වර්ෂ 2012 ක්වූ අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




සම්පත් සුබ මංගලම් . . .

සම්පත් සුබ මංගලම් . . .
 

‘ජීවිතය ලස්සනයි’ ටෙලි නාට්‍යයේ ආලෝක.

‘ඉතිං ඊට පස්සේ’ ටෙලි නාට්‍යයේ කැලුම්. ‘සිහිනයකි ජීවිතේ’ හි ඇලෙක්ස්.

මෙවැනි විවිධ චරිත ඔස්සේ ඔබ හමුවට පැමිණි සම්පත් කුමාරතුංග පසුගියදා යුග දිවියට පිවිසියේය. සචිත්‍රි සමඟ අතගත් ඔහුගේ විවාහ මංගලෝත්සවය ජූලි 19 වැනිදා මීගමුවේදී පැවැත්විණි.

එම උත්කර්ෂවත් අවස්ථාවට කලා ක්ෂේත්‍රයේ සහ මාධ්‍ය ආයතනයන්හි හිතවතුන් ඇතුළු පවුලේ ඥාතීන් සහභාගි වූහ.

 

කුමාර රණපුර දියණි විවාහ වූදා

සිංහල සිනමාවේ මෙන්ම පුංචි තිරයේ ද සටන් නළුවකු වන කුමාර රණපුරගේ දියණිය ජනිත්‍රි මධූෂා රණපුර හා නාලක තුෂාර විජේවික්‍රම විවාහය පසුගිය ජූලි 25 වැනිදා අරලියගහ මැදුරේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

මෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ අමාත්‍ය ජීවන් කුමාරතුංග විවාහයට අත්සන් තැබූහ.

පසුගිය අගෝස්තු 02 වැනිදා පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී කලාකරුවන් වෙනුවෙන් ප්‍රිය සම්භාෂණයක් පැවැත්විණි. එම අවස්ථාවට කලාකරුවන් රැසක් සහභාගි වී සිටියහ.