වර්ෂ 2013 ක්වූ ජනවාරි 03 වැනිදා බ්‍රහස්පතින්දා




විජය - දේවිකා දියණි නවංජනා යුග දිවියට

විජය - දේවිකා දියණි නවංජනා යුග දිවියට

විජය නන්දසිරි සහ දේවිකා මිහිරාණි යුවල අපේ රටේ පුංචි දරුවකු පවා දන්නා නම් දෙකක්. මෑත කාලයේ පුංචි තිරයේ ප්‍රහසනය රැගත් ටෙලි නාට්‍යවලට අලුත් ජීවයක් ලබා දුන් මේ කලාකරුවාගේ සහ අපේ රටේ ටෙලි නාට්‍ය ඉතිහාසයේ මුල්ම ටෙලි නාට්‍යය වන ‘දිමුතු මුතු’ ටෙලි වෘතාන්තයේ ප්‍රධාන නිළිය ලෙසින් ප්‍රේක්ෂක සිත්වල සදා මතකයක් රැන්දූ දේවිකා මිහිරාණිගේත් එකම දියණිය නවංජනා මිහිරාණි නන්දසිරි පසුගිය 28 වැනිදා පතිකුලයට පිවිසියාය.

නවංජනාගේ සහකරුවා වූයේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේ තමන්ගේම ව්‍යාපාර කටයුත්තක නියැළී සිටින චමින්ද ගුණරත්න තරුණයායි.

චමින්දගේත් නවංජනාගෙත් විවාහ ගිවිස ගැනීම මීට මාස කිහිපයකට පෙර අරලියගහ මන්දිරයේදී සිදු වුණි.

නවංජනා වෙනුවෙන් ඇගේ විවාහයේ සාක්කියට අත්සන් තැබුවේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමායි.

පෝරුවේ චාරිත්‍ර ඉතාමත් ගාම්භීර අන්දමින් පැවැතියේ කොළඹ හිල්ටන් හෝටලයේ බෝල්රූම් උත්සව ශාලාවේදීයි. නවංජනා පෙර පාසල් ගුරුවරියක් වූවාට ඇයගේ ගායන කුසලතාවන් ඇයට සහජයෙන් ලැබී ඇත්තීය. විවාහයෙන් පසුව ඈ චමින්ද වෙසෙන ඕස්ට්‍රේලියාව බලා පියාසර කිරීමට සූදානමින් සිටින බැව් පැවසීය.

කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ඔවුනගේ විවාහ මංගල්‍යය උත්සවයට ආරාධනා ලැබ සිටියහ.

නවංජනාගේ රූපලාවන්‍ය කටයුතු බාරගෙන තිබුණේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී ප්‍රේමසිරි හේවාවසම්ය. ඇගේ මල් කලඹ නිර්මාණය කර දුන්නේ ප්‍රවීණ ශිල්පී නිමල් අබේසිරිවර්ධනයි.

චමින්දගේ ඇඳුම් ඉමිතියාස් විසින් නිර්මාණය කර තිබූ අතර මංගල කේක් ආකෘතිය නිම කොට තිබුණේ නියෝමාලි විසිනි.

මංගල ඇල්බමයේ ඡායාරූපකරණය බාරගෙන තිබුණේ ප්‍රවීණ ඡායාරූප ශිල්පී උපුල් නිශාන්තයි.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මැතිතුමා සමඟ නවංජනා සහ චමින්ද නීතිඥ

ඩග්ලස් සිරිවර්ධන, සබරගමු පලාත් මහ ඇමැති මහීපාල හේරත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මැතිතුමන්

විජේරත්න වරකාගොඩ යුවල සහ ජනනාත් වරකාගොඩ සමඟ

දියණියගේ මංගල උත්සවය යයි නොසිකා රොඩ්නි සමඟින් ප්‍රහසනයෙන් පැමිණ සිටි අමුත්තන් රස ආකරයකට නොපැකිලව ගෙනගිය විජය නන්දසිරි

නවංජනාගේ ගීයට විජයත් - දේවිකාත් කාලෙකට පස්සේ නර්තනයක

ගිහාන් ප්‍රනාන්දු යුවල සහ රොෂාන් පිලපිටිය සමඟින්

විශාරද එඩ්වඩ් ජයකොඩි ගීතයකින් ආරාධිතයන් පිනවමින්

ඇන්ජලින් ගුණතිලක යුවල සමඟ ප්‍රවීණ ගායිකා ප්‍රදීපා ධර්මදාස

තිරිමාදුර, ජානක වික්‍රමසිංහ යුවල, කුසුම් රේණු, ශ්‍රියන්ත සහ ‘මාතා’ චිත්‍රපට නිෂ්පාදක රුවන් ජයසිංහ සහ බිරිඳ සමඟ

ලහිරු පෙරේරාගෙන් ‘රම්බරි කියපං නුඹ නොම්බරේ ...’

දමිතා අබේරත්න සහ අනූෂා දමයන්ති එක්ව