වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 12 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය - 61

සිංහල සිනමා විස්තරය - 61

දාමරිකයෝ

තිරගත වූ දිනය – 1974 අප්‍රියෙල් 03

ඉදිරිපත් කිරීම - දිල්රුක් චිත්‍රපට

තිර රචනය, අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය – ඇන්ඩසන් අල්ගම

කතාව සහ දෙබස් – ඩීමන් ආනන්ද

කතා සංකල්පය – ‘සංග්‍රාම්’ නමැති හින්දි චිත්‍රපටය ඇසුරිනි

කැමරා අධ්‍යක්ෂණය – ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වා, එච්. වී. හේමපාල

සහාය අධ්‍යක්ෂණය සහ සහාය දෙබස් - ලීලානන්ද ආර්. ගුණවර්ධන

ශබ්ද පරිපාලනය – මර්වින් රුද්‍රිගු, ජෝර්ජ් මනතුංග

සැකසුම - ලංකා චිත්‍රාගාරය

රසායනය - ජෙරාඩ් සී. ජයවර්ධන

සංගීත අධ්‍යක්ෂණය – ආර්. මුත්තුසාමි

ගීත ප්‍රබන්ධය – මානෙල් පෙරේරා

ගායනය – දයා හේමන්තා අබේසේකර,

ආර්. මුත්තුසාමි, ශේන් ගුණරත්න

ගීත සංඛ්‍යාව - 02

ගීත -තෙරපෙන සිතුවිලි නලියන – දයා හේමන්තා, ආර්. මුත්තුසාමි

සිතු පැතුම් සුන් වෙලා ගියා - ශේන් ගුණරත්න

නළු නිළියන්

ශේන් ගුණරත්න, විමලා ජයවර්ධන, හෙක්ටර් අබේසිරි ද සිල්වා, ලක්මාලි රූපිකා, අනූෂා ගීතාංජලී, ජී. ටී. එච්. චන්ද්‍රසේන, මාකස් ප්‍රනාන්දු, කිංස්ලි දෙමටාව, කිංස්ලි ලියනගේ, ශ්‍යාමා අල්ගම, කල්්‍යාණවතී පෙරේරා, ජේ. ඒ. ඩබ්ලිව්. පතිරණ, ශිරෝමාලා, ලකී විජේසිංහ, රාජනී ජයලත්, රිචඩ් බියන්විල, විජය හෙට්ටිආරච්චි, ජේ. ඒ. ඩබ්ලිව්. පතිරණ

මංගල දර්ශනය- සුනේත්‍රා රූපසිංහ හා කුමාර් රූපසිංහ මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ රීගල් සිනමා ශාලාවේදී පැවැත්විණ.

ප්‍රදර්ශනය - සීමාසහිත සිලෝන් තියටර්ස් පළමු මණ්ඩලයේ සිනමා ශාලා 16 කදී ආරම්භක ප්‍රදර්ශනය ඇරැඹීය.

විශේෂ - ශේන් ගුණරත්න ප්‍රධාන චරිතයක් රඟපෑම, ගීතයක් ගැයීම හා අවසාන රඟපෑම.


ශීලා

තිරගත වූ දිනය – 1974 අපේ‍්‍රල් 05

ඉදිරිපත් කිරීම - ජේ. එස්. කම්බයින්ස්

නිෂ්පාදනය – ජේ. එස්. ප්‍රනාන්දු, ජෝ සුගන්දා

කතාව, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - ජෝ සුගන්දා

සහාය අධ්‍යක්ෂණය – ඇන්ටන් ග්‍රෙගරි

කාර්මික අධ්‍යක්ෂණය - කේ. වෙන්කට්

කැමරා අධ්‍යක්ෂණය – වී. වාමදේවන්

සංස්කරණය – එස්. වී. චන්ද්‍රන්

දෙබස් - රංජිත් පෙරේරා

කලා අධ්‍යක්ෂණය - ජේ. ඒ. වින්සන්ට්

වේශ නිරූපණය - ලෙනී කුරුප්පු

ශබ්ද පරිපාලනය – මර්වින් බෙන්ස්

රසායනය – එස්. තිරනාවුකරසු

සැකසුම - විජය චිත්‍රාගාරය

සටන් මෙහෙයවීම – ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, උපාලි ජයමහ

