වර්ෂ 2013 ක්වූ ජනවාරි 03 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය - 94

සිංහල සිනමා විස්තරය - 94

හරි පුදුමයි

තිරගත වූ දිනය – 1979 දෙසැම්බර් 07
ඉදිරිපත් කිරීම – රමිඳු චිත්‍රපට
නිෂ්පාදනය – ඒ. එම්. සී. එස්. ද සිල්වා / ලැම්බට් මොරමුදලි
සංස්කරණය සහ අධ්‍යක්ෂණය – එස්. රාමනාදන්
කතාව, තිර රචනය සහ දෙබස් - ඇන්ටන් අල්විස්
කැමරා අධ්‍යක්ෂණය – දයා විමලවීර
සහාය අධ්‍යක්ෂණය - ලෝරන්ස් කුරේ
වේශ නිරූපණය – ඊබට් විජේසිංහ
කලා අධ්‍යක්ෂණය – ආරියවංශ වීරක්කොඩි
සටන් අධ්‍යක්ෂණය – ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු
නිෂ්පාදක සංවිධානය - ජෝ අබේවික්‍රම
සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය, ලංකා චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය – මර්වින් රුද්‍රිගු
රසායනාගාර කටයුතු - ජෙරල්ඩ් බී. ජයවර්ධන
සංගීත අධ්‍යක්ෂණය - සරත් බාලසූරිය
ගීත හා ගායන ශිල්පින් -

කුන්ද කුදන් තක දොන් – එම්. එස්. ප්‍රනාන්දු, ලතා වල්පොල – පද - ප්‍රේමකීර්ති ද අල්විස්
ඊරියාවෙන් අනන්ත – එම්. එස්. ප්‍රනාන්දු, ෆෙ‍්‍රඩී සිල්වා - පද - ප්‍රේමකීර්ති ද අල්විස්
මහබඹා කෙටුව හැටි – ලතා වල්පොල – පද - ප්‍රේමකීර්ති ද අල්විස්
පතක පොතක පුස්කොළයක – එම්. එස්. ප්‍රනාන්දු, ජේ. ඒ. මිල්ටන් පෙරේරා, එච්. ආර්. ජෝතිපාල – පද – කරුණාරත්න අබේසේකර
මධුමල ආවාසේ - හරුන් කුමාර් ලන්ත්‍රා, ඉන්ද්‍රාණි සේනාරත්න

ගීත පොත් - ශාන්ති පොත්හල - මරදාන

නළු නිළියන්-රවීන්ද්‍ර රන්දෙණිය (රවී), පර්ල් කුරේ (සමුද්‍රා), ජෝ අබේවික්‍රම (සුගත්), මානෙල් වානගුරු (රංගනා), ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු (බන්දු), රෙක්ස් කොඩිප්පිලි (ජන්තුවා), ඩේවිඩ් ධර්මකීර්ති (මහතුන්), බී. ඇස්. පෙරේරා, දොන් සිරිසේන, ලිලියන් එදිරිසිංහ, පූජිත මෙන්ඩිස්, තිලකසිරි ප්‍රනාන්දු, ශ්‍රියානි ෆොන්සේකා, මහේෂා වීරසිංහ, ශ්‍රීමා සිරිවර්ධන, ශ්‍රීමා කොඩිකාර, ශ්‍රීනි වනසිංහ, චින්තා මාලේවන, සුනීතා කුරුකුලසූරිය, කුසුම් පෙරේරා

ප්‍රදර්ශනය – රිට්ස්, අසෝකා, රොක්සි, ජයන්තා - ගම්පහ, රත්නාවලි - ජාඇල, ලැවීනියා - නුගේගොඩ, මානෙල් – මොරටුව ඇතුළු 3 වන මණ්ඩලයේ ශාලා 15 කදී.

ප්‍රදර්ශන කාලය – ලැවීනියා - නුගේගොඩ දින 48, රිට්ස්, අශෝකා රොක්සි ශාලා හි දින 50 පිරුණි.

