වර්ෂ 2012 ක්වූ අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




සතියේ ගීතය

නිවෙන ගින්න

රඟන්න ආසයි සුරල් නගාලා
ගයන්න පෙම් ගී
දෙතොල් තෙමා තෙමා
හහ් හහ් හා ලලල් ලලල් ලා
ගයන්න පෙම් ගී
දෙතොල් තෙමා තෙමා
රඟන්න ආසයි සුරල් වයාලා

පාවී ආවා හොරෙන්ම නා ලොවෙන්ම
පාවී ආවා ඔබේ ගතේ වෙලෙන්න
ආශා දෑසේ ගින්න සොය සොයා

රසින් මුලා වෙලා
රුවින් මුලා වෙලා
හඬින් මුලා වෙලා
ආදරයේ

පද රචනය - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
සංගීතය - ෂෙල්ටන් ප්‍රේමරත්න
ගායනය - ඇන්ජලින් ගුණතිලක
අධ්‍යක්ෂණය – අමරනාත් ජයතිලක