වර්ෂ 2012 ක්වූ මැයි 24 වැනිදා බ්‍රහස්පතින්දා




අභියෝගය හාස්‍යජනකයි. භාර ගනිමි

මහිල් - රොහාන් සංවාදය

අභියෝගය හාස්‍යජනකයි. භාර ගනිමි

මෙරට සිනමාවේ නූතන ඉතිහාසය රචනා කිරීමේදී එහි ඇතැම් කරුණු පිළිබඳ නිවැරැදි දත්ත සොයා ගැන්මේදී රොහාන් වැලිවිට හා මහීල් පෙරේරා අතර ඇති වුණ මේ විවාදය බෙහෙවින් වැදගත් වනු ඇත. පසුගිය සතියේ ෆයින් විෂන් ආයතනයේ රොහාන් වැලිවිට විසින් මහීල් පෙරේරා වෙත ඉදිරිපත් කරන ලද ලිපියට පිළිතුරු ලිපියක් මෙවර මහීල් පෙරේරා විසින් එවා ඇත.

සරසවිය කතුතුමා හෝ එතුමාගේ නියෝජිතයකු සමඟ රොහාන් වැලිවිට මහතා අප ආයතනයට පැමිණියහොත් වර්ණ සංයෝජනය (Color Grading) හා Red කැමරාවේ සංස්කරණ කටයුතු සිදු කරන ආකාරය පෙන්වීම සිදු කළ හැක. ඒ මහතා සමඟ ඔහුගේ වර්ණ සංයෝජන හා සංස්කාරකවරයාත් පැමිණීම අත්‍යවශ්‍ය වේ.

එවිට සරසවිය නියෝජිත මහතාට ඩිජිටල් තාක්ෂණය පිළිබඳ දැනුම ඇත්තේ කොතනකද යන්න අවබෝධ කළ හැකි වනු ඇත.

දැන් මේ අභියෝගය හාස්‍යජනක වන්නේ ඇයි දැයි පැහැදිලි කළ යුතුය.

RED කැමරාවේ දර්ශන අප මුලින්ම සංස්කරනය කළේ 2008 වසරේදීය. ඒ සෙනේශ් දිසානායක බණ්ඩාර මහතා අධ්‍යක්ෂණය කළ (Living With Hope) සිනමා ගීතය වෙනුවෙනි. අද දින RED කැමරාවේ සංස්කරණ කටයුතු ඕනෑම නවීන පරිගණකයක ර්‍ථපඥථඪඥප ඛ්ඉ5, ජ්ඪදචත ඛ්භබ ර්‍ථපධ, ඍඥඨචඵ වැනි ඕනෑම මෘදුකාංගයක සිදු කළ හැක. RED සංස්කරණ උපකරණ මා සතුව තිබේදැයි අභියෝග කිරීම හාස්‍යජනක වන්නේ එනිසාය.

වර්ණ නිවැරැදි කිරීම Color Correction  යනු වර්ණ සංයෝජනයේ එක් කොටසකි. ච්ධ් යන යෙදුම ඇතුල් වී ඇත්තේ නොදැනුවත්කම නිසා යයි සිතමි. Premier CS5, Final Cut Pro, Vegas  යනු ඩිජිටල් වර්ණ ගැන්වීම සඳහා ඩිජිටල් මාධ්‍යයට හරවන ලද පටල පටයක අතරමැදි අවස්ථාවයි). වර්ණ සංයෝජනය සඳහා Lustre. Speed Grade, Mistika, Scratch, Baselight, Color  වැනි මෘදුකාංග පද්ධති ගණනාවක් ඇති අතර Da Vinci  යනු ඉන් එකක් පමණි. අප විසින් උත්තරා වර්ණ සංයෝජනය සිදු කරනු ලැබුවේ Autodesk Luster  පද්ධතිය භාවිතයෙනි. මේ හැර Premier වැනි සංස්කරණ මෘදුකාංග තුළ පවා වර්ණ සංයෝජනය සිදු කළ හැකි උපාංග Plug In භාවිතය ඇත. දැනට ඇමරිකාවේ අති සාර්ථකව තිරගත වන Act of Valor චිත්‍රපටයේ පසු නිෂ්පාදන කටයුතු සිදු කරනු ලැබූයේ Adode මෘදුකාංග භාවිතයෙනි. වර්ණ සංයෝජනය ඉටු කරන යන්ත්‍රය පෙන්වන ලෙස කරන අභියෝග හාස්‍යජනක වන්නේ එනිසාය.