මල් කැකුළු

තිරගත වූ දිනය – 1980 ජනවාරි 04
ඉදිරිපත් කිරීම - සමරසිංහ චිත්‍රපට
නිෂ්පාදනය - සේන සමරසිංහ , පියසේන ද සිල්වා
අධ්‍යක්ෂණය - සේන සමරසිංහ
කතාව, තිර නාටකය සහ දෙබස් - එච්. එම්. පී. ප්‍රනාන්දු
සහාය අධ්‍යක්ෂණය – කුමාරදාස වාගිස්ට, එච්. එම්. පී. ප්‍රනාන්දු
කැමරා අධ්‍යක්ෂණය – ඩැනී ඩබ්ලිව්. පතිරණ
කැමරා සහාය – ජී. නන්දසේන, එස්. එම්. අමීන්
සංස්කරණය – ලාල් දිසානායක
සංස්කරණ සහාය - ස්ටැන්ලි ද අල්විස්
කලා අධ්‍යක්ෂණය – ගාමිණී සමරවීර, ලයනල් සිල්වා
වේශ නිරූපණය – ඩබ්ලිව්. සෙල්වරාජා
සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
ගීත පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග, ඩොනල් අයිවන්, ප්‍රින්ස් ඇට්කන්
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
රසායනාගාර පාලක - ජෙරල්ඩ් බී. ජයවර්ධන
නැටුම් නිර්මාණය සහ නිෂ්පාදන කළමනාකරණය - සිරිල් අමරසිංහ
කොණ්ඩා මෝස්තර - ශාන්ති සිරිබද්දන, නන්දනී කොස්තා
ඇඳුම් නිර්මාණය - ලීලා සමරසිංහ, හේමමාලි සමරසිංහ
නිෂ්පාදන විධායක සහ නිශ්චල ඡායාරූප - සරත් එම්. රණවක
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
ගීත සංඛ්‍යාව - 07
ගීත පොත් - ශාන්ති පොත්හල, මරදාන
ගීත කැසට් පට – පී. බී. රෙකෝඩින්ග්

මල් මල් වාරම් – මිල්ටන් මල්ලවආරච්චි, ඇන්ජලින් ගුණතිලක ඇතුළු පිරිස - පද රචනය – කරුණාරත්න අබේසේකර
සාගර ඉවුරේ – මිල්ටන් මල්ලවආරච්චි, ඇන්ජලින් ගුණතිලක ඇතුළු පිරිස - පද රචනය – බණ්ඩාර කේ. විජේතුංග
ලා හිරුගේ සේයාවේ - ශ්‍යාමි ෆොන්සේකා, ග්‍රේෂන් ආනන්ද, ප්‍රියා සූරියසේන, බන්දු සමරසිංහ – පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
ලස්සන දෑසක් ඉස්සර - ශ්‍යාමි ෆොන්සේකා - පද - කේ. ඩී. කේ. ධර්මවර්ධන
හසරැල් කුසුමන් දසතින් – මිල්ටන් මල්ලවආරච්චි, ප්‍රියා සූරියසේන, ග්‍රේෂන් ආනන්ද, බන්දු මුණසිංහ – පද රචනය - සෝමපාල ලීලානන්ද

බිදු බිඳු කඳුළු ගලා - ශ්‍යාමි ෆොන්සේකා, ප්‍රියා සූරියසේන, ග්‍රේෂන් ආනන්ද, බන්දු සමරසිංහ – පද රචනය – සෝමපාල ලීලානන්ද

නළු නිළියන්:

ගාමිණී ෆොන්සේකා (මංජුල), ෆරිනා ලායි (කුමාරි), රෙක්ස් කොඩිප්පිලි (මහින්ද), ශ්‍රියාණි අමරසේන (පාලිකා), සේනක පෙරේරා (නිව්ටන්), විමල් කුමාර් ද කොස්තා, බන්දු සමරසිංහ, රිචාඩ් වීරක්කොඩි, ටියුඩර් කරුණාතිලක, වයලට් අළුත්වත්ත, ශ්‍රිනි වනසිංහ, මොනිකා අපොන්සු, එච්. ඩී. ඉන්ද්‍රාණි, එච්. ඩී. රූපා, හේමා ලේකම්ගේ, කමලා වැලිදෙනිය,මිල්ටන් මල්ලවආරච්චි, ශ්‍යාමි ෆොන්සේකා, එඩී අමරසිංහ, සිසිර කුමාරතුංග

ප්‍රදර්ශනය – ලිඩෝ, සෙයින්ස්තාන්, විජිත – රත්මලාන, කුවින්ලන් – නුගේගොඩ ඇතුළු 4 වන මණ්ඩයේ සිනමා ශාලා 14 කදී ආරම්භ විය.