සංගීත අධ්‍යක්ෂණය – එම්. කේ. රොක්සාමි

ගීත ප්‍රබන්ධය – ධර්මසිරි ගමගේ, ප්‍රේමකීර්ති ද අල්විස්

ගීත ගායනය – එච්. ආර් ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, ෆෙ‍්‍රඩී සිල්වා, ටෝනි හසන්, ලතා වල්පොල

ගීත පොත් - ශාන්ති පොත්හල

ගීත -

ආසිරිපතා මල් මල් ගොතා - ඇන්ජලින් ගුණතිලක, පද – ධර්මසිරි ගමගේ

ආදරයේ හිතක් තිබේ නම් – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක,  පද – ධර්මසිරි ගමගේ

මා ප්‍රේමේ රූපිකා පෙම් ලෝකේ – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, පද – ධර්මසිරි ගමගේ

මා ජීවිතේ මේ ඉරණම දෝ - ටෝනි හසන්, පද – ධර්මසිරි ගමගේ

ඇඳුම පැළඳුමට සරිලන - ෆෙ‍්‍රඩී සිල්වා, පද - ප්‍රේමකීර්ති ද අල්විස්

මල්සර දෝතේ තුරුණු - ලතා වල්පොල, පද - සමන් චන්ද්‍රනාත් වීරසිංහ,

දුක්වේදනා විඳිමි කෙසේ – ලතා වල්පොල

නළු නිළියන් -

ටෝනි රණසිංහ, ජීවරාණි කුරුකුලසූරිය, ලංකා විජේසේන, ප්‍රෙ‍්‍ර්මකීර්ති ද අල්විස්, ඔස්ල්වල්ඩ් ජයසිංහ, රීටා රත්නායක, රෝයි ද සිල්වා, සුමනා අමරසිංහ, ඩී. ආර්. නානායක්කාර, ලලිතා අල්මේදා, දොන් සිරිසේන, ෆෙ‍්‍රඩී සිල්වා, මාක් සමරනායක, ලලිතා කුසුමා, දෙනවක හාමිනේ

ප්‍රදර්ශනය - සීමාසහිත සිලෝන් තියටර්ස් දෙවන මණ්ඩලය

මංගල දර්ශනය - 74 අප්‍රේල් 03 වෙනි දින ජනාධිපති විලියම් ගොපල්ලව සහ එම මැතිනියගේ ප්‍රධානත්වයෙන් කොළඹ රීගල් සිනමා ශාලාවේදී පැවැත්විණ.


සුරේකා

තිරගත වූ දිනය – 1974 අප්‍රේල් 27

ඉදිරිපත් කිරීම – ආර්. ටී. ෆිල්ම්ස්

නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - රොබින් තම්පෝ

තිර රචනය, දෙබස් හා ගීත ප්‍රබන්ධය - ප්‍රේමකීර්ති ද අල්විස්

කතා සංකල්පය – ‘ගලාටා කල්‍යාණම්’ දමිළ චිත්‍රපටය ඇසුරිනි

සහාය අධ්‍යක්ෂණය – බෙනඩික් ප්‍රනාන්දු

සංස්කරණය – එස්. රාමනාදන්

කැමරා අධ්‍යක්ෂණය – ලිනී ද කොස්තා

කලා අධ්‍යක්ෂණය - හෙන්රි පොත්පිටිය

නාමාවලිය - දයා කරුණාරත්න

වේශ නිරූපණය - රෙජී ද සිල්වා

සැකසුම – ආර්. ටී. චිත්‍රාගාරය

රසායනය – චන්ද්‍රලාල් හේවහෙට්ටිගේ

සංගීත අධ්‍යක්ෂණය – පී. එල්. ඒ. සෝමපාල

ගීත ගායනය – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, සුජාතා අත්තනායක, එම්. එස්. ප්‍රනාන්දු, ෆෙ‍්‍රඩී සිල්වා

ගීත සංඛ්‍යාව - 07

සීතල වතුරේ පෙණ බුබුලේ - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක

අනාගත තොරතුරු - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක

කුරුල්ලනේ මේ රජ කුමාරිට – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක

පොල්කිච්චි වාගේ රන්ඩු කරන්නේ – එම්. එස්. ප්‍රනාන්දු

කෙල්ලේ සුදු කෙල්ලේ - එච්. ආර්. ජෝතිපාල

මාමේ මේ බකමූණා - එච්. ආර්. ජෝතිපාල, ෆෙ‍්‍රඩී සිල්වා

ඔබ මගේ නම් මම ඔබේ නම් – එච්. ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක

ගීත පොත් – ආනන්ද පොත්හල

ගීත තැටි – ජෙම්ටෝන්

ප්‍රදර්ශනය – සීමාසහිත සිලෝන් තියටර්ස් සමාගමට අයත් සිනමා ශාලා 17 ආරම්භක ප්‍රදර්ශනය ඇරැඹීය.

