෙල මැයි 11 වැනිදා බත්තරමුල්ල ‘වෝටර්ස් එජ්’ හිදී පැවැත්විණ. එහිදී ප්‍රවීණ රංගවේදී ටෝනි රණසිංහයන්හට සිනමාව වෙනුවෙන් වූ දායකත්වය උදෙසා ‘යාවජීව’ සම්මානය පිරිනමනු ලැබීය.

මැයි 16 සිට 26 දක්වා පැවැති කාන් සිනමා උළෙල නියෝජනය කිරීම සඳහා අශෝක හඳගමගේ ‘ඉනියවන්’ චිත්‍රපටය තෝරා ගෙන තිබුණේ ස්වාධීන සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංගමය විසිනි.

මෙරට විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී දිනයක් ලෙස ඉකුත් මැයි මස 23 වැනි දින හඳුන්වා දීම අතිශයෝක්තියක් නොවේ. ඒ. ඕ. ඛ්. මාධ්‍ය ජාලය මගින් මෙරට ප්‍රථම ඩිජිටල් රූපවාහිනී නාළිකාව වූ ‘හිරු’ විකාශය ඇරැඹුවේ එදිනය. එය අපේ සංනිවේදන ක්ෂේත්‍රයේ යෝධ පිම්මක් සේ සැලකිය හැකිය.

සාක් සංවිධානය දෙවැනි වරටත් ඉදිරිපත් කළ ‘සාක්’ සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස ‘ආකාස කුසුම්’ සම්මානනීය වූ අතර හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ මාලිනී ෆොන්සේකාය. එහිදී අශෝක හඳගමගේ ‘විදු’ චිත්‍රපටයට ද ජූරියේ විශේෂ සහතික පත්‍රයක් හිමි විය.

ප්‍රවීණ රංගන ශිල්පී නිශ්ශංක දිද්දෙණියගේ අඩ සියවසක රංගන චාරිකාව පසුබිම් කර ගනිමින් ‘නූපුරා රඟ’ අභිඥාන මංගල්‍යය කොළඹ බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී ඉකුත් මැයි 25 වැනි දින පැවැත්විණ.

ජනප්‍රිය නිවේදිකා දිනූෂා රාජපතිරණගේ විවාහය යෙදී තිබුණේ ද ඉකුත් මැයි මසය. ඇගේ අතගත් මනාලයා වූයේ ධම්මික කුමාරය.

මැයි 31 වැනිදා ප්‍රවීණ රංගන ශිල්පී සැන්ටින් ගුණවර්ධනගේ කලා දිවියට පණස් වසරක් සපිරුණි. ඒ නිමිත්තෙන් උපහාර උළෙලක් කොළඹ බිෂොප් රඟහලේ පැවැති අතර එය සංවිධානය කර තිබුණේ ටවර් හෝල් රඟහල පදනම මගිනි.

ජනප්‍රිය නිළි තාරකාවක වන පබෝධා සංදීපනී යුග දිවියට පිවිසියේ මැයි මාසයේ 31 වැනි දිනය. ‘සරසවිය’ ඇගේ විවාහය පිළිබඳ සඳහන්කර තිබුණේ ‘වෙසක් මහේ සෞම්‍ය ප්‍රේම සඳ කිරණින් නැහැවී පබෝධා පතිකුලයට’ යනුවෙනි. ඇගේ මනාලයා වූයේ සිදත් හරින්ද්‍ර නමැති යොවුන් ව්‍යාපාරිකයෙකි.

‘ස’ ප්‍රසංගයේ සමාප්තිය

යෞවනයන්ගේ කෙටි චිත්‍රපට දැක්ම ජූනි 02, 03 දෙදින තුළ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණි. වෘත්තීය හා තාක්ෂණ විශ්ව විද්‍යාලය මගින් එය සංවිධානය කර තිබුණි.

ධර්මදාස වල්පොල ගායනවේදියා සමරමින් කලාශූරී ලතා වල්පොල, අමිත් වල්පොල ඇතුළු ගායක ගායිකාවන් රැසක් ගී ගැයූ ‘සෞම්‍ය රාත්‍රී’ ප්‍රසංගය ජූනි 09 වැනිදා ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී පැවැත්විණ.