ප්‍රදර්ශන කාලය - සිනමා ශාලා 7 කදී දින 50 සම්පූර්ණ වූ අතර ලිඩෝ, සෙයින්ස්තාන් සහ කුවින්ලන්හි දින 61 ක්.

විශේෂ - ග්‍රේෂන් ආනන්ද සහ ශ්‍යාමි ෆොන්සේකාගේ ප්‍රථම චිත්‍රපට පසුබිම් ගායනයන්.

උතුමාණෙනි

තිරගත වූ දිනය – 1980 ජනවාරි 25
ඉදිරිපත් කිරීම – පතිරූ චිත්‍රපට
නිෂ්පාදනය – ආරියරත්න පෙරේරා
කතා තේමාව සහ අධ්‍යක්ෂණය – ගාමිණී ෆොන්සේකා
නිෂ්පාදන සහාය – කරුණාරත්න පෙරේරා
තිර නාටකය, කතාව සහ දෙබස් - හර්බට් රංජිත් පීරිස්
කැමරා අධ්‍යක්ෂණය – වී වාමදේවන්
කැමරා සහාය – ජී. ඒ. ජී. පෙරේරා
සහාය අධ්‍යක්ෂණය, කලා අධ්‍යක්ෂණය සහ නිෂ්පාදන කළමනාකාරිත්වය – තිලක් වේහැල්ල
නිෂ්පාදන විධායක – රත්නකුමාර රත්නසේකර
සංස්කරණය - බර්නාඩ් රෙජිනෝල්ඩ්
සංස්කරණ සහාය – චන්ද්‍රසේන රූපසිංහ
වේශ නිරූපණය – ඩබ්ලිව්. සෙල්වරාජ්
නාමාවලිය – කමල් රත්නායක
සැකසුම – විජය චිත්‍රාගාරය, හැඳල
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
ශබ්ද සහාය - ශ්‍රී ලාල් රණසිංහ
රසායනාගාර පාලක – එස්. තිරුනාවුකරසු
රසායනාගාර සහාය – වී. සිවදාසන්
සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක

නළු නිළියන් -

ගාමිණී ෆොන්සේකා (සිරිපාල), සෝනියා දිසානායක (සිරිපාලගේ පෙම්වතිය), සොමී රත්නායක (බේබි මහත්තයා), ෆරීනාලායි (සිරිපාලගේ නංගි), ශාන්ති ලේඛා (මව), කරුණාරත්න හඟවත්ත (පුෂ්පාගේ පෙම්වතා), රිචාඩ් වීරක්කොඩි, සේනක පෙරේරා, සිසිර කුමාරතුංග, ධර්ම ශ්‍රීී මුණසිංහ, දයානන්ද ජයවර්ධන, ජයසේකර අපොන්සු, ටෝනි රණසිංහ, එඩී ජයමාන්න, රෙක්ස් කොඩිප්පිලි, රත්නාවලී කැකුණවෙල, සුමිත්‍රා ෆොන්සේකා, සම්පත් ශ්‍රී නන්දලෝචන, දයා අල්විස්, කේ. ඩී. විජය නවාස්, කමලවර්ණ ජයකොඩි, වින්සන්ට් වාස්, ජයන්ත විජේගුණවර්ධන

ප්‍රදර්ශනය – ක්‍රවුන්, මානෙල්, ඕඩියන්, නිව් මෙට්රෝ, හිමාලි - කිරිබත්ගොඩ ඇතුළු 5 වන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී.

ප්‍රදර්ශන කාලය – ක්‍රවුන්, මානෙල්, නිව් මෙට්රෝ, වෙම්බ්ලි ඇතුළු ආරම්භක සිනමා ශාලා 6 ක දින පනහ ඉක්ම වීය.

