වර්ෂ 2012 ක්වූ මැයි 24 වැනිදා බ්‍රහස්පතින්දා




Beegees

Beegees

හිත හොඳ කොල්ලා ජීවිත වේදිකාවෙන් සමු ගනී

ලොව අතිශය ජනාදරයක් දිනාගත් සුප්‍රසිද්ධ ‘බීජීස්’ සංගීත කණ්ඩායමේ හිත හොඳ කොල්ලා නමින් විරුදාවලිය ලත් ‘රොබින් ගිබ්’ පසුගිය ඉරිදා රාත්‍රියේ ජීවිතයෙන් සමු ගත්තේය. ඒ අක්මාවේ ඇති වූ පිළිකා තත්ත්වයක් හේතුවෙනි.

අවුරුදු හැට දෙකක් වයසැති රොබින් මෙම පිළිකා තත්ත්වය හේතුවෙන් වසර දෙකක් පීඩා වින්ෙඳ්ය.

රොබින්ගේ ජීවිතය හා සමානව ආදරය කළ බීජීස් සංගීත කණ්ඩායම ඔහුගේ වියෝව වෙනුවෙන් ගීතයක් ද නිර්මාණය කිරීමට සැරැසී සිටියි.

අක්මාවේ පිළිකා තත්ත්වයට අමතරව රොබින් අධික නියුමෝනියා තත්ත්වයෙන් ද පෙළිනි.

හැත්තෑව, අසූව දශකයේදී ලොව වඩාත් ජනප්‍රිය ගීත රාශියක් තිළිණ කළ බීජීස් සංගීත කණ්ඩායමේ නිවේදක වශයෙන් ද රොබින් කලක් කටයුතු කොට ඇත.

පසුගිය වසරේ නොවැම්බර් තුන්වැනි දින බීජීස් සංගීත කණ්ඩායමේ පනස් වෙනි සංවත්සරයට ද රොබින් සහභාගි විය. මොහු බීජීස් සංගීත කණ්ඩායම ගොඩනැගීම සඳහා මුල් වූ අයගෙන් කෙනෙකි.

බීජීස් සංගීත කණ්ඩායමේ සිටින බැරි ගිබ් හා මයුරිස් ගිබ් රොබින්ගේ සොහොයුරන් වේ.