වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය - 91

සිංහල සිනමා විස්තරය - 91

රෝස මල් තුනක්

තිරගත වූ දිනය – 1979 ජූලි 27
ඉදිරිපත් කිරීම – රවි චිත්‍රපට
නිෂ්පාදනය – ආර්. ගෝවින්ද සාමි
තිරනාටකය සහ අධ්‍යක්‍ෂණය – ධර්ම ශ්‍රී කල්දේරා
කතාව - අයිවන් දිසානායක
දෙබස් - මූ. අරුක්ගොඩ, සුගතපාල ජයවීර
කැමරා අධ්‍යක්‍ෂණය – එම්. ගෆූර්
සහාය අධ්‍යක්‍ෂණය – පී. කේ. ලයනල් සිල්වා
සංස්කරණය – කාලිංග සිල්වා සහාය එල්මෝ හැලිඩේ
වේශ නිරූපණය - සනත් සී. ජයවර්ධන
කලා අධ්‍යක්‍ෂණය – ඇහැලියගොඩ
සෝමතිලක සහාය ලයනල් සිල්වා
නැටුම් අධ්‍යක්‍ෂණය - හෙන්රි ජයසිංහ
නැටුම් – චන්ද්‍රකලා
සැකසුම – ලංකා චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි
රසායනාගාර පාලක – අයි. ඒ. ජොහාර්
නිෂ්පාදන කළමනාකරු - ඒ. රත්නසාමි
සංගීත අධ්‍යක්‍ෂණය – පී. එල්. ඒ. සෝමපාල

ගීත – අරුන්දතී තරුවෙන් – එච්. ආර්. ජෝතිපාල (අජන්තා රණසිංහ)
සෙනෙහෙබර කුරුලු රංචු - එච්.ආර්. ජෝතිපාල, ශ්‍රීමතී තිලකරත්න (උපාලි ධනවලවිතාන)
අහස පොළොව මැද – එච්. ආර්. ජෝතිපාල (කරුණාරත්න අබේසේකර)
රෝසමල් වගේ ලස්සනයි – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක (ධර්ම ශ්‍රී කල්දේරා)
ආදරෙන් බලන්න ඇයි – ඒ. ඊ. මනෝහරන් (සිරිල් ඒ. සීලවිමල)
ආනන්දේ මංගල්ලේ - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක (අජන්තා රණසිංහ)
ගීත පොත් - ශාන්ති පොත්හල – මරදාන

නාමවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
ගීත තැටි - සිල්වලයින්

නළු නිළියන් – තිස්ස විජේසුරේන්ද්‍ර, ශ්‍රියානි අමරසේන, ඔස්වල්ඩ් ජයසිංහ, රෙක්ස් කොඩිප්පිලි, චන්ද්‍රකලා, ෆෙ‍්‍රඩී සිල්වා, දොන් සිරිසේන, ඔස්ටින් අබේසේකර, පියදාස විජේකෝන්, වී. ටී. ජී. කරුණාරත්න, මෝතිලාල් ගුණසේකර, අබේරත්න ජයසූරිය, ඉනෝකා වීරසිංහ, එඩී අමරසිංහ, කුවින්ටස් වීරකෝන්, දයානන්ද සල්වතුර, ග්‍රොඩ්ප්‍රි පෙරමුනේ, හෙන්රි ජයසිංහ.

ප්‍රදර්ශනය – ලිඩෝ, සෙයින්ස්තාන්, විජිත – රත්මලාන, රීගල් - මහනුවර ඇතුළු හතරවන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී

ප්‍රදර්ශන කාලය - සෙයින්ස්තාන් දින 40, ලිඩෝ දින 47 ක් වශයෙනි.