නළු නිළියන් - තිස්ස විජේසුරේන්ද්‍ර, ජෙනිටා සරමවීර, හියුගෝ ප්‍රනාන්දු, ඔස්වල්ඩ් ජයසිංහ, රෙක්ස් කොඩිප්පිලි, එච්. ඩී. කුලතුංග, ෆරීනාලායි, ෆ්‍රෙඩී සිල්වා, එල්. එම්. පෙරේරා, බී. එස්. පෙරේරා, දයා හෙට්ටිආරච්චි, මහේෂා වීරසිංහ, ලිලියන් එදිරිසිංහ, අග්‍රා සජීවනී, පියදාස විජේකෝන්, මාටින් ගුණදාස, තෙරේසා වීරසිංහ, සඳුන් විජේසිරි

විශේෂතා - 1974 දීපශිකා උළෙල වෙනුවෙන් සෑදු වාර්තා චිත්‍රපටයක් මේ සමඟ පෙන්වන ලදී.


හදවත් නැත්තෝ

තිරගත වූ දිනය – 1974 අප්‍රේල් 24

ඉදිරිපත් කිරීම - හෙළ කලා චිත්‍රපට

නිෂ්පාදනය - ස්ටැන්ලි ජයසූරිය

තිර රචනය සහ අධ්‍යක්ෂණය - සුබයර් මකීන්

කතාව - ඒ. ජේ. සොයිසා

දෙබස් - පුන්‍යා බුලත්සිංහල

කැමරා අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් කරුණාරත්න

සංස්කරණය – ග්ලැඩ්වින් ප්‍රනාන්දු

කලා අධ්‍යක්ෂණය - සිරිල් කොඩිකාර

සටන් අධ්‍යක්ෂණය - රොබින් ප්‍රනාන්දු

සැකසුම – විජය චිත්‍රාගාරය

රසායනය – එස්. තිරනාවුකරසු

ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්

සංගීත අධ්‍යක්ෂණය - මොහොමඩ් සාලි, ෂෙල්ටන් පෙරේරා

ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර

ගීත ගායනය – රුක්මණී දේවි, ත්‍රී සිස්ටර්ස්, සුජාතා අත්තනායක, මිල්ටන් පෙරේරා, ඇන්ජලින් ගුණතිලක, ටෝනි හසන්, මොහොමඩ් සපීක්

ගීත සංඛ්‍යාව - 06

ඇයි දුක් වන්නේ කරදර වන්නේ – ත්‍රී සිස්ටර්ස්

අති සුන්දරම මල මෙන් මනුලොව - රුක්මණී දේවි

උදාගිරින් පායා දිනපතිදා - සුජාතා අත්තනායක

නිල් කේශ කලාපේ - ඇන්ජලින් ගුණතිලක, ටෝනි හසන්

දෑසේ සුනිල් තටාකේ – මොහොමඩ් සපීක්

පියඹා සරාලා පිපි මල් සොයාලා - මිල්ටන් පෙරේරා

ගීත පොත් - ශාන්ති පොත්හල, මරදාන

ප්‍රදර්ශනය - සිනමාස් සමාගමට අයත් සිනමා ශාලා 21 කදී ආරම්භක ප්‍රදර්ශනය ඇරැඹීය.

නළු නිළියන්:

රොබින් ප්‍රනාන්දු, නිටා ප්‍රනාන්දු, දෙනවක හාමිනේ, දොන් සිරිසේන, ශාන්ති ලේඛා, ඩොමී ජයවර්ධන, ලිලියන් එදිරිසිංහ, පර්ල් වාසුදේවි, සේනාධීර කුරුප්පු, රූබි ද මෙල්, ධර්ම ශ්‍රී රණතුංග, පුන්‍යා බුලත්සිංහල, ඔස්වල්ඩ් ජයසිංහ, නෙල්සන් කරුණාගම, ගාමිණී වික්‍රමසූරිය, නිහාල් සිල්වා, නලින් විජේසේකර, විල්සන් කරුණාරත්න, එම්. වී. බාලන්