ටක් ටික් ටුක්

තිරගත වූ දිනය – 1980 පෙබරවාරි 01
ඉදිරිපත් කිරීම – ලක්සිරි නිෂ්පාදකයෝ
නිෂ්පාදනය – ලිලියන් පී. කාරියවසම්, චන්ද්‍රිකා එල්. කාරියවසම්
අධ්‍යක්ෂණය – යසපාලිත නානායක්කාර
කතාව, තිර රචනය සහ නිෂ්පාදන උපදේශක – උපසිරි කාරියවසම්
සහාය අධ්‍යක්ෂණය - සුනිල්සෝම පීරිස්
කැමරා අධ්‍යක්ෂණය – ජොන් ජේ. යෝගරාජා
කැමරා සහාය - සරත් සූරියකුමාර
සංස්කරණය – එම්. එස්. අලිමාන්
සංස්කරණ සහාය – කාලිංග ද සිල්වා, සුනිල්සෝම පීිරිස්, ජෝකීන් අප්පුහාමි, සේනක නවරත්න
කලා අධ්‍යක්ෂණය සහ නාමාවලිය – ලයනල් සිල්වා
කලා සහාය – එල්. ඒ. චන්ද්‍රතිස්ස, එම්. සුගත්
වේශ නිරූපණය - ඩෙරික් ප්‍රනාන්දු
වේශ නිරූපණ සහාය – නිමල් රාජපක්ෂ
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග, සෙන්ට් ජෝන්
ශබ්ද සහාය – ඩී. එච්. ඒ. ජයමාන්න, ඩබ්. ජී. පොඩි මහත්තයා, නිමල් රනවක, පී. ජී. ගාමිණී, ලයනල් ගුණරත්න
රසායනාගාර කටයුතු - ඒ. අයි. ජොහාර්
රසායනාගාර සහාය - කේ. එම්. ජයවර්ධන, ටෙරන්ස් හෙට්ටිආරච්චි, ඇස්. ගමගේ, තිලක් ෆොන්සේකා, පී. සිවරාජා
සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය, ලංකා චිත්‍රාගාරය
පිටපත් මුද්‍රණය - ජෙරල්ඩ් බී. ජයවර්ධන
නැටුම් - රොනල්ඩ් ප්‍රනාන්දු
නිශ්චල ඡායාරූප - සේන ස්ටුඩියෝ - රාගම
නිෂ්පාදන කළමනාකරණය – කුමාරදාස ජයසිංහ
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
ගීත ප්‍රබන්ධය - ශ්‍රී නිහාල් ජයසිංහ, ඔගස්ටස් විනයාගරත්නම්

ගීත:

නිසංසලේ සැලේ කැලුම් – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
යන එන හැම තැන – එච්. ආර්. ජෝතිපාල
සිතේ මගේ සිනා මල් - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
සිතේ මගේ – ඇන්ජලින් ගුණතිලක
සිතල රෑ යාමේ නිදැල්ලේ - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
කොයි කාටත් කලින් උදේ – එම්. එස්. ප්‍රනාන්දු
ගීත පොත් - ශාන්ති පොත්හල, මරදාන

නළු නිළියන් -

විජය කුමාරණතුංග (සරත්), සෝනියා දිසානායක (නිලන්ති), සේනාධීර රූපසිංහ (ඉංජිනේරු ලයනල්), ඩොමී ජයවර්ධන (රහස් පරීක්ෂක) ජෝ අබේවික්‍රම (රහස් පරීක්ෂක - සේරසිංහ), එඩී ජූනියර් (සමාගමේ අධ්‍යක්ෂ), රුක්මණී දේවි, චාන්දනී ගුණතිලක, දයානන්ද සල්වතුර, කුමාරදාස ජයසිංහ, එම්. එස්. ප්‍රනාන්දු, ඩබ්ලිව්. ආතර් සිල්වා, ජී. සී. ඩයස්, ලොයිඩ් ප්‍රනාන්දු, අනෝජා වීරසිංහ

ප්‍රදර්ශනය – රිට්ස්, අශෝකා, රොක්සි ඇතුළු 3 වන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී ආරම්භක ප්‍රදර්ශනය ඇරඹීය.
ප්‍රදර්ශන කාලය – ප්‍රදර්ශනය ආරම්භ වී දින 19 වන විට සිනමා ශාලා 6 කටද දින 31 වන විට මුල් ශාලා 4 කට ද සීමා විය. රිට්ස්, අශෝකා, රොක්සි ශාලාවන්හි දින 48 කි.