චූඩා මාණික්‍යය

තිරගත වූ දිනය - 1979 අගෝස්තු 24
ඉදිරිපත් කිරීම - සීමිත සිනෙසිළු
නිෂ්පාදනය සහ අධ්‍යක්‍ෂණය – විජය ධර්ම ශ්‍රී
සහාය අධ්‍යක්‍ෂණය - සෝමපාල ලැනරෝල්
කැමරා අධ්‍යක්‍ෂණය - කේ. ඩී. දයානන්ද
කතාව, දෙබස් සහ තිරනාටකය – කුමාරසිරි අබේකෝන්
සංස්කරණය – ජයතිස්ස දිල්ලිමුණි
වේශ නිරූපණය – එස්. පී. කොස්තා
කලා අධ්‍යක්‍ෂණය – එස්. එච්. සරත්
නාමාවලිය - රැලෙක්ස් රණසිංහ
කැමරා සහාය – ජයනාත් ගුණවර්ධන
සංගීත අධ්‍යක්‍ෂණය - සරත් දසනායක
සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය, විජය චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
රසායනාගාර කටයුතු - එස්. තිරනාවුකරසු
ගීත – වනමැද පතලක – අබේවර්ධන
බාලසූරිය සහ පිරිස (සුනිල් ආරියරත්න)
මල්ලියකම් – වික්ටර් රත්නායක, නිරංජලා සරෝජනී (අජන්තා රණසිංහ)

නළු නිළියන් – රවීන්ද්‍ර රන්දෙණිය (අයිවන්) ලූෂන් බුලත්සිංහල (පෙඩ්රික්) මර්වින් ජයතුංග (සෙනේ) වීණා ජයකොඩි (ෂෙරින්) ආනන්ද වික්‍රමගේ (නිමල්) වසන්ති චතුරාණි (වජිරා) සිරිල් වික්‍රමගේ (වාර්තාකරු) මංජුලා විතානගේ (මෙහෙකාරිය) විමල් කුමාර් ද කොස්තා, ජේ. බී. එල්. ගුණසේකර, රත්නාවලී කැකුණවෙල, ඉනෝකා වීරසිංහ, ඇග්නස් සිරිසේන, ධර්මදාස කුරුප්පු, රින්ස්ලි වීරරත්න, බර්ටි ගුණතිලක, වින්සන්ට් වාස්, දයා අල්විස්, හැරී විමලසේන, සැනට් දික්කුඹුර

ප්‍රදර්ශනය – ක්‍රවුන්, මැජස්ටික්, මානෙල්, නුගේගොඩ – නිව් මෙට්රෝ, ඕඩියන් – ගල්කිස්ස ඇතුළු පස්වන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී.

ප්‍රදර්ශන කාලය – නිව් මෙට්රෝ දින 30,

ඕඩියන් දින 32, මැජස්ටික් දින 26, ක්‍රවුන් දින 34 ක් හා මහනුවර වෙම්බ්ලි හි දින 48 ක් වශයෙනි.