ජූනි 15 වැනිදා ‘ස්වර සමාධි’ කේන්ද්‍රය මගින් පැවැත් වූ ‘ගී රන් ගී’ ප්‍රසංගය ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද චන්ද්‍රිකා සිරිවර්ධනගේ අධීක්ෂණය යටතේ ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී පැවැත්විණ.

ජූනි 16 සිට 24 දක්වා ප්‍රංශ සිනමා උළෙලක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේදී නැරැඹීමේ භාග්‍ය අපේ සිනමාලෝලීන් හට උදා විය. ප්‍රංශය, බෙල්ජියම, ස්වීට්සර්ලන්තය යන රටවල සංස්කෘතික හා සාමාජීය පසුබිම අලළා නිර්මාණය වූ චිත්‍රපට කිහිපයක් එහිදී ප්‍රදර්ශනය කෙරුණි.

සම්මානනීය කලා අධ්‍යක්ෂ, රංගන ශිල්පී කේ. ඒ. මිල්ටන් පෙරේරාගේ සිව් දශකයක කලා චාරිකාව වෙනුවෙන් විශේෂ උපහාර උළෙලක් මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණ. ඒ 2012 ජූලි 06 වැනිදාය.

අසහාය ගායක එච්. ආර්. ජෝතිපාලයන්ගේ 25 වැනි ගුණානුස්මරණය යෙදී තිබුණේ ජූලි 07 වැනි දිනටය. ඒ නිමිත්තෙන් ජෝති ගුණ සමරා දිවයින පුරා දානමය, පිංකම් රැසක් සිදු කෙරුණි. එදින සැඳෑ සමයේ දිවයිනේ ජනප්‍රිය ගායක, ගායිකාවන් හා නළු, නිළියන් සහභාගි වූ ‘ජෝති රාත්‍රිය’ උපහාර ගී ප්‍රසංගය නෙළුම් පොකුණ රඟහලේදී ගීතවත් වූයේ ජෝති රසිකයන්හට මද හෝ අස්වැසිල්ලක් ගෙන දෙමිනි.

පුරා තිස් නව වසරක් ලාංකේය රසිකයන් මෝහනයට පත් කළ වික්ටර් රත්නායකයන්ගේ ‘ස’ සමාප්ති ප්‍රසංග ත්‍රිත්වය පැවැත්වුණේද ජූලි මාසයේය. එහි ප්‍රථම ප්‍රසංගය 18 වැනිදා ‘නෙළුම් පොකුණ’ රඟහලේ ද, දෙවන ප්‍රසංගය 19 වැනිදා මහරගම යොවුන් රඟහලේදී ද එහි සමාප්ති ප්‍රසංගය කොළඹ ලුම්බිණි රඟහලේ ද පැවැත්විණ. ඒ 1973 ජූලි 20 වැනිදා එම රඟහලෙන්ම මංගල ගමන් ඇරඹූ ‘ස’ ප්‍රසංගයට අභිමානවත් නිමාවක් එක්කරලමිනි.

ඉනියවන් - වසර විස්සකට පසුව ලාංකික දෙමළ චිත්‍රපටයක් තිරයට

ප්‍රවීණ සංගීත ශිල්පී ආනන්ද පෙරේරාගේ සුබසාධන කටයුතු වෙනුවෙන් ‘ආනන්ද – නින්නාද’ ප්‍රසංගය ජූලි 27 වැනිදා ප්‍රවීණ ගායක, ගායිකාවන් රැසකගේ සහභාගිත්වයෙන් මහරගම යොවුන් රඟහලේදී පැවැත්විණ.

‘සරසවිය’ පුවත්පතේ ප්‍රධාන ඡායාරූප ශිල්පී ටෙනිසන් එදිරිසිංහගේ ‘සිහින සේයා’ ඡායාරූප ප්‍රදර්ශනය ජූලි 27 වැනිදා සිට පුරා තෙදිනක් කොළඹ ජාතික කලා භවනේ පැවැත්වුණේ ජනප්‍රිය කලාකරුවන් රැසකගේ ප්‍රධානත්වයෙන් හා සහභාගිත්වයෙනි.

