වර්ෂ 2012 ක්වූ මැයි 24 වැනිදා බ්‍රහස්පතින්දා




සඳුදා සිට I T N එන රිදී සිත්තම්

සඳුදා සිට I T N එන රිදී සිත්තම්

* චන්දික විජේසේනගේ අධ්‍යක්ෂණයක්

* ගයන්ත විජේරත්න රංගනයට

පසුගිය වසරේ ජනප්‍රියම ටෙලි සිතුවමක් වූ බොඳ මීදුම් අධ්‍යක්ෂණය කළ චන්දික විජේසේනගේ නවතම ටෙලි සිතුවම රිදී සිත්තම් එළඹෙන සඳු දින (28 දා) සෑම සතියේ දිනකම රාත්‍රී 8 ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වේ.

මෙතෙක් ගායන, වාදන සංගීත ශිල්පියකු ලෙස ක්ෂේත්‍රයේ නමක් දිනා ගත් ගයන්ත විජේරත්න (රවුම් කඩේ) රංගන ශිල්පියකු වශයෙන් රිදී සිත්තම් හරහා කල එළියට පැමිණෙයි.

සුරාජ් මාපා සහ අංජුලා රාජපක්ෂ සුපෙම්වතුන් යුවළ වන මෙහි ශ්‍රියන්ත මෙන්ඩිස්, ගිහාන් ප්‍රනාන්දු, සනත් විමලසිරි, තරුෂි පෙරේරා, සුසන්තා චන්ද්‍රමාලි, රජිත හිරාන්, මාධනී මල්වත්තගේ, සරත් කොතලාවල, නිරෝෂා තලගල, චමුපා ගොඩගේ, චන්ද්‍රසෝම බිංදුහේවා, සද්ධා උත්පල කන්දගේ, මල්කාන්ති ජයසිංහ, මාපලගම විමලරත්න, චන්ද්‍රිකා හෙට්ටිආරච්චි, ලසන්ත උඩුකුඹුර, හේමන්ත ඊරියගම, පියල් නානායක්කාර, ඉරේෂා ජයසිංහ, වෙනුෂ්කා වීරපෙරුම, මධුශාන් නානායක්කාර, තිළිණි රණසිංහ, ශානිකා බණ්ඩාර, ඒ. ජී. අත්තනගම, චතුර ප්‍රනාන්දු, නයෝමි නිසංසලා, චරිත කුරුකුලසූරිය චරිත රංගනයේ යෙදෙති.

තුෂන්ත ජිනේන්ද්‍රසිංහ කැමරා අධ්‍යක්ෂවරයාය. බනුර ජයමාල් මාලනගේ කලා අධ්‍යක්ෂණයෙන්, හේමන්ත චන්ද්‍රසේකර, විමංග ලියනගේ සංස්කරණයෙන්, පියල් නානායක්කාර විධායක නිෂ්පාදනයෙන් දායක වන මෙහි සම්පත් නානායක්කාර නිෂ්පාදන කළමනාකරුය.

ගයන්ත විජේරත්නගේ සංගීතයට දමිත් අසංක ගයන මෙහි ගී පද රචනය ප්‍රියාල් වීරසිංහගෙනි. අකිල සුදේශ් ජයසේකර සහ නිමල් කරුණාරත්න අංග රචනා ශිල්පියෝය. කතාව දෙබස් සනත් සමරනායකගෙන්ය.

ස්වාධීන රූපවාහිනිය සමඟ රන්දීප මීඩියා වෙනුවෙන් සුසන්ත විජය ගුණරත්න රිදී සිතුවම් නිෂ්පාදනය කරයි.


ජාතික රූපවාහිනියේ කුණු දැමීම තහනම්

නගරබද තිබෙන කුණු ප්‍රශ්නය වගේම මිනිස්සුන්ගේ හදවත්වල රැඳිලා තිබෙන කුණු ගැන කතා කරන ‘කුණු දැමීම තහනම්’ ටෙලි නාට්‍යය ජාතික රූපවාහිනියෙන් සෑම සතියේ දිනකම බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30 ට විකාශය වෙනවා.

‘කුණු දැමීම තහනම්’ ඔබගේ නිවෙසට රැගෙන එන්නේ චන්දන හේවාපතිරණයි. ඔහුගේ කතාව, රචනයට අනුව ලියැවුණු මේ අලුත් අදහස ඔප් නැංවෙන්නේ මොවුන්ගේ රංගනයෙන්. ඒ සරත්කොතලාවල, ජයනි සේනානායක, හේමන්ත ඊරියගම, මාධනී මල්වත්තගේ, ධර්මප්‍රිය ඩයස්, දිලිනි ලක්මාලි, අෂේන් මංජුල, නිරෝෂා තලගල, සමීර ඊරියගම කියන නළු නිළියන්ගෙන්.

කැමරා අධ්‍යක්ෂණය කරන්නේ සංජීව කුමාරගේ. වේෂ නිරූපණයෙන් ප්‍රියන්ත ඊෂ්වර නළු නිළියන් හැඩ ගන්වනවා. ප්‍රධාන සහාය අධ්‍යක්ෂ සෝමදාස මල්දෙනිය. සහාය අධ්‍යක්ෂණය චමින්ද හේවාවසම්. කලා අධ්‍යක්ෂණය සුමති කුඩලිගම. සංස්කරණය උදය සමරතුංග.

කපිල පූගල ආරච්චිගේ සත්සර මුසුවට ගයන්නේ ප්‍රදීපා ධර්මදාස සමඟ ප්‍රේම් උදය ශ්‍රී වික්‍රමසිංහ. ගී පද රචක බන්දුල නානායක්කාරවසම්. නිෂ්පාදනයෙන් චන්දන හේවාපතිරණ, පියුමාල් අභයසිරි, ආචාර්ය ජස්ටින් අබේසිරිවර්ධන සහාය වෙනවා.