අනූෂා

තිරගත වූ දිනය – 1979 අගෝස්තු 13
ඉදිරිපත් කිරීම – යුනයිටඩ් එන්ටර්ටේන්මන්ස්
නිෂ්පාදනය - ස්ටැන්ලි ද සිල්වා, නිමල් රිචඩ්
අධ්‍යක්‍ෂණය – දයානන්ද ජයවර්ධන
සම නිෂ්පාදනය – එම්. අයි. එම්. අමීන්, මොහොමඩ් සහීර්
කතාව සහ තිර රචනය – අර්නස්ට් වඩුගේ
සහාය අධ්‍යක්‍ෂණය – විමල් ශ්‍රී සපුතන්ත්‍රි, ලක්‍ෂමන් සෙනෙවිරත්න
කැමරා අධ්‍යක්‍ෂණය සහ සංස්කරණය – ඩිල්මන් ජයරත්න
සංස්කරණය සහාය – ඒ. වී. රත්නවීර ද සිල්වා, විමල් ශ්‍රී සපුතන්ත්‍රි, ලක්‍ෂමන් රුද්‍රිගු වේශ නිරූපණය - සනත් සී. ජයවර්ධන
නැටුම් අධ්‍යක්‍ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු, අශෝක කරුණානායක
සටන් අධ්‍යක්‍ෂණය – දයානන්ද රොඩ්රිගු
කොණ්ඩා සැකසුම - ශාන්ති සිරිබද්දන
ඇඳුම් නිර්මාණ – රාණි සිල්වා
දෙබස්, පසුබිම් සංගීතය පටිගත කිරීම – ඩී. එම්. පුංචිහේවා - ලංකා චිත්‍රාගාරය
ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් - එස්. පී. එම්. චිත්‍රාගාරය, ජෝර්ජ් මනතුංග - සරසවි චිත්‍රාගාරය, ඩොනල්ඩ් අයිවන් - ජොනෙත් ශබ්දාගාරය
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග - සරසවි චිත්‍රාගාරය
ශබ්ද සහාය – ඩී. සිරිසේන පෙරේරා, ලයනල් ගුණරත්න, සැන්ට් ජෝන්, ඇම්. ඒ. ඒබ්‍රහම්, ඒ. සී. එම්. රියාස්
රසායනාගාර පාලක –අයි. ඒ. ජොහාර් – ලංකා චිත්‍රාගාරය
රසායනාගාර සහාය – ඇස්. ඇන්. සමරසිංහ, මයිකල් පොන්නයියා, කමල්ඩීන්
කැමරා සහාය – නිමල් පෙරේරා, කේ. ඩී. යාපා ජයවර්ධන
නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
නිශ්චල ඡායාරූප – එම්. ඒ. දිසානායක
නිෂ්පාදන අධිකාරී – රාණි සිල්වා සහාය ඇම්. ජේ. ඇම්. මින්හාන්
සංගීත අධ්‍යක්‍ෂණය - සරත් දසනායක – පසුබිම් සංගීතය
සංගීතය - මොහොමඩ් සාලි
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, සරත් විමලවීර, උපාලි ධනවලවිතාන, ප්‍රේමකීර්ති ද අල්විස්, අජන්තා රණසිංහ

ගීත - සමන් සුගන්දේ විමසන්නා - ඉන්ද්‍රාණි පෙරේරා, එච්. ආර්. ජෝතිපාල,
සුජාතා අත්තනායක
දරමඩුවට ගිනි ඇවිලිලා - ඩෙස්මන් ද සිල්වා
සරා සිහින රේඛා - ඉන්ද්‍රාණි පෙරේරා, එච්. ආර්. ජෝතිපාල
කුමරෙකි ඉන්නේ කුමරියේ - රෝයි ද සිල්වා, සුජාතා අත්තනායක
සිහිනෙන් සරණ ලෝකේ පුරා - එච්. ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක
ආශා පිරුණ දෑසින් පානා - ලතා වල්පොල
සූරයා ඌ හිවලා - ගීත පොත් - ශාන්ති පොත්හල – මරදාන

නළු නිළියන් – තිස්ස විජේසුරේන්ද්‍ර (සුදත්) ජෙනිටා සමරවීර (අනුෂා) ශි‍්‍රයාණි ෆොන්සේකා (මානෙල්) රෝයි ද සිල්වා (සරත්) රුක්මණී දේවි (රත්නායක මහත්මිය) ඩොමී ජයවර්ධන (වික්ටර්) හිල්ඩා ඇග්නස් (සුදත්ගේ මව) චන්ද්‍රපාල විජේසේකර (දොස්තර) ලිලියන් එදිරිසිංහ (සුදත්ගේ බොරු මව) දොන් සිරිසේන (සුදත් ගේ බොරු පියා) බී. ඇස්. පෙරේරා, පද්මිණී රොඩ්රිගෝ (ළමා) ටියුඩර් කරුණාතිලක, කීර්ති හේවාවසම්, එම්. ඒ. ටියුඩර්, කුවින්ටස් වීරකෝන්, ආනන්ද ජයරත්න, සුමනා අමරසිංහ, තලතා ගුණසේකර, දේවිකා කරුණාරත්න, ඩෙස්මන් ද සිල්වා, දේවින්ද මාකස්, මිල්ටන් ප්‍රනාන්දු, ටෙඩී විද්‍යාලංකාර, දයානන්ද ජයවර්ධන, ශාන්ත කුලතුංග, රුවන් තිස්ස ද සිල්වා, අබේරත්න ජයකොඩි

ප්‍රදර්ශනය – රිට්ස්, අශෝකා, රොක්සි, ජයන්තා - ගම්පහ, රත්නාවලී – ජාඇල, ලැවිනියා - නුගේගොඩ ඇතුළු 3 වන මණඩලයේ සිනමා ශාලා 15 කදී.