1981 ට පෙර ආනන්දයෙන් බිහි වූ ප්‍රවීණ ගීත රචකයන් සිහි කරමින් උපහාර උළෙලක් සහ ගී ප්‍රසංගයක් 28 වැනි දින ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී පැවැත්විණ. ඩෝල්ටන් අල්විස්, ප්‍රේමකීර්ති ද අල්විස්, බණ්ඩාර කේ. විජේතුංග, කුලරත්න ආරියවංශ, ප්‍රණීත් අභයසුන්දර, ධම්මික බණ්ඩාර එසේ අගැයුමට ලක් වූ ගීත රචකයන් වේ.

මෙරට ප්‍රථම සිංහල වර්ණ චිත්‍රපටය වූ ‘රන්මුතු දූව’ තිරගත වී අගෝස්තුª මස 10 වැනි දිනට පනස් වසරක් සපිරුණි. එය මුල්වරට තිරගත වූයේ 1961 අගෝස්තු 10 වැනිදාය.

ගී ලොවට නවමු අත්දැකීමක් එක්කරලමින් ‘රූකාන්ත – චන්ද්‍රලේඛා ලයිව් ඉන්කොන්සර්ට්’ ගී ප්‍රසංගය ඔවුන්ගේ දයාබර දියණියන් වන ෙරෙනි සහ වින්ඩි සමඟ අගෝස්තු 11 වැනි දින කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ගීතවත් වූයේ පන්දහසකට ආසන්න ඔවුන්ගේ රසික, රසිකාවන්ගේ සහභාගිත්වයෙනි.

සාරන්‍යා ඉරානයට

සමස්ත ලංකා ගායක ගායිකා සංගමයේ නව සභාපතිවරයා ලෙස ගායක මධුමාධව අරවින්ද තේරී පත් වූ අතර නව නිලධාරි මඬුල්ලක් ද එදින තෝරා පත්කර ගන්නා ලදී. එය අපේ සංගීත ලොවේ අගෝස්තු මාසයේ අසන්නට ලැබුණු සුවිශේෂී පුවතකි.

වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය මගින් සංවිධානය කළ යොවුන් වාර්තා සහ කෙටි චිත්‍රපට උළෙල අගෝස්තු 24 වැනිදා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී පැවැත්විණ.

36 වැනි ඕ. සී. අයි. සී. සිග්නීස් උත්තමාචාර උළෙල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේදී මෙවර පැවැතියේ සැප්තැම්බර් මස 01 වැනි දිනය. එහිදී 2011 වසරේ තිරගත වූ හා විකාශය වූ චිත්‍රපට, ටෙලි නාට්‍ය සඳහා සම්මාන ප්‍රදානය කරන ලදී. එහිදී හොඳම චිත්‍රපටය ලෙස ‘ධීවරී’ සම්මානයට පාත්‍ර විය. නිර්මාණශීලී නළුවා (ස්වර්ණ) බිමල් ජයකොඩි සහ නිර්මාණශීලී නිළිය (ස්වර්ණ) දිල්හානි ඒකනායක සම්මානනීය වූයේ ‘ගාමණී’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙනි. ප්‍රශස්ත ටෙලි නාට්‍ය ලෙස ‘සඳගිරි පව්ව’ තේරී පත් විය.

ධවල භීෂණ යළිත්

ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘ධවල භීෂණ’ නව නිෂ්පාදනය සැප්තැම්බර් 01, 02 දිනයන්හි ලයනල් වෙන්ට්ඩ් රඟහලේ වේදිකා ගත විය.

ප්‍රවීණ සිනමා ලේඛක රූපසේන සිල්වා ලියූ ‘ලෙස්ටර් චිත්‍රපට ගීතාවලිය’ කෘතිය එළිදැක්වුණේ ද ඉකුත් සැප්තැම්බර් මසය.

ගීත රචක කේන්ද්‍රය මගින් සංවිධානය කළ ‘ඔස්කා රිද්ම රැයක්’ සැප්තැම්බර් 07 වැනි දින කොළඹ ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී පැවැති අතර දිවයිනේ ප්‍රවීණ හා ජනප්‍රියතම ගායක, ගායිකාවන් රැසක් එම ප්‍රසංගයේ ගී ගැයූහ.

