වර්ෂ 2012 ක්වූ මැයි 24 වැනිදා බ්‍රහස්පතින්දා




නෘත්‍ය රංජන නර්තන පූජා මංගල්‍ය 26 දා ගම්පහ

නෘත්‍ය රංජන නර්තන පූජා මංගල්‍ය 26 දා ගම්පහ

භරත නෘත්‍ය රංජන කලා නිකේතනය ඉදිරිපත් කරන ‘නෘත්‍ය රංජන නර්තන පූජා රංගාභිෂේක මංගල්‍ය - 2012’ නම් නර්තන ප්‍රසංගය මෙම මස 26 වැනිදා පස්වරු 5.00 ට ගම්පහ ලුම්බිණි රංග ශාලාවේ පැවැත්වේ.

ළමුන් හැත්තෑපස් දෙනකු ඉදිරිපත් කරනා මෙම ප්‍රසංගය නර්තන අංග විස්සකින් සැදුම්ලත්ය. උපදේශකත්වය නර්තනයට උපන් හපන්කම් දක්වන රංජන චතුරංග සූරිය බණ්ඩාරයි.

ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගි වන්නේ ප්‍රවීණ ඉන්දීය භරත නාට්‍යාචාරිනී ශ්‍රීමතී වසන්තා කුමාරිය. ඇය රංජනගේ නර්තන ගුරුතුමියයි.

මෙම නර්තන ප්‍රසංගයේදී විශේෂ කටයුත්තක් ද සිදු කෙරේ. ඒ පසුගියදා ඉන්දියානු ජාත්‍යන්තර කලා උළෙලේදී මෙම කලායතනයේ ශිෂ්‍ය - ශිෂ්‍යාවන් ලද ජයග්‍රහණයට ඔවුන්ට ද මෙදින සම්මාන සහතික පත් පිරිනැමීමයි.

කලා ලොවේ කලාකරුවන් රාශියක් මෙම උත්සව අවස්ථාවට සහභාගි වීමට නියමිතය.