වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




දියණියන් සිව් දෙනෙක් - ග්‍රහ බලපෑමක් සහ තරුණයෙක් ජී වි තේ ල ස් ස න යි

දියණියන් සිව් දෙනෙක් - ග්‍රහ බලපෑමක් සහ තරුණයෙක් ජී වි තේ ල ස් ස න යි

සුනිල් ටී ප්‍රනාන්දුගේ නිෂ්පාදනයක්
සුදේශ් වසන්ත පීරිස් ගේ අධ්‍යක්ෂණයක්

ආරොන් මුදලාලි හාන්සි පුටුවේ දිගා වූයේ දවසේ ව්‍යාපාරික කටයුත නිමාවට පත් කරමිනි. නළලත රැල් බුරුල් කරමින් දෙඇස ඒ මේ අත යවමින් ආරොන් මුදලාලි බර කල්පනාවකය. දියණියන් සිවු දෙනා පේන මානයක නැත.

‘කාව්‍ය, දිනේත්‍රා, සුබෝධනී, දෙව්මිනි . . .’ මුදලාලි දියණියන් ඇමතුවේ මධ්‍යස්ථ හඬකිනි.

කාව්‍යා නිදන කාමරයේ කෙළවරක සිට ප්‍රේම සල්ලාපයකය.

‘ඔයා කෙළින්ම ඇවිත් අපේ තාත්තගෙන් අහන්න’

කාව්‍යා පෙම්වතාට ඇවටිලි කළේ ජනේලයෙන් ඈත බලාගත්වනමය. ජයසුන්දර සහ සිල්වියා යුවලගේ එකම ප්‍රත්‍රරත්නය විශ්වය.

කාව්‍යාගේ පෙම්වතා වන විශ්ව අලංකාර රූ සපුවකට හිමිකම් කියන කඩවසම් තරුණයෙකි. කාව්‍යාගේ ඉල්ලීම මත මෙන්ම ප්‍රේමයෙන් ජය ගැනීමේ අදිටනින් විශ්ව කාව්‍යාගේ පියා හමුවීමට තීරණය කළේය.

සෘජුවම පැමිණ ආරොන් මුදාලි හමු වූ විශ්ව තමාත් කාව්‍යාත් අතර ඇති ප්‍රේම සම්බන්ධය හෙළි කොට ඒ කටයුත්ත වෙනුවෙන් ආරොන් මුදලාලිිගෙන් අවසර ඉල්ලුවේය.

ඒ මොහොතේ විශ්වගේ හිසේ සිට දෙපා දක්වා බැලූ මුදලාලි ප්‍රේම සබඳතාවයට අවසර ලබා දුන්නේ.

ඒ අවසර ලබාදීමත් සමඟම මුදලාලිගේ හිස ගිනිගෙන දැවෙන්නට පටන් ගත්තේය. මුදලාලිගේ කේන්ද්‍රයේ් මාරක අපලයකි. ඉන් ගැළවීමට නම් දියණියන් සිවු දෙනාම එකම දිනෙක එකම වෙලාවක එකම මඟුල් පෝරුවක විවාහ විය යුතුය. එසේ නොකළහොත් නක්ෂත්‍රයට අනුව ආරොන් මුදලාලි අනිවාර්යයෙන්ම මිය යයි.

මේ ගිනි කබලේ දැවෙන ආරොන් මුදලාලි අනෙක් දියණියන් තිදෙනාට ද මනාලයන් සොයාගෙන පැමිණෙන ලෙස භාර දෙන්නේ විශ්වටය.

මේ වගකීම කරට ගන්නා විශ්ව මනාලයන් සොයන කටයුත්ත අරඹයි. මේ එක් සහෝදරියකට ප්‍රේමවන්තයකු සතුය.

අනෙක් තරුණිය පවසන්නේ තමා විවාහ වන තැනැත්තා කොන්දේසි හතරකට යටත් විය යුතු බවය.

ඒ කොන්දේසි හතර නම් ආහාර පිසීමට ඇති හැකියාව, තරුණයාගේ මාපියන් මිය ගොස් සිටීම, උපාධිධාරියකු වීම, තමා නිළියක වෙනවාට අකමැති නොවීමයි. සිව්වැනි දියණිය කියා සිටින්නේ තමා කිසි දිනෙක විවාහ නොවන බවයි.

මේ කලබැගෑනියෙන් විශ්වගේ සිත අවුලෙන් අවුලට පත් වෙයි. කල්‍යාණ මිත්‍රයකු වූ කල්‍යාණ හමුවන විශ්ව මේ සිද්ධිදාමය ඔහුට පවසයි.

ආරොන් මුදලාලිගේ අභියෝගගය ජය ගැනීමට විශ්වට හැකි වේවිද?

සුනිල් ටී. ප්‍රනාන්දු විසින් නිෂ්පාදනය කරන ලද ජීවිතේ ලස්සනයි හරහා නොබෝ දිනකින් ඔබට මේ පැනයට පිළිතුරු සෙවිය හැකිය.

නළු නිළි පිරිස:

රන්ජන් රාමනායක, ටෙනිසන් කුරේ, ආනන්ද වික්‍රමගේ, රොබින් ප්‍රනාන්දු,, ඇන්ටන් ජූඩ්, විල්සන් ගුණරත්න, සහන් විජේසිංහ, ප්‍රේමදාස විතානගේ, වසන්ත කුමාරවිල, සුසිලා කෝට්ටගේ, හේමන්ත ඊරියගම, ටිරෝන් මයිකල්, චතුර පෙරේරා, විනෝජා නිලන්ති, කුසුම් පෙරේරා, කපිල සිගේරා, රුවන්ගි රත්නායක, මහේෂි මධුසංකා, මේනකා මධුවන්ති, නෙතු ප්‍රියංගිකා, ඉමල්ෂා මධුශානි

කාර්මික ශිල්පීන්:

අධ්‍යක්ෂණය - සුදේශ් වසන්ත පීරිස්
නිෂ්පාදනය - සුනිල් ටී. ප්‍රනාන්දු
කැමරා අධ්‍යක්ෂණය – ගාමිණී මොරගොල්ලාගම
සහය අධ්‍යක්ෂණය සහ සංස්කරණය - කුමාරසිරි ද සිල්වා
කලා අධ්‍යක්ෂණය – ලසන්ත ද අල්විස්
වේශ නිරූපණය - සරත් රණවීර
සටන් අධ්‍යක්ෂණය – ටිරෝන් මයිකල්
ඇඳුම් නිර්මාණය - භානු කරුණානායක
සංගීත අධ්‍යක්ෂණය – අසේල ඉන්ද්‍රලාල්
නැටුම් අධ්‍යක්ෂණය - සංඛ අබේසිංහ