2012 වසරේ තිරගත වූ චිත්‍රපට

* සක්විති දඩයම - සුමිත් ගල්හේන – ජනවාරි 12
* මාතා - විශ්වනාත් බුද්ධික කීර්තිසේන – ජනවාරි 20
* කුස - පබා - සුනිල් ආරියරත්න –  ජනවාරි 26
* වස්සානේ සෙනෙහස – ඩෙන්සිල් ජයවීර – මාර්තු 09
* කුරුමිට්ටෙක් ඇවිල්ලා – ඒ. ඒ. ජුනයිඩීන් - මාර්තු 30
* විජය – කුවේනි - සුගත් සමරකෝන් – මැයි 06
* සුපර් සික්ස් - උදාර පල්ලියගුරුගේ – මැයි 17
* සිහිනය දිගේ එන්න – චන්ද්‍රරත්න මාපිටිගම – ජූනි 21
* දරුවනේ – වී. සිවදාසන්- ජූලි 26
* කලර් – ඉසුරු වීරසිංහමුදලි - අගෝස්තු 24
* සෙනසුරු මාරුව - උදයකාන්ත වර්ණසූරිය – ඔක්තෝබර් 11
* කර්ම - ප්‍රසන්න ජයකාඩි – ඔක්තෝබර් 12
* ප්‍රතිරූ - කපිල සූරියආරච්චි – නොවැම්බර් 23
* මවුස් - වසන්ත මොරගොඩ – දෙසැම්බර් 14
* ඉනියවන් - අශෝක හඳගම - දෙසැම්බර් 21
* ජීවිතේ ලස්සනයි – සුදේශ් වසන්ත පීරිස් - දෙසැම්බර් 21

දිල්හානි - බිමල් යළිත් සම්මාන දිනා

දීපා මෙහෙතාගේ නවතම චිත්‍රපටය ර්ඪඤදඪඨඩබ’ඵ ඛ්ඩඪතඤපඥද (මැදියම් රෑ දරුවෝ) කැනඩාවේ 37 වැනි ටොරොන්ටෝ සිනමා උළෙලේ ආරම්භක චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා තෝරා ගැනුණේ ද ගෙවුණු සැප්තැම්බරයේය. දැවැන්ත සිනමා කෘතියක් වූ එහි ශ්‍රී ලංකා නිෂ්පාදන කටයුතු සිදු කරනු ලැබුවේ ප්‍රවීණ නළු රවීන්ද්‍ර රන්දෙණිය සභාපති ධූරය දරන ඊඩඥ ජ්ඪතථ ඊඥචථ ආයතනය මගිනි.

විශාරද නන්දා මාලිනියගේ ‘ශ්වේත රාත්‍රිය’ අවසන් ප්‍රසංග ද්විත්වය ‘සිරස’ රත්මලාන ඉබචඪද ඉබභඤඪධ හි ගීතවත් වූයේ සැප්තැම්බර් 13, 14 දෙදින තුළය. ප්‍රසංග විසි පහකට පමණක් සීමා වූ ‘ශ්වේත රාත්‍රිය’ මෑත කාලයේ දක්නට ලැබුණු අති සාර්ථක ප්‍රසංගයක් ලෙස හඳුන්වා දිය හැකිය.

සාහිත්‍ය මාසය නිමිති කොටගෙන ප්‍රවීණ ලේඛක තුසිත ජයසුන්දර ලියූ ‘එච්. ඩී. ප්‍රේමරත්න - සමාන්තර සිනමාවේ ශ්‍රීී ලාංකේය ලකුණ’ කෘතිය එළි දැක්විණ.

‘දෙරණ - ලක්ස්’ සිනමා සම්මාන උළෙල ප්‍රථමවරට සැප්තැම්බර් 14 වැනි දින කොළඹ මියුසියස් විදුහල් රඟහලේදී පැවැත්වුණි. එහිදී වසරේ හොඳම චිත්‍රපටය ලෙස ‘ගාමණී’ ද, හොඳම අධ්‍යක්ෂ ලෙස සරත් වීරසේකර ද සම්මානයට පාත්‍ර විය. හොඳම නළුවා පුබුදු චතුරංග හා හොඳම නිළිය දිල්හානි ඒකනායක වූ අතර ජනප්‍රිය නළු නිළි කිරුළට හිමිකම් කියූවේ රන්ජන් රාමනායක හා අනර්කලී ආකර්ෂායි.