රොහාන් වැලිවිට මහතා මගේ යන්ත්‍රය පිළිබඳ නොදන්නා බව පවසා ඇත. සුසීමා චිත්‍රපටය මි මි 35 ට පරාවර්තනය කිරීම සම්බන්ධව කිහිප විටක් අප ආයතනයට පැමිණ සාකච්ඡා කොට ඇති බව මෙන්ම, චිත්‍රපට සංස්ථාවේ එවකට සභාපති කුමාර් අබේසිංහ, සහකාර සාමාන්‍යාධිකාරී ලංකා ධර්මවික්‍රම, ඩිල් ෆිල්ම්ස් අධිපති ප්‍රවීන් ජයරත්න සහ තවත් මහත්වරුන් සමුහයක් ඉදිරියේ අප පරාවර්තන පිළිබඳව ප්‍රශංසා මුඛයෙන් කතා කළ අන්දම ද දැන් එතුමාට අමතක වීම පුදුමයක් නොවේ යයි මම සිතමි.

අපගේ වැරැදුන පිටපතක් සම්බන්ධව එතුමා කරුණු දක්වා තිබේ. මේතාක් දුරට අපගේ කිසිදු පිටපතක් වැරැදී නොමැති බව මම වගකීමෙන් යුතුව ප්‍රකාශ කොට සිටිමි.

අප විසින් මේ දක්වා චිත්‍රපට 25 කට වඩා වැඩි ප්‍රමාණයක් පරාවර්තනය කොට ඇති අතර ආදරණීය වස්සානය, රන් කෙවිට, පුංචි භූතයා, ස්තුතියි නැවත එන්න, සිංහාවලෝකනය ඉන් සමහරකි. ඉන් සමහරක් විදේශීය සිනමා උළෙලයන්හිදී සම්මාන ද දිනා ඇත. (තේජා ප්ලැටිගම් සම්මානය Houston).

මෙවැනි යන්ත්‍රයක් නිපදවා තිබේ නම් එය ලංකාවට ඉතා ගෞරවයක් බව වැලිවිට මහතා පවසා ඇත. මා පමණක් නොව දිනේශ් ප්‍රියසාද් මහතාද, ලංකාව තුළ එවැනි යන්ත්‍රයක් නිපදවා ඇති බවද, එයට ද ගෞරවය හිමි විය යුතු බව මම ප්‍රකාශ කර සිටිමි. එහෙත් මඩ ප්‍රචාර හැරෙන්නට අප ලැබූ කිසිදු ගෞරවයක් නැත.

කෙසේ හෝ අපගේ පරාවර්තනයක් සහ වැලිවිට මහතා වර්ණ සංයෝජනය කොට Film Lab හි කරනු ලැබූ පරාවර්තනයක් සංසන්දනය කොට බැලීමට දැන් අවකාශය තිබේ. ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමාහලකදී පෙන්වන පූර්ව ප්‍රචාරක පට අතර අප විසින් පරාවර්තනය කරනු ලැබූ රන්කෙවිට 2 පූර්ව ප්‍රචාරක පටයත්, වැලිවිට මහතා ඉන්දියාවේදී පරාවර්තනය කරනු ලැබූ දරුවනේ පූර්ව ප්‍රචාරක පටයත් සසඳා බලා නිගමනයකට එළඹීමට පාඨක සැමට ඇරයුම් කොට සිටිමි.

මා සතු උපකරණ ප්‍රදර්ශනය නොකිරීම ද එතුමා අභියෝගයට ලක් කොට ඇත. පින්සල් ප්‍රදර්ශනය කිරීම චිත්‍ර ශිල්පියකුට අවශ්‍ය දෙයක් නොවේ. ඔහුට වඩා වැදගත් වන්නේ ඒවා භාවිතයෙන් කෙරෙන නිර්මාණයයි. රොහාන් වැලිවිට මහතාට, වඩා වැදගත් ලෙස පෙනී ඇත්තේ පින්සල් බැවින් ඒ මහතා උපකරණ ප්‍රදර්ශනය කිරීම සම්බන්ධ වරදක් ද මම නොදකිමි.