වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




සතියේ ගීතය

සතියේ ගීතය

සුජීවා

ගැ - නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ
නොවිඳපු රසයකි උතුරන්නේ
නෙත ගත සිත මගෙ පිබිදෙන්නේ
වෙනදා කවදාවත් නොවුණේ

පි - ඔබෙ නුවන් රන්කූඩුවේ
කවුද යුවළක් ජෝඩුවේ
ගැ - ඉන්නෙ කවුදෝ හැංගිලා
බලනු මැනවී ළංවෙලා
පි - ඔහු වගේ මා ඔබ වගේ ඈ
සතුටු වේ සපුරා
ගැ - අතට අත දී හිතට හිත දී
එන්න මා පෙම්බරා
පි - පිපී හැලෙනා ලිය ගොමු
හැපී නඟනා ගුමු ගුමු
ගැ - සුළගෙ එතිලා මුසුවෙලා
ඈත විහිදෙයි පාවෙලා
පි - අපගෙ හඬ ඒ අතර සැතපේ
මියුරු සර වපුරා
පි - ගලා හැලෙනා දිය ඇලී
රිදී නද දී සිලි සිලී
ගැ - බලා අපගේ රූසිරි
පතයි නොපැතූ ආසිරි
පි - මල්සරා ආ විටදී එන්නේ
හී පහම විසුරා . . .

පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - ගලගෙදර එම්. එම්. හක්
ගායනය - එච්. ආර්. ජෝතිපාල සමඟ ඇන්ජලින් ගුණතිලක
අධ්‍යක්ෂණය - ජෝ දේව් ආනන්ද