සැප්තැම්බර් 20 වැනිදා අජිත් ගලප්පත්ති රචිත ‘සුමිත්‍රා අඩ සියවසක අද්විතීය සිනමා ජීවිත කතාව’ ග්‍රන්ථය හඳුන්වා දීමේ උත්සවයක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්විණ.

2012 වසරේ කලාකරු වියෝවන්

ජනවාරි - 10 – අනඳපිය කුඩාතිහි
13 - රෝලන්ඩ් ඒ. ප්‍රනාන්දු
15 - ස්ටැන්ලි ලියනගේ

පෙබරවාරි 02 – පුණ්‍යසේන ගුණසිංහ
09 – ලීලානන්ද ආර්. ගුණවර්ධන
23 – ඊ. එම්. ජී. එදිරිසිංහ

මාර්තු 11 – ගර්ලි ගුණවර්ධන
17 - ඩෙරික් ද සිල්වා
19 – ඇන්ටන් ජූඩ්

අප්‍රේල් 14 – චන්ද්‍රකීර්ති කුලරත්න
14 - ප්‍රේමතිලක මාපිටිගම
19 – නුරානියා හසන්
23 - සතිස් පෙරේරා

මැයි 08 - වින්සන්ට් ඩේවිඩ්
ජුනි 10 – ජනේශ් සිල්වා
13 – උපසේන ගුණවර්ධන
15 – නවනන්දන විජේසිංහ
15 – වික්ටර් රාමනායක
20 – නිශ්ශංක වීරසිංහ
20 – උදය තල්පාවිල

ජූලි 03 – එස්. එම්. සෙනෙවිරත්න
11 – වැලන්ටයින් ප්‍රනාන්දු
12 - නෝබට් රත්නසිරි
15 - හරුන් සබා (වාදන ශිල්පී)
20 – නිමල් ලක්ෂපතිආරච්චි
27 – වසන්ත කුමාර ඩෙප්
29 – රංජිත් ජයසූරිය

අගෝස්තු: 02 - සේන ෆොන්සේකා
07 – එස්. වී. චන්ද්‍රන්
15 – දායනන්ද ගනේගොඩ
18 – ඩික්සන් ලියනගේ

සැප්තැම්බර්: 07 – තිලක් ජයරත්න
25 – විල්ප්‍රඩ් වන්නිආරච්චි

ඔක්තෝබර්: 01 – නාලක වෙදමුල්ල
13 – වසන්තා කිරිවත්තුඩුව
19 – ලාල් පියසේන
25 – වැලිතර ඒ. රණසිංහ
25 – රංජිත් ගාමිණී පෙරේරා
30 – කාලෝ විජේසිරි

නොවැම්බර්: 06 – රංජිත් සමරකෝන්
19 – චන්ද්‍රසිරි සේවික්‍රම

දෙසැම්බර්: 04 - හේමපාල ගාල්ලගේ
දෙසැම්බර්: 28 - එස් සෙල්වසේකරන්

සිනමාවට වසර 65ක් පිරීම නිමිත්තෙන් ප්‍රවීන කලාකරුවන් හයදෙනකුට සමරු මුද්දර
 

අමරදේවට අසූ පහයි

කලා ලොව මෙන්ම රටම උණුසුම් කළ පුවතක් සැප්තැම්බර් 24 වැනි දින අපට අසන්නට ලැබුණි. ඒ ප්‍රවීණ නිළි මාලිනී ෆොන්සේකා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වූ බවට මාධ්‍යයන්ගෙන් අනාවරණය වූ පුවතයි. එහෙත් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඇගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාරගෙන තිබුණේ නැත.

මෙවර රාජ්‍ය සාහිත්‍ය උළෙල පැවැතියේ වේයන්ගොඩ, පත්තලගෙදර ගුරු අභ්‍යාස විද්‍යාලයේය. සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය මඟින් එය සංවිධානය කර තිබුණි.

පුංචි තිරේ රංගන ප්‍රතිභාව ජගත් - සමාධි

ඉරානයේ ෆැරුබි ජාත්‍යන්තර ළමා චිත්‍රපට උළෙල ඔක්තෝබර් 04 සිට 15 දක්වා ඉරානයේ ටෙහෙරාන් නුවරදී පැවැත්විණ. ළමා නිළි සාරන්‍යා ජයකොඩි සහ ස්ටෙෆන් ෆර්ඩිනන්ස් ශ්‍රීී ලංකාව වෙනුවෙන් එම උළෙල නියෝජනය කළේය.

