වර්ෂ 2012 ක්වූ අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




FeedBack

සුමින්දට ඉක්මන් සුවය ලැබේවා

විවිධ බාධක මැද ගෙවන ජීවිතය සතුට, ප්‍රීතිය මෙන්ම දුක, වේදනාව ද උරුමය. එකී අවස්ථාවන් තුළ මිනිස් සන්තානයෙහි ඇතිවන හැඟීම් සිය ආත්මය කරගෙන සංවේදී රංගනය තුළින් ප්‍රතිනිර්මාණය කරමින් අප හදවතට සමීප වූ අති දක්ෂ රංගන ශිල්පී සුමින්ද සිරිසේන කලාකරුවාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.

මාතලේ - ධර්මා ඒකනායක

අයිරාංගනී සේරසිංහට

දිගාසිරි පතමු

අයිරාංගනී සේරසිංහගේ රංගන ප්‍රතිභාව තාත්ත්විකය. ප්‍රතිභා සම්පන්න ඔබට දිගාසිරි පතමි.

චිත්‍රානන්ද සමරතුංග

ජයමිණි මැණිකේ නාරම්මල, කොට්ටපිටිය.

බෙග් සමරු මුද්දරයක්

ශ්‍රී ලංකාවේ බෞද්ධ ගීත ගායනය සඳහා අනගි සේවයක් කළ අල්හාජ් මෙහාදීන් බෙග් වෙනුවෙන් අඩුම වශයෙන් සමරු මුද්දරයක්වත් නිකුත් කිරීමට අදාළ බලධාරීන්ට නුවණ පහළ වේවා.

චන්ද්‍රසිරි මානවඩු

කෙරමිණිය,අම්බලන්ගොඩ.

සී. ටී. සදා අමරණීයයි

අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ, ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ, කිමද සුමිහිරියේ මේ අරුණේ, ඔබ නැති ගී ලොව අඳුරුයි. සී. ටී. ප්‍රනාන්දු නම් අරුම පුදුම ගායනවේදියාණෙනි, මේ ඔබව සිහිපත් කිරීමකි.

නිමල් මුතුතන්ත්‍රි

හංවැල්ල

කපුගේ ගී නිතර ඕනෑ

අප අතරින් වියෝ වූ ප්‍රවීණ දක්ෂ ගායක, සංගීතවේදී ගුණදාස කපුගේ මහතාගේ ගීත රූපවාහිනී නාලිකා තුළින් නිතර දකින්නට ඉඩ සලස්වනවා නම් ඉතා අගය කොට සලකමි.

චම්පිකා නොරංජනී ගලප්පත්ති

බටගන්විල, ගාල්ල.

කාටත් අමතක අරුක්ගොඩ

කාටත් අමතක වූ මු. අරුක්ගොඩ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු මෙන්ම නිෂ්පාදකවරයකි. ගුවන් විදුලි ශිල්පියෙකි. නවකථා, කෙටිකතා රචකයෙකි. නමුදු ඔහු අප වඩාත් හඳුනා ගත්තේ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වශයෙනි.

තාත්තයි පුතයි, අම්මයි දුවයි, චන්නයි කෙල්ලො දෙන්නයි ඔහු තැනූ චිත්‍රපට වේ. මුවන් පැලැස්ස සහ මොනරතැන්න ඔහු සහාය අධ්‍යක්ෂණයෙන් දායක වූ ඒවාය. ඉතාම අඩු දින ගණනකින් චිත්‍රපට බිහි කිරීම ඔහු සතු සුවිශේෂ දත්ෂතාවයකි.

පසු කලෙක ඔහු රාජ්‍ය දැව සංස්ථාවේ කොන්ත්‍රාත්කරුවකු ලෙස සේවය කරන අවධියේ පොලොන්නරුවේදී කොටි ග්‍රහණයට හසු විය. ඉන් පසුව ඔහු ගැන කිසිදු තොරතුරක් නොවීය. බොහෝ දෙනාට මු. අරුක්ගොඩ නාමය අමතකව ගොස්ය. ඔහු විසින් සිනමාවට කළ මෙහෙය අති මහත්ය. එහෙයින් ඔහුව සිහිපත් කිරීම අපගේ යුතුකමක් වන්නේය.

ඉහළ තල්දූවේ - ආනන්ද වික්‍රමාරච්චි

සත් වසරක් ගත වුණද

එච්. ඩී. ප්‍රේමරත්නයන් ජීවිතයෙන් සමුගෙන වසර හතකි. නමුදු ඔහු අපට දායාද කළ අනගි සිනමා නිමැවුම් අද ද අපි රස විඳිමු.

උඩවත්ත - සිසිර කුමාරසිංහ

දැන්වීම් මැද ටෙලි

රූපවාහිනී ආයතන පවත්වාගෙන යාමට වෙළෙඳ දැන්වීම් සහ අනුග්‍රාහක ආයතන අවශ්‍යයි. නමුත් මේවාහි වෙළෙඳ දැන්වීම් නිසා අපට දැන් හිසේ අමාරුව වැලඳී ඇත. මීට පෙර ටෙලි නාට්‍ය අඩ පැය එක් ආයතනයක අනුග්‍රහයෙන් ඉදිරිපත් වුණත් දැන් එහෙම නැත. එක නාට්‍යයකට අන්‍රග්‍රාහකයෝ බොහෝය.

ටෙලි නාට්‍ය ඉදිරිපත් කිරීමට වඩා වෙළෙඳ දැන්වීම් හුවා දක්වනු දැකිය හැකියි.

එහෙයින් නාට්‍ය අතරතුර වෙළෙඳ දැන්වීම් ඉදිරිපත් කිරීමේදී මීට වඩා සැලසුම් සහගත ලෙස ක්‍රියා කරන්නැයි ඉල්ලා සිටිමි.

