වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 12 වැනිදා බ්‍රහස්පතින්දා




සතියේ ගීතය

සතියේ ගීතය

සැකය

සඳ රැජිනියනේ වැජඹෙන ගුවන අරා
දුටුවද මාගේ හද දිනු සුපෙම්බරා
තරු පායා දිලි දිලි මෝරා
එනවාද මඟ තෝරා

සුළඟ හමා එන දසතින්නේ
ඔහුගේ සුවඳ ද ගෙන එන්නේ
ළා දළු පොපියා නැළවෙන්නේ
ඒ කට හඬ මට පවසන්නේ

රන් විමනේ නිල් අඹරෝරේ
ඔබ රූපය එවනා බව තේරේ
පා ඔසවා පෙම් ගං තීරේ
එනු මා වෙත දී ශෘංගාරේ

ගී පද – කරුණාරත්න අබේසේකර

සංගීතය – එම්. කේ. රොක්සාමි

ගායනය - සුජාතා අත්තනායක

අධ්‍යක්ෂණය - ඊ. රත්නම්