ප්‍රවීණ මාධ්‍යවේදී, ගීත රචක ධර්මසිරි ගමගේ ශූරීන්ගේ 73 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ‘ධර්මසිරි ගමගේ අභිනන්දන ප්‍රණාම උපහාර උළෙල’ ඔක්තෝබර් 06 වැනි දින ජෝන් ද සිල්වා සමරු රඟහලේදී පැවැත්විණ.

එදිනම ඩී. ඩී. ඩැනීී කලා ශිල්පියා අනුස්මරණය කරමින් ඔහුගේ ජීවන තොරතුරු ඇතුළත් ‘වේවා ඔබ මගේ සුදු අයියා’ කෘතිය එළිදැක්වීම හා ගී ප්‍රංසගය පැවැතියේ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ජනාධිපති විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදීය.

ඔක්තෝබර් 13, 14, 15 දිනයන්හි පැවැති ලෝකයේ ප්‍රමුඛතම සිනමා උළෙලක් සේ සැලකෙන ‘ලන්ඩන් චිත්‍රපට උළෙල’ නියෝජනය කිරීමට ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටයට අවස්ථාව උදා විය. සති දෙකක් පුරා පැවැති ඒ සිනමා උළෙලේ දී චිත්‍රපට දෙසිය තිස් පහක් තිරගත කෙරිණ.

ඉතාලි කෙටි සහ වාර්තා චිත්‍රපට උළෙලක් ඔක්තෝබර් 19, 20, 21 යන දිනයන්හි මරදාන ‘සිනෙ සිටි’ සිනමාහලේ පැවැත්විණි. එය සංවිධානය කර තිබුණේ ඉතාලි තානාපති කාර්යාලය මඟිනි.

සිංහල සිනමාවේ මුල්ම නිළි රැජන සේ සැලකෙන රුක්මණී දේවිය අපෙන් වියෝ වී වසර තිස් හතරක් සපිරුණේ ඉකුත් ඔක්තෝබර් 28 වැනි දිනටය. ඒ නිමිතිකර ගනිමින් ඇගේ සියලු දත්තයන් අඩංගු වෙබ් අඩවියක් නිළි රැජන මාලිනී ෆොන්සේකා අතින් එදින අන්තර් ජාලයට මුදා හැරිණ.

වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂවරියක, ඡායාරූප ශිල්පිනියක මෙන්ම ලේඛිකාවක ද වන අනෝමා රාජකරුණා ප්‍රංශ රජය මගින් පිරිනමනු ලබන ප්‍රංශ ‘ජාතික’ සම්මානයෙන් පිදුම් ලැබුවේ ද ඔක්තෝබර් මසදීය. ඒ ඇය සිනමාකරණය සහ ඡායාරූපකරණය භාවිත කරමින් කළ සේවය වෙනුවෙනි. මීට ප්‍රථම එම සම්මානය හිමි වූ එකම ලාංකේය කලාකරුවා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ය.

සුමිත්‍රාට බුහුමන්

2012 නොවැම්බර් මාසය උදා වූයේ මෙරට විද්‍යුත් සන්නිවේදන ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරලමිනි. මෙරට ශ්‍රාවකයන්ට වඩාත් හොඳ ශ්‍රවණ තත්ත්වයක් ලබාදීමේ අරමුණින් ගුවන් විදුලි නාළිකාවන්ගේ තාක්ෂණික බාධා ඉවත් කොට නව සංඛ්‍යාත සැළසුම ක්‍රියාත්මක කෙරුණේ නොවැම්බර් පළමුවැනිදා සිටය. ජනපතිතුමන්ගේ උපදෙස් පරිදි මෙම කාර්යය සඳහා මුල පිරුවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටය.

ඉතාලි තානාපති කාර්යාලය මගින් සංවිධානය කළ පළමු ඉතාලි කෙටි චිත්‍රපට උළෙලේ හොඳම කෙටි චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූයේ ‘චාවෝ’ චිත්‍රපටයයි. මෙහි තුමිඳු දොඩන්තැන්න සහ දසුන් පතිරණ රංගනයෙන් දායක වීම විශේෂත්වයකි.