ප්‍රභාත් රාජපක්ෂ - නාවලපිටිය.

වත්සලාට සුබපැතුම්

අමා ටෙලි සිතුවමේ දඟකාර, කටකාර, හැඩකාර, කඩිසර චරිතයකට පණ පොවන වත්සලා දියලගොඩගේ රංගනය ඉතා විශිෂ්ටයි. ඇයගේ ඉදිරි ජීවිතයට මම සුබ පතමි.

නීලම්මහර ගල්වල පාරේ

රත්නා ඩී. වන්නිආරච්චි

දරුවනේ විශිෂ්ටයි

දරුවනේ සරල තේමාවක් රැගත් ශිෂ්‍ය පරපුරටත් (සමස්ත දරුවනටත්) ඉතාම ආදර්ශවත් චිත්‍රපටයකි. විශේෂයෙන්ම එහි එන ගීත හරවත්ය. සරල සුගම පද මෙන් ගායනා ද ඉතාම මිහිරිය. දේදුන්නෙන් පාට අරන් මල් පෙතිවල ගැවෙ අපියි

සමඟිය ලෝකේ පුරා පැතිරෙව්වේ ඔබයි අපියි දරුවනෙහි අඩංගු මෙම ගීතය තුළින් මා හට හඳයා හි කවුරුද කවුරුද දැන් ලොක්කෝ ගීය සිහිපත් විය. මෙහි යොවුන් ආදරයක් තිබුණ ද එය විනීතව හිමිහිට ගලා යයි.

මොරටුව, කටුබැද්දේ- ඩඩ්ලි ගෝමස්

පරණ ටවුම සාර්ථකයි

ස්වාධීන රූපවාහිනියෙන් සති අන්තයේ විකාශය වන අජිත් ලොකුගේ ගේ පරණ ටවුම ටෙලි සිතුවම ඉතා සාර්ථක නිර්මාණයකි. එහි ද්විත්ව චරිතයක් නිරූපණය කරන ජයලත් මනෝරත්නගේ රංගනය අනර්ඝය. එම ටෙලි නිර්මාණය සකසන හැමෝටම අපගේ ස්තුතිය.

කපුගොඩ මාළිඳ,සරසවි නිවසේ - සරත් රණසිංහ

චානක ප්‍රේමනාත්, ඇල්පිටිය.

හේමාල් පුංචි තිරයටත් එන්න

චිත්‍රපටයන්හි රඟපෑවා වගේම හේමාල් පුංචි තිරයටත් එනවා නම් හොඳයි. ඔබ එවිට ඇත්තටම ටෙලි නාට්‍යයන්ට මිණි පහනක් වේවි.

සමාධි පුෂ්ප කුමාරි වාද්දුව
 


S.M.S.

0757413731

ජැක්සන් ඇන්තනී අධ්‍යක්ෂණය කිරීමට සැරසෙන මනමේ චිත්‍රපටය එනතුරු අපි බලා හිඳිමු.

විරාජ් - නිකවැරටිය.

*

අමිල අබේසේකරගේ රැගුම් අනර්ඝයි.

ශෂිකා එරන්දි

බොරලැස්ගමුව

සෙව්වන්දි

වලස්මුල්ල.

*

විජය කුවේණි නම් කාලානුරූප සිනමාපටයක් තනා හෙළ උරුමයෙන් සම්මානනීය වූ සුගත් සමරකෝන්ට සදා ජය පතමි.

දයාරත්න ගනේගොඩ - කැලණිය.

*

නෙහාරා, ගම්බද සොඳුරු යුවතියකගේ චරිතයක් රඟන ටෙලි නාට්‍යයක් දැක ගැනීමට කැමතියි.

පාදුක්කේ - ගම්ලත්

*

කඩවසම් බවින් යුතු දෙරණ ඩීම්ස්ටාර් තෙවැනි අදියරේ කිරුළ දිනූ කේෂාන් රංගනයට පිවිසීම හොඳයි.
 

පවිත්‍රා - බෙලිඅත්ත

*

බ්ලැක් බොක්ස් නාට්‍ය සංකල්පය පළමුව මෙරටට හඳුන්වා දෙමින් නාට්‍ය කලාවේ නවයුගයකට මඟ හෙළි කළ ඉන්ටර් ඇක්ට් ආර්ට් රංග කලා ආයතනයෙන් ඉටු කරන්නා වූ මෙහෙය විශිෂ්ටයි. එය පවත්වාගෙන යන එම්. සෆීර් මහත්මයා ඇතුළු එහි කාර්ය මණ්ඩලයට අපේ කෘතවේදිත්වය.
 

හර්ෂනාථ බණ්ඩාර

*

ස්වර්ණවාහිනියේ හත්දින්නත් තරු නිවේදිකා දිනුෂා තරම් සුන්දර නිවේදිකාවක් දැක නැත. ඇගේ වචන උච්චාරණය ඉතාම සිත් ගන්නා සුළුය.

එරන්ද රාජපක්ෂ

දෙල්කඳ

කෙටි පණිවුඩ අයුරින් ප්‍රතිචාර එවද්දී එහි කොතැනක හෝ ඔබේ නම සඳහන් කිරීමට අමතක නොකරන්න. එමෙන්ම ඒවා එවන්නේ කුමන කලාකරුවා ගැන ද, කුමන කලා නිර්මාණයක් ගැන ද සටහන් කිරීමටත් මතක තබා ගන්න.

0757413731 මේ දුරකතන අංකය ඔබේ කෙටි පණිවුඩ ප්‍රතිචාර වෙනුවෙනි.

සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 මෙම ලිපිනය ඔබේ තැපැල්පත් සඳහායි.