වර්ෂ 2013 ක්වූ ජනවාරි 03 වැනිදා බ්‍රහස්පතින්දා




මතක පොත

මතක පොත

හැඩැති රුවැති පුවතක්

මේ ඡයාරූපයේ සිටින්නේ රූප සුන්දරියන් තිදෙනෙක්. එදා පැවැති ඒ තරගයෙන් ජයග්‍රහණය කළේ ජනප්‍රිය නිළි සුමනා අමරසිංහ. සුමනා අමරසිංහ රූප සුන්දරිය ලෙස අභිෂේක ලබද්දී දෙවැනි ස්ථානය දිනා ගත්තේ අපේ සිනමාවේ තවත් නිළියක් වූ සුජීවා ලලී. මේ ඡායාරූප සිහි කරන්නේ අපේ සිනමාවේ සොඳුරු මතක සටහන්.

රැජනකගේ මුල පිරුම

මේ විශේෂ දවසකදී ගත් ඡායාරූපයක්. 1968 වසරේ පැවැති පළමු ගුවන් විදුලි සම්මාන උළෙල. අපේ නිළි රැජන මාලිනී ෆොන්සේකා එදි සිය පළමු චිත්‍රපට සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ ‘පුංචි බබා’ චිත්‍රපටය වෙනුවෙන්. එදා ඒ අවස්ථාවට අනුලා කරුණාතිලක, ලිලියන් එදිරිසිංහ, ටෝනි රණසිංහ, වික්‍රම බෝගොඩ, ඩොමී ජයවර්ධන, ශ්‍රියා පෙරේරා, විමලා ජයවර්ධන එක්ව මාලිනී සමඟ සතුට බෙදා ගත්තේ මේ අයුරින්.

පාඨක ඔබ ළඟත් මෙවැනි වූ සොදුරු මතක සටහන් තිබේ නම් ඒවා තවත් අමරණීය මතකයන් බවට පත් කිරීමට සරසවියට එවන්න. එවිට ඒ මතක ඔබ අප කා අතරත් සුන්දර මතකයන් ලෙස රැඳෙනු ඇත.