නොවැම්බර් 20 වැනි දින ආරම්භ වූ 43 වැනි ඉන්දීය අන්තර් ජාතික සිනමා උළෙලේ ජූරියේ සාමාජිකාවක ලෙස කටයුතුª කරන්නට නිළි රැජන මාලිනී ෆොන්සේකාහට වරම් ලැබිණ. ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ඔබ නැතිව ඔබ එක්ක’ චිත්‍රපටයේ රඟපෑ අංජලී පටෙල් එහිදී හොඳම නිළිය සේ සම්මානයට පාත්‍ර වීම තවත් විශේෂත්වයකි. වසර දොළහකට පසුව විදෙස් සිනමා උළෙලක් නියෝජනය කරමින් ‘සරසවිය’ ප්‍රධාන කර්තෘ අරුණ ගුණරත්න ද ඊට සහභාගි විය.

නොවැම්බර් 28 වැනි දින පිලිපීනයේ මැනිලා නුවර අන්තර් ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී අපේ විශිෂ්ටතම ගායන ශිල්පිනියක වූ විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ජාත්‍යන්තර ගුෂී සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඒ මහින්ද චන්ද්‍රසේකර ලියූ රෝහණ වීරසිංහ සංගීතවත් කළ ‘මාතොටින් එන උතුරු සුළඟේ’ (සරෝජා) ගීතය වෙනුවෙනි.

දීපිකාට එතෙර සම්මානයක්

ප්‍රවීණ ගායන ශිල්පී අයිවෝ ඩෙනිස්ගේ ගායන දිවියට වසර හැටක් සහ ඔහුගේ ජීවන ගමන් මගට වසර අසූවක් පිරීම නිමිත්තෙන් ‘කුරුලු පරාදීසයේ’ ගී ප්‍රසංගය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ රඟහලේදී පැවැත්වුණේ නොවැම්බර් 28 වැනි දිනය.

2012 වසරේ අවසන් මාසය වූ දෙසැම්බරයේදී ද කලා ලොවේ සුවිශේෂී සිදුවීම් රැසක් වාර්තා විය.

17 වැනි සුමති ටෙලි සම්මාන උළෙල දෙසැම්බර් 02 වැනි දින කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේ පැවැති අතර එහිදී හොඳම ටෙලි නාට්‍යය ලෙස සම්මානයට පාත්‍ර වූයේ ‘ස්වංජාතයි’. එම ටෙලි නාට්‍යයේ රඟපෑ ජගත් චමිල හොඳම නළුවා වූ අතර ‘කඩදොර’ ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන් සමාධි ලක්සිරි හොඳම නිළිය සේ සම්මානයට පාත්‍ර වූවාය.

යුරෝපා සංගමය සහ යුරෝපා රටවල් අටක එකමුතුවෙන් සංවිධානය කෙරුණු යුරෝපා චිත්‍රපට උළෙල දෙසැම්බර් 01 සිට 07 දක්වා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලවේදී පැවැත්විණ.

රංගන මාතාවට රැහෙන් උපහාර

නිරෝෂන් විජේසිංහ අධ්‍යක්ෂණය කළ ඊඩඪදඬ ඊඹඪජඥ කෙටි චිත්‍රපටය ඉන්දියාවේ ජ්‍යාපූර් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල නියෝජනය කරමින් එහි අවසන් වටයට තේරී පත් වූයේ දෙසැම්බර් මසදීය.

දෙසැම්බර් 03 වැනිදා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, කලා විචාරක එඩ්වින් ආරියදාස ශූරීන් අනූතුන් වියට පා තැබීය.

දෙසැම්බර් 04 වැනිදා අපේ වෘත්තීය සිනමාකරුවන්ට සුවිශේෂී දිනයක් වූයේ මෙරට ප්‍රථමවරට ‘වෘත්තීය සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංගමය’ක් බිහිවීමයි. දේශීය සිනමාව කලාවක් හා කර්මාන්තයක් ලෙස යළි ගොඩ නැංවීමේ කාලීන අවශ්‍යතාවය මත මෙය ස්ථාපනය කරන ලදී.

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ අසූපස් වැනි ජන්ම දිනය යෙදී තිබුණේ දෙසැම්බර් 05 වැනි දිනටය. ඒ නිමිත්තෙන් ‘අමරදේව’ නමින් ගී ප්‍රසංගයක් නෙළුම් පොකුණ රඟහලේ පැවැත්විණ.

