වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 12 වැනිදා බ්‍රහස්පතින්දා




තව පොඩ්ඩෙන් එදා මං ඉවරයි

ජීවන මඟ රැඳිලා තියෙන්නේ මෙගාවල සුනෙත් රසාංග

‘රෝයිට සහය අධ්‍යක්ෂවරයෙක් අවශ්‍යයි’ මෙය කලකට පෙර සරසවිය පුවත්පතේ සටහන් වූවකි. මෙය දුටු එක් සිනමාලෝලී තරුණකයකු තමන්ගේ වාසනාව උරගා බලන්නට තැපැල්පතක් යොමු කළේය.

වාසනාවත්, දක්ෂතාවයත් නිසාම රෝයි ද සිල්වා අධ්‍යක්ෂවරයාගේ සහය අධ්‍යක්ෂවරයකු ලෙස ක්ෂේත්‍රයට පැමිණි ඔහු සුනෙත් රසාංග.

සුනෙත්ගේ කලා ජීවිතයේ මතකය අවදි කරමු.

‘සරසවිය පුවත්පත හා රෝයි ද සිල්වා චිත්‍රපට අධ්‍යක්ෂවරයා නිසා සහය අධ්‍යක්ෂවරයකු ලෙස ගමන ඇරැඹූ මම දැනට චිත්‍රපට හතක් සහ ටෙලි නාට්‍යය විසි පහක් සඳහා සහය අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙනවා. දැනට මම අවසන් වරට සහය අධ්‍යක්ෂණයෙන් දායක වුණේ ‘විජය කුවේණි’ චිත්‍රපටයට. රෝස කටු, අවංකා, ලොක්කයියා, යර්ස් බොස්, නිල් දිය රළ, ටූ ඉන් වන්, දඹුකොළ පටුන, නිලංජනා, වැසිදා ඇතුළු ටෙලි නාට්‍යයන්ට දායක වෙලා තියෙනවා. ඒ අතර සම්මානයට පාත්‍ර වුණු ටෙලි නිර්මාණ සඳහාත් මම සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබුණා.

කලා ක්ෂේත්‍රය ගැන රසාංගට තියෙන්නේ මොන වගේ අදහසක්ද?

ක්ෂේත්‍රයේ වරදක් නෑ. හොඳට හිටියොත් හොඳයි. හොඳ නිර්මාණයන් ඇගයීමකට ලක් කරමින් ධෛර්යමත් කළ යුතුයි.

සහය අධ්‍යක්ෂවරයෙක් ලෙස මෙගා ටෙලි නාට්‍යයන් ගැන ඔබට තිබෙන්නේ මොන වගේ අදහසක්ද?

ජීවන මාර්ගය රැඳිලා තියෙන්නේ මෙගාවල තමයි.

සුනෙත්ගේ වර්තමානය සහ අනාගතය ගැනත් කතා කළොත්?

වර්තමානය නම් හොඳයි. ඒ වගේම අනාගතයත් හොඳ වෙවි කියලා මම විශ්වාස කරනවා.

මේ දිනවල මගේ කලා කටයුතු ගැන සඳහන් කරනවා නම්, ‘සමනළ සිහිනය’ ටෙලි නාට්‍යයට සහය අධ්‍යක්ෂණයෙන් දායක වුණා. දැන් ඒකේ වැඩ කටයුතු නිමයි. ඊට අමතරව මම ‘සමනළ සිහිනය’ ටෙලි නිිර්මාණයෙන් ඉදිරියේදී ප්‍රේක්ෂකයින්ට මගේ රංගන හැකියාවත් දැකගන්න ලැබේවි. ඉදිරියේදී පරාක්‍රම ජයසිංහගේ චිත්‍රපටයක් සඳහාත් සහය අධ්‍යක්ෂණයෙන් දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. ඔන්න ඔහොමයි දැනට මගේ වර්තමානය සහ මම හිතන අනාගතය. වෙනසක් වුණොත් හෝ අලුත් වුණොත් හෝ මම කියන්නම්.