ප්‍රදර්ශන කාලය - රොක්සි දින 34, අශෝකා දින 40 වශයෙනි.

මංගල දර්ශනය - කොළඹ නගරාධිපති සිරිසේන කුරේ මහතා සහ එම මහත්මියගේ ප්‍රධානත්වයෙන් අශෝකා සිනමා ශාලාවේදී.

අක්කේ මට අවසර

තිරගත වූ දිනය – 1979 සැප්තැම්බර් 07
ඉදිරිපත් කිරීම – නිමලවීර චිත්‍රපට
නිෂ්පාදනය – නිමල් වීරක්කොඩි
අධ්‍යක්‍ෂණය – විල්ප්‍රඩ් සිල්වා
කතාව තිර රචනය සහ දෙබස් - මර්වින් කඳනආරච්චි
සහාය අධ්‍යක්‍ෂණය – මර්වින් කළුආරච්චි
සංස්කරණය – එම්. පී. රූපසේන
වේශ නිරූපණය - ජේ. සෙල්වරාජ්
කලා අධ්‍යක්‍ෂණය – ලයනල් සිල්වා
සැකසුම – ලංකා චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි
කැමරා අධ්‍යක්‍ෂණය – මර්සලින් එස්. පෙරේරා
රසායනාගාර කටයුතු - අයි. ඒ. ජොහාර්
නිශ්චල ඡායාරූප - ප්‍රේමදාස කූරගේ
නිෂ්පාදන කළමනාකරු - එස්. පුවක්පිටිය
සංගීත අධ්‍යක්‍ෂණය – පී. එල්. ඒ. සෝමපාල

ගීත - සීත මීදුමේ සළු පොරවාලා - එච්. ආර්. ජෝතිපාල
මගේ දෑසේ සැඟවූ - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
හා හා සිනාසී මේ – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
වීසමා අසන්න ලෝ තලේ - ලතා වල්පොල
පහන නිවී යයි ආලෝකේ - මොහිදීන් බෙග්
තාන තිනානේ ගහමු රබානේ – එච්. ආර්. ජෝතිපාල, ජේ. ඒ. මිල්ටන් පෙරේරා, ත්‍යාගා එන්. එඩ්වඩ්
ගීත පොත් - ශාන්ති පොත්හල – ආනන්ද පොත්හල

නළු නිළියන් – විජය කුමාරණතුංග (අජිත්) ශි‍්‍රයාණි අමරසේන (අනුජා) මර්වින් ජයතුංග (රිචඩ් දෙල්ගොඩ) ගීතා කුමාරසිංහ (තනුජා) මාක් සමරනායක (වතු හිමියා) සම්පත් ශ්‍රී නන්දලෝචන (දොස්තර) පියදාස විජේකෝන්, ෆෙ‍්‍රඩී සිල්වා, බී. ඇස්. පෙරේරා, පූජිත මෙන්ඩිස්, ලැටීෂියා පීරිස්, සමන්ති ලැනරෝල්.

ප්‍රදර්ශනය – එල්ෆීන්ස්ටන්, ඉම්පාලා, ට්‍රියෝ, නැෂනල් - මහරගම, වේල්ස් - මහනුවර ඇතුළු පළමුවන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී.

ප්‍රදර්ශන කාලය - දෙහිවල - ට්‍රියෝ, ගැමුණු - වත්තල දින 55, නැෂනල් දින 60, එල්ෆීන්ටන් සහ මහනුවර - වේල්ස් හි දින 73 ක් වශයෙනි.