වර්ෂ 2012 ක්වූ මැයි 24 වැනිදා බ්‍රහස්පතින්දා




සතියේ ගීතය

සතියේ ගීතය

තරංගා

ඈත කඳුයායේ
නීල වළාවේ
තාරකාවන් හිනැහෙන දවසේ
ඔබ හිනැහේ නම්
මාත් හිනා වෙන්නම්

රන් පිහාටු දෙන්නට කන්ද උඩින්
රන් හංස කුමරු ඒවී
නෙත් කඳුළැල් දිය සීරා
දෙපා දොවා යාවී

මා මිහිලිිය තුරුලේ නිදන දිනේ
වනන්තරේ ඔබ තනිවේ නම්
මම එහා ලොවේ සිට කතා කරන්නම්
තැවුල් නිවාලන්නම් . . .

පද රචනය – මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීත නිර්මාණය – පණ්ඩිත් අමරදේව
ගායනය – විශාරද නන්දා මාලිනී
අධ්‍යක්ෂණය – විමල් වෛද්‍යසේකර