වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 12 වැනිදා බ්‍රහස්පතින්දා




ස්වර්ණ ජයන්තිය අභිමුව

 ස්වර්ණ ජයන්තිය අභිමුව

සරසවිය පනස් වැනි වසරට පා තැබුවේ පසුගිය දහ වැනිදායි. ලේක්හවුස් ආයතනයේ සභාපති, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා හා අධ්‍යක්ෂ මණ්ඩලයේ මඟ පෙන්වීමෙන් සරසවිය කර්තෘ මණ්ඩලය සංවිධානය කළ සෙත් පිරිත් සජ්ජායනයක් ආයතන පරිශ්‍රයේදී පැවැත්විණ.


 

ලේක්හවුස් සභාපතිතුමා , අධ්‍යක්ෂ මණ්ඩලය, ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් සහ සරසවිය කර්තෘ මණ්ඩලය සෙත් පිරිත් සජ්ජායනයේ ආශිර්වාදය ලබමින්.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍යය මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර හිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නය.සභාපතිතුමන් ඇතුළු කර්තෘ මණ්ඩලයට මහා සංඝරත්නයේ ආශිර්වාදය.

සභාපතිතුමන්, මෙහෙයුම් අධ්‍යක්ෂතුමන් හා කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂතුමන් සරසවිය කර්තෘ මණ්ඩලය සමඟින්.

නවීකරණය වූ සරසවිය වෙබ් අඩවිය අන්තර් ජාලයට
මුසු කරමින්.
ලේක්හවුස් සභාපතිතුමා, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් හා මෙහෙයුම් අධ්‍යක්ෂ උපුල් දිසානායක යන මහත්වරුන් අලුත්වූ සරසවිය පුවත්පත කියවමින්.