දෙසැම්බර් 07 සිට 14 දක්වා පැවැත්වුණ 17 වැනි කේරළ අන්තර් ජාතික චිත්‍රපට උළෙලේ නෙට්පැක් ජූරිය නියෝජනය කිරීම සඳහා ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරිට අවස්ථාව උදා විය. ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ඔබ නැතිව ඔබ එක්ක’, ජයන්ත චන්ද්‍රසිරි ගේ ‘සමනල සංධ්වනිය’, අශෝක හඳගමගේ ‘ඉනියවන්’ හා ප්‍රසන්න ජයකොඩිගේ ‘කර්ම’ එම උළෙලේදී ප්‍රදර්ශනය කිරීම විශේෂත්වයකි.

ප්‍රවීණ සිනමා විචාරක ඈෂ්ලි රත්ණවිභූෂණහට වියට්නාම් අන්තර්ජාතික සිනමා උළෙලේ ජූරි සභිකයකු ලෙස කටයුතු කිරීමට මෙවරත් අවස්ථාව උදාවීම තවත් සුවිශේෂත්වයකි.

නන්දාට – රන්ජන්ට යළිත් ජනතා සම්මාන

ප්‍රවීණ සංගීතවේදී, වාද්‍ය ශිල්පී හා ගායක නාලක අංජන කුමාරගේ ‘අංජන රංජන’ නාලක අංජන නාද වියමන ප්‍රසංගය ප්‍රවීණ ජනප්‍රිය ගායක, ගායිකාවන් රැසකගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 14 වැනි දින කොළඹ බිෂොප් විද්‍යාලීය ශාලාවේදී පැවැත්වුණි.

ජනප්‍රිය රංගන ශිල්පී කංචන කොඩිතුවක්කු ඉකුත් උඳුවප් මහේ යුග දිවියට එළඹියේ ශානිකා පෙරේරා සමඟිනි. කුරණ සාන්ත ආනා දෙව් මැදුරේ මුදු පැලදු නව යුවළ මීගමුව ‘ජෙට්වින් බ්ලූ’ හෝටලයේ පැවැති ප්‍රිය සම්භාෂණයට එක්වූයේ කලා ලොවේ හා පවුලේ සමීපතමයන් සමගිනි.

මාධ්‍යවේදී, සිනමා කලා විචාරක නුවන් නයනජිත් කුමාර ලියූ නවතම ග්‍රන්ථය ‘නිහාල්සිංහ පුරෝගාමී තෙවැනි ඇස’ දෙසැම්බර් 20 වැනි දින එළිදැක්විණ. මෙය ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ඩී. බී. නිහාල්සිංහයන් පිළිබඳ ලියැවුණු විචාරාත්මක අධ්‍යයනයකි.

දෙසැම්බර් 20 වැනි දින ප්‍රවීණ ගීත රචක සුනිල් විමලවීරගේ දියණිය අභිෂේකා විමලවීර ද යුග දිවියට පිවිසියාය. නව පරපුරේ දක්ෂතම ගායිකාවක වන ඈ විවාහ වූයේ වෘත්තියෙන් ඉංජිනේරුවරයකු වන නිරාන් අලහකෝන් සමඟිනි.

මෙවරද අපේ නළු නිළියන්ගේ අපූර්ව නර්ථන ලාලිත්‍යයන් එක්තැන් වූ ‘ඉ. ඹ්. ඊ. රිදී රැයක් – 10’ ප්‍රසංගය දෙසැම්බර් 22 වැනි දින නෙළුම් පොකුණ රඟහලේදී ප්‍රේක්ෂක රස වින්දනය උදෙසා පෙළ ගැස් වුණේ වෙන ප්‍රසංගවලට වඩා විචිත්‍රවත් අයුරිනි. ඒ සඳහා යුග තුනක නළු නිළියන් එකාවෙන් අත්වැල් බැඳගත් අයුරු නිහඬව කියාපෑවේ එකමුතුකමේ බලමහිමයයි. මෙහිදී අපගේ ජ්‍යෙෂ්ඨතම රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ හට සිනෙස්ටාර් පදනම මඟින් සුවිශේෂ උපහාර සම්මානයක් ද පිරිනැමිණ.